මරියානා ආගාධයේ අමුතු සත්තු

ලොව ගැඹුරුම ආගාධය ලෙස සැලකෙන මරියානා ආගාධය ජීවයෙන් තොර කලාපයක් නොවෙයි.
මරියානා ආගාධයේ දැඩි කලුවරට සහ සීතලට ඔරොත්තු දෙන සත්ත්ව විශේෂ සිටිනවා. එහෙත් මේ ආගාධයේ ආහාර ඉතාම සීමිතයි. ඒ නිසාම ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් මීතේන් සහ සල්ෆර් වගේ රසායනික ද්‍රව්‍ය මත යැපෙන බව සොයාගම්ගෙන තිබෙනවා. මෙහි මඩ තට්ටු වල ආසන්න වශයෙන් ක්ෂුද්‍ර ජීවීන් වර්ග 200 විතර ජීවත්වන බව සොයාගෙන තිබෙනවා. මේ ගැඹුරු ආගාධයේ ජීවත් වන්නේ ක්ෂුද්‍රජීවීන් පමණක් නොවෙයි.
ඩොම්බෝ කියන බූවල්ලන් විශේෂය ජීවත් වෙන්නේ මරියානා ආගාධය ආශ්‍රය කරගෙන. ලොව ගැඹුරේම ජීවත්වන බූවල්ලන් විශේෂය විදිහට තමයි මෙයාලව හඳුන්වන්නේ.
ඒවගේම කෙටේරියක හැඩයෙන් යුක්ත ඩීප් සී හෙච්ට් ෆිෂ් විශේෂය මරියානා ආගාධයේ අඩි 5000 විතර ගැඹුර ජීවත් වෙනවා කියලා සොයාගෙන තියෙනවා. මරියානා ආගාධය ආශ්‍රය කරගෙන ජීවත්වෙන අනිත් වෙන අනිත් සතුන්ට වගේම මේ මත්ස්‍යයින්ටත් රසායනික ක්‍රියාවලියක් මගින් ආලෝකය නිපදවා ගන්න පුලුවන්ලු.
සිරුරේ තියුණු දත් තියන නිශ්චිත සිරුරට හැඩයක් නැති විශාල ඇස් තියන අගලක් විතර ශරීරයක් තියෙන සී ඩෙවිල් ඒන්ගල් ෆිෂ් හම්බ වෙන්නේත් මේ ආගාධයෙන්. ඉතාම අස්වාභාවික ප්‍රජනන ක්‍රමවේදයක් තියෙන සත්තු විශේෂයක් විදිහට තමයි මෙයාලා ප්‍රසිද්ධ. මොකද ප්‍රජනනයේදී පිරිමි මත්ස්‍යා පරපෝෂිතයකු වගේ ගැහැණු මත්ස්‍යයාගේ සිරුරට බද්ධ වෙනවාලු. ප්‍රජනනයෙන් පස්සේ පිරිමි සතා සම්පූර්ණයෙන්ම ගැහැණු සතාගෙන් යැපෙන්නේක් බවට පත් වෙනවලු.
Sarcastic Fringhead
සාමාන්‍යයෙන් අඟල් දහයක් හෝ 12 කට වඩා දොළහකට වඩා නොවැඩෙන මෙම මත්ස්‍යයන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ neoclinus blanachardi ලෙසයි. ප්‍රමාණයෙන් කුඩා වුණත් සිරුරට සාපේක්ෂව ඉතාම ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂයක් ලෙස සැලකෙන මොවුන් තර්ජනයක් එල්ල වූ විටෙක හැකි තරම් පළල් ලෙස මුඛය විවර කරන අතර තමන් ළඟට එන අනෙකුත් විලෝපිකයන් ගිල දැමීමට හැමවිටම උත්සහ කරනවා. මෙය ඉතාම සාර්ථක ආරක්ෂක ක්‍රමයක් බව සාගර විද්‍යාඥයන් පවසනවා.
Frilled shark
ඓතිහාසික යුගයේ අඩුවෙන්ම පරිණාමනය වූ සත්වයෙක් ලෙස මේ සතා සැලකෙනවා. මොවුන් මිහිමත බිහිවී ඇත්තේ අදින් වසර මිලියන 80කට පමණ පෙරයි. සාමාන්‍යයෙන් අඩි 5000 පමණ ගැඹුරු මුහුදේ දී හමුවන මේ සතුන් ආඳකු මෙන් දිගින් යුතු වන අතර තියුණු දත් තුන්සීයක් පමණ උන් සතු වෙනවා.
බලාගෙන යනකොට ලොව ගැඹුරුම ආගාධය වෙනම ලෝකයක් වගේයි. ඝණ කළුවර අධික සීතලේ හිතාගන්න බැරි බැරි තරම් පීඩනයකින් යුතු මේ ගැඹුරු මුහුදේ ඇත්තටම මොනවා වෙනව ඇද්ද?
by Dilki Shamani
Photo Source: Internet
1618 Views
Comments