බ්‍රහස්පති සහ සෙනසුරු එක මත එක වැටේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

බ්‍රහස්පති සහ සෙනසුරු එක මත එක වැටේ

බ්‍රහස්පති සහ සෙනසුරු එක මත එක වැටේ

ස්වාභාව දහමේ විශ්මිත වූ දසුන්.. උල්කාපාත වරුසා, සූර්යග්‍රහණ මේ සියල්ලම උදුවප් මාසයේ දිස් වෙත් දී තවත් ඉතා අපූර්ව දසුනක් 2020 වසර අවසානයේ දී අපට දැකබලාගන්නට වරම් ලැබෙනවා. ඒ සෙනසුරු ග්‍රහයා දෙසැම්බර් 21 වනදා බ්‍රහස්පති ග්‍රහයා සමඟ පෙලගැසීමයි. එහිදී බ්‍රහස්පති සහ සෙනසුරු දෙක සමීපතම ලෙස නිරීක්‍ෂණය කළ හැකි වීමත් විශේෂත්වයක්.

නාසා හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ ලේඛකයෙකු හා නිෂ්පාදකයෙකු වන ප්‍රෙස්ටන් ඩයිච්ස් පවසන ආකාරයට " මෙය ඉතා දුර්ලභ අවස්ථාවක් " නැවතත් 2080 වසර වන තෙක් මෙවැනි ආකාරයේ සිදුවීමක් දැක බලා ගත නොහැකි බව ඔහු වැඩිදුරටත් සදහන් කළා. එනම් වසර 60 කට පසුවයි.

සාමාන්‍යයෙන් තාරකා විද්‍යාවේදී, ඕනෑම තාරකා විද්‍යාත්මක වස්තූන් දෙකක් (ග්‍රහක, චන්ද්‍රයන්, ග්‍රහලෝක, තාරකා වැනි දෑ) පෘථිවියේ සිට නිරීක්ෂණය කරන විට අහසේ සමීපව දිස්වන විට එය සංයෝජනයක් ( Conjunction ) ලෙස හැදින්වෙයි.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වූ ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ ආකාරයට අහසේ ඉතා සමීපව දෙසැම්බර් 21 වන දින දිස්වන අතර, මෙම සිදුවීම ඉතා පහසුවෙන් දැකගත හැකි බවද තාරකා විද්‍යා අධ්‍යාපන සහ හිටපු ග්‍රහලෝකාගාර අධ්‍යක්ෂ ජෙෆ්රි හන්ට් පවසයි.

 



"දකුණු අහසේ මෙම ග්‍රහලෝක සොයා ගැනීමට නම්, හිරු බැස යෑමෙන් පසු නිවසෙන් පිටතට යන්න" හන්ට් තවදුරටත් උපදෙස් දෙයි. "දුරේක්ෂයක් හෝ බය්නොක්‍යුලර් එකක් ( දුරදක්නයක් ) වුවද මේ සදහා උපකාරී කරගත හැකියි. බ්‍රහස්පති ග්‍රහයා පසුකර සෙනසුරු ග්‍රහයා යන විට මෙම යුගලය සමීපතම ලෙස හොදින් දිස්වේ.

සෙනසුරුගේ වළලු සහ බ්‍රහස්පතිගේ දීප්තිමත්ම හා විශාලතම චන්ද්‍රයන් සිව්දෙනා මෙසේ දුරදක්නයක් හෝ දුරේක්ෂයකින් ආධාරයෙන් දැකගත හැකි වෙනවා.

මේ මොහොතේ ඡායාරූප ගැනීමට කැමති අයටද ඒ සදහා අවකාශය ලැබෙනවා. තත්පර 10 ක් දක්වා නිරාවරණ සහිත ට්‍රිපෝඩ් සවිකර ඇති කැමරාවකට මේ ග්‍රහලෝක පැහැදිලිව ඡායාරූපගත කළ හැකි බව හන්ට් පවසයි.

 


පැහැදිලි අහසක් සහිත පෘථිවියේ ඕනෑම ස්ථානයක සිට නැරඹීමට හැකි මෙම සිදුවීම, "මිනිසෙකුගේ ජීවිත කාලය තුළ තුන් වතාවක් හෝ හතර වතාවක් පමණක් දැකබලා ගැනීමේ වරම් ලැබේ. එය පරම්පරාවක් ගතවීම සනිටුහන් කරයි" යනුවෙන් හන්ට් පවසයි.

"මම පවුල්වලට දිරිගන්වන්නේ, තම දරුවන් සමග පිටතට ඇවිත් මෙම දසුන අනිවාර්යයෙන්ම ඔවුන්ට දැකීමට ඉඩ සලස්වා, වසර 20 ක් තුළ ග්‍රහලෝක නැවත එකිනෙකට සමීප වන බවත් දරුවන්ට පවසන්න. එවිට ඔවුන්ගේ වයස කීයද යන්නත් විමසන්න." අවසාන වශයෙන් හන්ට් පැවසීය.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

764 Views

Comments

arrow-up