හීන වල අරුත ඔබ දන්නවාද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

හීන වල අරුත ඔබ දන්නවාද?

හීන වල අරුත ඔබ දන්නවාද?

මිනිස්සු හීන දකිනවා. සමහරු හීනෙන් බය වෙනකොට තවත් අය දවල් හීන දකිනවා. හීන කියන්නේ එදිනෙදා ජීවිතයේ සිදුවීම් වල සිතුවිලි නිසා නින්දෙන් මැවෙන දේවල් කියලා කෙනෙක් කියනකොට තවත් සමහරු ඊට වඩා තරමක් බැරෑරුම් විදියට හීන ගැන හිතනවා. කොහොම වුණත් හීනවල තේරුම් හොයන්න මිනිස්සු උනන්දු වුණේ අද ඊයෙක ඉදලා නෙවෙයි. හොඳම සාක්ෂිය තමයි කොසොල් රජතුමා විසින් දුටු හීන දාසයට බුදුරජාණන් වහන්සේ දුන් අර්ථකථන. නිතර දකින හීනවල තේරුම ටිකක් බලමු.

දියේ ගිලෙනවා දැක්කොත්
එය අසුබ පල ගෙන දෙන රෝග පීඩා දුක් කරදර මරණය ගැන අනතුරු අඟවන හීනයක් බවටයි සැලකෙන්නේ. මනෝ විශ්ලේෂකයන් අදහස් කරන්නේ දියේ ගිලීම මගින් සංකේතවත් කරන්නේ තමන්ට දරාගන්න නොහැකි තරම් හැඟීම් ගොඩකට හසුවීම. දරාගන්න බැරි තරම් ප්‍රශ්න තියෙන අපහසු කාල සීමාවක් ගෙවනකොට මේ වගේ හීන නිතර දකිනවා.


හපාකන බල්ලන්
දේව දෝෂයට ලක් වූ කාලවල් වල බල්ලන් හීනෙන් පේනවා කියනවා. හීන විශ්ලේෂකයන් පවසන්නේ මිත්‍රයකුගේ ද්‍රෝහී වීමක් මේ සිහින වලින් සංකේතවත් කරනවා කියලා.


සර්ප දෂ්ඨනය
ස්ත්‍රීන්ගේ ගැබ් ගැනීම් නයි සිහින තුළ දැකීමෙන් පෙන්නුම් කරන බව. කළු නයෙක් සිහිනෙන් දැකීම කරදර ඇති කරන අසුබ සිහිනයක් වුනත් සුදු නයෙක් දැකීම ධන ලාභ ගෙනදෙන වාසනාවන්ත හීනයක් විදියට සලකනවා. නයෙක් දශ්ට කරනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයකින් මිදීම නිරූපණය කෙරෙනවා.


උඩින් බිමට වැටීම
යම් උස ස්ථානයක ඉදලා වැටෙන එක නම් හොඳ හීනයක්. සම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව නම් බිමට වැටෙනවා කියන්නේ වාසනාවන්ත කාලෙක පෙර නිමිත්තක්. නමුත් මනෝවිශ්ලේෂකයන් කියන්නේ වැටීම් වලින් පෙන්නුම් කරන්නේ ජීවිතේ කිසියම් දෙයක් පිළිබඳ තියෙන පාලනය අඩුවීමක්. හීන මගින් තමන් ඇද වැටෙන ස්ථානයක තමන්ගේ පාලනයෙන් තොර කාරණය පිළිබිඹු කරන්න පුළුවන්.

 

 

 


දත් වැටීම
මේ හීනය නම් ගොඩක් දෙනෙක් දැකලා ඇති. අපිව බය කරන හීනයක් කිව්වොත් හරිම නිවැරදියි. දත් වැටෙන එක ගැන ජෝතිෂය සලකන්නේ මේ ඉතාම අසුබ හීනය කියලා. දත් වැටීමෙන් තමන්ගේ නැත්නම් හිතවතකුගේ මරණයක් වුණත් වුනත් සංකේතවත් වෙන්න පුළුවන්. ඊට අමතරව දරුණු විපත් භයානක අනතුරු වලට මුහුණ පාන්න සිදුවන බව මේ හීනෙන් අනතුරු අඟවනවාලු.

සිහිනෙන් එන කාන්තාවන්
නිරුවත් කාන්තාවක් හීනෙන් දැකීම සුභ සිහින හැටියටයි සලකන්නේ. ඉන් පෙන්නුම් කරන්නේ ලගදීම සතුටුදායක ආරංචියක් දැනගන්න හැකිවන බව. සේවිකාවක් දැකීම නම් එතරම් සුබ වෙන්නේ නැහැ. ඉන් ධනහානි නින්දා අපහාස වගේ දේවල් ගැන අනාවැකි පළ වෙනවා. සිහිනෙන් දකින කාන්තාව සුදු ඇඳගත් කාන්තාවක් නම් එය යහපත් හීනයක් හැටියටයි හඳුන්වන්නේ.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

24815 Views

Comments

arrow-up