ඒඩ්ස් සුව කරගත් ලන්ඩන් රෝගියා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

ඒඩ්ස් සුව කරගත් ලන්ඩන් රෝගියා

ඒඩ්ස් සුව කරගත් ලන්ඩන් රෝගියා

ඒඩ්ස් රෝගය හඳුන්වන්නේ ලොව සුව කළ නොහැකි රෝගයක් ලෙසයි. නමුත් ඔබ දන්නවාද ඒඩ්ස් රෝගය සම්පූර්ණයෙන්ම සුවකරගත් රෝගීන් දෙදෙනකු දැනට ලෝකයේ සිටින බව. එලෙස සුව වූ කැස්ටලිජෝයි පිළිබඳ සටහනක් මෙහි දැක්වෙනවා.


ලන්ඩන් රෝගියා යන අන්වර්ථ නාමයෙන් මීට වසරකට එපිටදී ඔහුව හඳුන්වනු ලැබූවේ ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ලොව දෙවැනියා ලෙස වාර්තා අතරට එක්වීම නිසයි. කැස්ටලිජෝයි සුවිශේෂී වන්නේ ඒඩ්ස් රෝගයෙන් පමණක් නොව ඒ හා සමාන මාරාන්තික රෝගයක් වන හිම්ෆෝමා පිළිකාවෙන් ද එකවර සුවය ලබා සිටින පුද්ගලයකු නිසයි.
වෙනිසියුලාවේ කැරකස් නුවර උපන් කැස්ටලිජෝයිගේ පියා ස්පාඤ්ඤ හා නෙදර්ලන්ත සම්භවයකින් යුතු වුණා. ලන්ඩනය බලා ගිය ඔහුට 2003 වසරේදී තමා එච්අයිවී ආසාදිතයකු බව දැන ගන්නට ලැබුණා. ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගනිමින් සිටියදී තමන් පිළිකා රෝගියෙකු බව දැනගන්නා කැස්ටලිජෝයි කායිකව සහ මානසිකව දැඩි දුර්වල භාවයට පත්වෙනවා. මරණය පෙනි පෙනී සිටි කැස්ටලිජෝයිට අනපේක්ෂිත ලෙස ජීවිතය ගැන බලාපොරොත්තුවක් යළි ලබා දුන්නේ වෛද්‍ය ග්‍රේබ්‍රියල් විසින්. ඔහු ඇටමිදුලු බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ අනුව ඔහුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ජානමය සැකැස්මට ගැලපෙන දායකයන් සොයාගෙන ඇට මිදුළු බද්ධකිරීම තුළින් කැස්ටලිජෝයි පිළිකාව පමණක් නොව ඒඩ්ස් රෝගයද පැරදවිදි විය හැකි යන්න සොයාගනු ලැබුවා. 2016 මැයි 13 දින කැස්ටලිජෝයිගේ ජීවිතයේ වඩාත්ම තීරණාත්මක කඩඉම සනිටුහන් කරමින් ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමට මුහුණ දුන්නා. ඉන්පසු තම සිරුරේ තවත් සැත්කම් ගණනාවක් සිදුකළ ඔහු එම සැත්කම් වලින් වසරකට පසු එනම් 2019 මාර්තුවේ දී ඒඩ්ස් රෝගයට එතෙක් ලබා ගනිමින් සිටි ප්‍රති වෛරස ඖෂධ භාවිතය නතර කරනු ලැබුවේ වෛද්‍ය උපදෙස් මතයි. ඉන් තවත් මාස දහසකට පසු ඒඩ්ස් රෝගය සම්පූර්ණයෙන්ම සුව වූවන්ගේ ලැයිස්තුවේ දෙවැන්නෙක් ඇතුලත් වූ බවට ලොව පුරා ප්‍රචලිත වුණා.

 

 

 


පිළිකාව ඒඩ්ස් රෝගය හා ඇටමිදුළු බද්ධය යන සංකීර්ණ තත්ව තුනෙන්ම පංගු කරුවෙකු ලෙස එය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ නියෝජිතයෙකු ලෙස පෙනී හිදින්නට තමාට පැවරී ඇති වගකීම ඉටු කිරීමට ලන්ඩන් රෝගියා යන අන්වර්ථ නමින් සිදු කිරීමට හැකිවීම කැස්ටලිජෝයිට සහනයක් වුණා.


ඒස්ඩ් රෝගය මෙලෙස සුව කර ගැනීමට හැකි වීම ලෝකයාට නව බලාපොරොත්තුවක් එක් කරනවා. මේ ලන්ඩන් රෝගියා අද වන විට ලෝකය පුරා ඒඩ්ස් රෝගීන් දැනුවත් කිරීමේ සහ දිරි ගැන්වීමේ කටයුතු වෙනුවෙන් දායක වී සිටිනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

656 Views

Comments

arrow-up