මුදල් වලට නිගරු කර මුදල් බලාපොරොත්තු වෙනවාද?

අපි මුදල් වලට ආදරය කරන්න අවශ්‍යයි. මුදල් නැත්නම් පුද්ගලයත් පවුලත් රටත් අගරු වෙනවා. මුදල් වලට ආදරය කරන්න. ඒවාට ගරු කරන්න. ගරු කරන්න පටන් ගත්තොත් මුදල් අපි ළඟ නවතිනවා. මුදල් වලට නිගරු කරන කෙනෙකු ළඟ මුදල් නවතින්න කැමති නැහැ. ඒ නිසා මුදල් තව කෙනෙකුට ගෙවන විට අත් දෙකෙන්ම දෙන්න අවශ්‍යයි. මුදල් අපේ අතට එනකොටත් අපි අත් දෙකෙන්ම බාරගන්නා අවශ්‍යයි. යම් ගෙවීමක් වෙනුවෙන් කෙනෙක්ගෙන් ඔබට අඩු මුදලක් අතට ලැබුණත් බලාපොරොත්තු වූ මුදල නොලැබුණොත් කීයක් අතට ආවත් ගැටළුවක් නැහැ එතැන අඩුවැඩි බලා පස්සේ කටයුතු කරන්න. මුදල් වලට තියෙන ගෞරවය ඔබේ සිතින් පලා යන්න දෙන්න එපා. ඇතැම් පුද්ගලයන් මුදල් වලට අගෞරව කරන්නේ මුදල් අවශ්‍ය නොවන නිසාම නොවෙයි. මුදල් තමන්ට නැති නිසා තමන්ට නොලැබෙන නිසාත් මුදල් සමග ඇති කරගන්නා කිසියම් අමනාපයක් නිසයි. ඔබ මුදල් සමග අමනාපයෙන් කටයුතු කරන විට ඒවා වියදම් වෙන්න කුමක් හෝ මාර්ගයක් පෑදෙනවා.
මුදල් වලට විතරක් නොවෙයි ඕනෑම දේකට ගහකට කොලකට ගෙදර ගෘහ භාණ්ඩ වලට ඉඩකඩම් යාන වාහන වලට නිසි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. ඔබ මුදල් ඉතිරි කිරීමට ආශාවක් දක්වමින් සිත මුදල් වෙත යොමු කරන කෙනෙක් නම් ඔබ වෙත මුදල් ගලා එනවා. ඒ විශ්වයේ ආකර්ෂණීය බවයේ නීතිය අනුවයි. මේ නිසා හැම දෙයක්ම අපට ආකර්ෂණය වෙලා නිරුපද්‍රිතව ලැබෙන්නේ ඔබ එම භාණ්ඩ වලට දක්වන ගෞරවය අනුවයි. කිසිම දෙයකට පරිභව කරන්න එපා. මනුස්සයෙකුට අගෞරව කළ වහාම ඒ මනුස්සයා ඔබෙන් ඈත් වෙලා යනවා. අජීවී දේකට වුණත් මේ නීතිය මෙලෙසම බලපානවා.
මුදල් ඉතිරි කරන්න. හැබැයි ළඟ තියාගන්න එපා. ඔබේ නමින් අද සිටම බැංකුවේ දාන්න. මුදල් නිකරුණේ අනවශ්‍ය ලෙස වැය කරන්න එපා. දකින දකින දේ ගන්න වියදම් කරන්න එපා. මුදල් වලට ආදරය කරන්න. මාරු සල්ලි ආවම ලොකු ප්ලාස්ටික් බෝතලයක පියන කාසි දාන සිදුරක් සාදා කැටයක් ලෙස භාවිතා කරන්න. ඉන් කුඩා ලෙස වියදම් වුන මුදල් ඉතිරි වෙන හැටි ගොඩ ගැහෙන හැටි ඔබට දැනේවි.
ඔබේ ප්‍රාර්ථනාවන් ඉටු කිරීමට ලොකුම බලය තියෙන්නෙ මුදල් වලට. ඒ බලවතාගේ සහාය අපි ලැබුවොත් අපිත් බලවතුන් වෙනවා. ඒ නිසා බලවතුන්ට නිගරු කරන්න එපා. ඔබ ලගටත් සල්ලි එන ස්වභාව ධර්මයේ නීතිය අනුව ගෞරවයේ සුන්දර ප්‍රතිඵලය ඔබත් භුක්ති විඳින්න.
by Dilki Shamani
Photo Source: Internet
459 Views
Comments