දුම්රිය ගමන්වාර දැනුම්දෙන Rdemns Mobile App

වැඩිදෙනෙක් තමන්ගේ දෛනික ගමනාගමනය සඳහා වැඩිපුරම යොදාගන්නේ දුම්රියයි. බොහෝ දෙනෙක් දුම්රියෙන් ගමන් කරන්නේ තමන්ගේ ගමන් මහන්සි අවම කරගැනීමටත් මාර්ග තදබදයට අසුනොවී ඉක්මනින් ගමනාන්තය ළඟාවීමටයි. නමුත් දිනපතා අපි දුම්රියෙන් ගමන් ගන්නා විට ඇතිවන ප්‍රධාන ගැටලුවක් තමයි දුම්රිය ප්‍රමාද වීම සහ කාර්මික දෝෂයන්ට ලක්වීම. මෙම කාලීන ගැටලු හඳුනාගෙන RDEMNS Admin ඇඩ්මින් මඩුල්ල මෑතකදී හඳුන්වා දෙනු ලැබූ RDEMNS mobile app එක ඉතාම ජනප්‍රිය වුණා. මුලදී ඇන්ඩ්රොයිඩ් දුරකථන සඳහා මෑතකදී ඇපල් දුරකථන සඳහාත් මෙය හඳුන්වාදෙනු ලැබුවා. RDEMNS කියන්නේ රජයේ දුම්රිය මගීන්ගේ නිල සමූහයයි. ෆේස්බුක් ගෲප් එකක් ලෙස ගොඩනැඟුණු මේ හරහා මගීන්ට දුම්රිය ප්‍රමාද වීම කාර්මික දෝෂයට ලක් වීම කලින් දැනුවත් කරන කරනු ලැබීම සඳහා කෙටි කාලයකදී වැඩි පරිශීලකයන් ගණනක් මේ සමග සම්බන්ධ කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා.
ඇප් එක භාවිතා කිරීමෙන් දුම්රිය ප්‍රමාද වීම් දුම්රිය කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය අවලංගු වී විශේෂ දුම්රිය ධාවනය වීම ඉතා පහසුවෙන් දැනගත හැකි වෙනවා. එමෙන්ම මෙම ඇප් එක මගින් ඔබගේ ගමන් මාර්ගය ලබාදීම මගින් ඉහත ඇලට් ඔබ වෙත ළඟා කරගත හැකි වෙනවා. තවදුරටත් වැඩි දියුණු කිරීමට සැරසෙන මේ app එක හරහා ඉදිරියේදී offline time table ටයිම් ටේබල් දිවයිනේ සියලුම දුම්රිය මාර්ගයන්හි ගමන් වාර වේලාවන් අන්තර්ජාලය නොමැතිව වුවත් ලබා ගැනීමට හැකියාව ලැබේවි. තවද
Share my train with GPS මගින් ඔබ ගමන් කරන දුම්රිය ඇති ස්ථානය අනෙක් අයට දැනුවත් කිරීමට හැකියාව ලැබේවි.
lost and found items දැනටමත් එෆ්බී නැති වූ යමක් සොයා ගත් විට ඒ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කිරීම සිදු කරනවා. මෙමගින් අදාළ මගියා වෙත නැති වූ දෙය සහ දැනට එය ගත හැකි ස්ථානය සොයාගත හැකි වෙනවා. මෙය වැඩිදියුණු කරමින් ඉදිරියට මොබයිල් ඇප් මගින් ඔබට පහසුකම් අත්විදීමට හැකියාව ලැබේවි.
Station contact number හරහා හදිසි අවස්ථාවකදී අවශ්‍ය දුම්රිය ස්ථානයේ දුරකථන අංක දැනගැනීමට හැකියාව ලැබේවි.
Railway education articles තුළින් දුම්රිය සේවය ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් ඊට පහසුකම් ඔබ වෙත ලැබෙනවා.
Common Q& A මගින් කාටත් එදිනෙදා මතුවන ගැටලු වලට පිළිතුරු ලබාගැනීමට හැකි වන අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගන්නා ආකාරය දුම්රිය මගින් භාණ්ඩ යැවීම සිදු කරන ආකාරය ප්‍රවේශපත්‍ර වෙන් කරගන්නා ආකාරය වැනි ගැටලු වලට පිළිතුරු ලබාගත හැකි වෙනවා.
railway security contact පහසුකම හරහා ආරක්ෂක සේවයේ උදව් ලබාගැනීමටත් හදිසි අවස්ථාවන්වලදී දැනුම් දීමටත් හැකියාව ලැබෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
507 Views
Comments