රත්තරන් වර්ග ගැන
ලෝකය පුරා තියෙන විවිධ රත්රන් වර්ග ගැන ඔබ දන්නවාද? මේ ඒ පිළිබඳ සටහනක්.
රත්‍රන් පිළිබඳ කතාබහ ඇතිවන්නේ අද ඊයෙක නම් නෙවෙයි. ඊජිප්තුවේ සිට පාරාවෝවරුන්ගේ සොහොන් සැරසිලි දක්වාම රත්‍රන් භාවිතා වෙලා තිබුණ බවට සාක්ෂි අනාවරණය වෙලා තියෙනවා. රත්‍රන් කියන්නේ අතීතයේ සිටම මිනිසුන් වටිනාකමකින් යුත් පාෂාණයක් ලෙස සලකලා තියෙනවා. රත්‍රන් කියන්නේ අනෙක් ලෝහ වලට වඩා බොහොම පහසුවෙන් ඔපමට්ටම් කරන්න පුළුවන් ලෝහයක්. ඒ වගේම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමග මිශ්‍ර කරන්න පුළුවන් ලෝහයක්. සාමාන්‍යයෙන් අපි ගන්නේ සිදුම රත්තරන් විදිහට කැරට් 24 රන් විශේෂයයි. ඒවා සවි ශක්තියෙන් බොහොම දුර්වලයි. රත්තරන් වල ඝනත්වය එකිනෙකට වෙනස් වෙනවා. ඒ වගේම නවීන තාක්ෂණයත් එක්ක විවිධ වර්ණ වල රත්තරං වෙළදපලට පැමිණෙනවා. ඔබ රන් ගැන යම් දැනීමක් සහිත නම් රන්වල වර්ණය දුටු සැණින් ඔබට එය මුසුකර ඇති ලෝහය ගැන අවබෝධයක් ගන්න පුළුවන්.
සුදු රත්තරන්
ඔබ මිලදී ගන්න රත්තරන් වල වර්ණය සුදු නම් එහි තේරුම වන්නේ එයට නිකල් මැග්නීසියම් හෝ පැලඩියම් යන වර්ග තුනෙන් එකක් එක් කර තියෙන බවයි. සාමාන්‍යයෙන් සුදු රත්තරන් කැරට් දාහතර යන අගයෙන් යුතු වෙන අතර එහි තේරුම රත්තරන් වල මුලු බරින් සියයට 58.5%ම පිරිසිදු රත්තරන් බවයි. ඊට අමතරව තඹ 21%ක් සින්ක් 7.5%ක් නිකල් 12% ක් එයට යොදාගෙන තියෙනවා. මීට අමතරව සුදු රන් ආභරණ වලට රෝඩියම් ආලේප කරනවා. ඒ සුදු වර්ණය සහ දීප්තිය ඉස්මතුවී පෙනීමට.
රෝස රත්රන්
රෝස පැහැය ඇති රන් වලින් ඔබේ ආභරණ තනා තිබෙනවා නම් එහි තේරුම ඔබේ රන් වලට තඹ වැඩි ප්‍රතිශතයක් එකතු කර තියෙන බවයි. තඹ වැඩියෙන් එකතු කරන විට රන් පැහැය අඳුරු රතු පැහැයක් ගන්නවා. ඒ අතර එහි මුළු බරින් පිරිසිදු රන් පවතින 75%ක් පමණ. ඒ කියන්නේ එහි ඝනත්වය කැරට් 18 කින් යුක්ත බව .ඉතිරි 25% මිශ්‍ර කර තිබෙන්නේ තඹ ලෝහවලින්.
කොළ රත්තරන්
රත්තරන් වලට රිදී එකතුකර හරිත වර්ණ රත්රන් නිපදවනවා. එවිට මුළු රන් සංයුතියෙන් 66%ක් පිරිසිදු රන් වන අතර ඉතිරි 24% ට රිදී එකතු කරනවා. මේවා හරිත වර්ණ රන් නිපදවනු ලබනවා.
මේ වර්ග වලට අමතරව වෙනත් පාට වල රන් නිපදවනු ලැබුවත් ඒවා වෙළඳපලේ එතරම් අලෙවියක් වාර්තා නොකරන අතර වැඩිම ඉල්ලුමක් පවතින්නේ ස්වභාවික කහ රත්රන් වලටයි.
by Dilki Shamani
Photo Source: Internet
4315 Views
Comments