ගාලු කොටුවේ පිරිමි මුහුද

ගාල්ලට පැමිණෙන සෑම කෙනෙකුම පාහේ ගාලුකොටුව නැරඹීමට යෑම සාමාන්‍ය සිරිතක්.ඒ ගාල්ලට පැමිණෙන ජනතාවගේ සිත් වශීකරවන නොගැඹුරු මුහුද ප්‍රදේශයක් ගාලුකොටුව වටා පිහිටා තිබීමයි .ඒ නිසා ගාල්ලට පැමිණෙන ඕනෑම අයකු මුහුදේ නාන්නට උනන්දු වීම අරුමයක් නොවේ .
අද වන විට ගාල්ලට පැමිණෙන පිරිස් මුහුදේ නාන්නේ ප්‍රදීපාගාරය අසල ඇති "සී බාත්" නම් ස්ථානයෙහි .එය මෑත කාලීනව කොටුපවුර අසලට වැලි එකතු වීමෙන් සෑදුණු ස්ථානයකි .පැරණි සිතියම් අධ්‍යයනය කිරීමේ දී කිරීමේ දී මේ ස්ථානය වෙරළ සැකසී ඇත්තේ මෑත කාලීනව බව දැකිය හැකිය .
ඒත් මා ඔබට කියන්න යන්නේ බොහෝ දෙනා ම නොදන්නා කතාවක් . ඒ ,වසර සියයකට පමණ පෙර ගාලු කොටුවේ ගැහැණු සහ පිරිමින් වෙනුවෙන්ම වෙන් කර තිබූ නාන ස්ථානයක් ඇති බව බොහෝ දෙනා දන්නේ නැහැ.ගාල්ල මහ නගර සභා විසින් කොටු පවුරේ සිට මුහුදු වෙරළට බැසිය හැකි පරිදි ආරක්ෂිත පියගැටපෙළ දෙකක් සාදා එම ස්ථාන වෙන්කර තිබිණි.එලෙස නාන ස්ථාන වෙන්කර ඇත්තේ 1910 - 1920 අතර කාලයේදීය කාලයේ දින නමුත් අද මේ ස්ථානය ගැන බොහෝ දෙනෙක් දන්නෙ නැත.පිරිමින්ට නෑමමට වෙන්වූ ස්ථාන දැන් ඇත්තේ යුද හමුදා භාරයේ වන අතර ගැහැනුන්ට නෑම සඳහා වෙන්වූ ස්ථානය අදට ද විවෘතව පවතී. එහෙත් ඒ ගැන නොදන්නා ගාල්ලට පැමිණෙන පිරිස් තවමත් නාන්නේ "සී බාත්' නම් ස්ථානයේය.
පුරා විද්‍යා පර්යේෂකයන්ගේ පවසන අන්දමට පෘතුගීසීන් ඉදිකළ " ෆ්ර්ටලේසා" බලකොටුව ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානය වුවද හිරු, සඳු හා තරු යනුවෙන් නම් කරන ලද අට්ටාල තුනෙන් වටු සමස්ත භූමි භාගයම ඔවුන් එකල පරිහරණය කරන්න ඇති බවයි ඔවුන් විශ්වාස කරයි .පසුව ගාලු කොටුව ආක්‍රමණය කරගත් ලන්දේසීන් මේ බලකොටුව විශාල කර ඇති බවත් එකල වගුරක් ලෙස තිබූ ගාලු තුඩුව සම්පූර්ණයෙන්ම ගල් බැම්මකින් වට කරමින් අද අපට දක්නට ලැබෙන පරිදි බලකොටුවක් නිර්මාණය කර ඇත.
පිරිමින් සඳහා නෑමට වෙන් කළ මුහුද පිහිටා ඇත්තේ "ඊලෝස්"නැමැති අට්ටාලය අසලය. "ඊලෝස්" යනු සුළඟට අධිපති දෙවි කෙනෙකි. පුරාවිද්‍යාඥයින් පවසන්නේ ලන්දේසීන් ගාලු කොටුව අල්ලා ගැනීමෙන් පසු මුලින්ම ඉදි කර ඇති අට්ටාලය බවයි .කාලතුවක්කු හයක් සවිකර සවි කර තිබූ අතර පසුව දෙවන ලෝක යුද්ධයේදී ගුවන් යානා ඉලක්ක කරගෙන වෙඩි තැබීම සඳහා කැරවීමට හැකි විශාල කාලතුවක්කුවක් සවිකර ඇත .
එලෙස කාලතුවක්කුවක් සවිකිරීමට පෙර ගාල්ල මහ නගර සභාව මෙම ස්ථානය සංවර්ධනය කරමින් පිරිමි නාන ස්ථානයක් ලෙස නම් කර ඇත්තේ පඩි පෙළක් ඉදි කරමිනි .අදට ද මෙම පඩිපෙළ දක්නට ඇත. නමුත් ස්ථානයට ඇතුළු වීමක් හෝ එහි නෑමට සාමාන්‍ය ජනතාවට කිසිදු අවසරයක් නැත .
කතෝලික ආගමට අනුව මුහුදට අධිපති දෙවගන " ට්‍රයිටන්" නමින් නම් කර ඇති අට්ටාලය ගැහැනුන්ට මුහුදේ නාන්නට ඇති ස්ථානය ලෙසින් නම් කෙරුන අතර ඒ අසල සකසා ඇති පඩි පෙල දැනට ද දක්නට ලැබෙන අතර ඒ ස්ථානය ඕනෑම අයකුට දිය නෑමට හැකි ස්ථානයක් ලෙස පවතී."ට්‍රයිටන්" අට්ටාලය ද බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී ගුවන් යානා නාශක කාලතුවක්කු සවිකර තිබී ඇති අතර ලන්දේසීන්ගේ පාලනය පැවති කාලයේ දී මේ ස්ථානය සුළං බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්පයක් සවිකර තිබී ඇත. එමගින් ගාලු මාර්ග පිරිසිදු කිරීම සඳහා මුහුදු ජලය ඇද ගත් බව පැවසේ .
නමුත් මේ ස්ථාන දෙක අතරින් පිරිමින් සඳහා නෑමට වෙන් කර ඇති ස්ථානය අද දක්වා ම දිය නෑමට තිබූ හොඳම ස්ථානයක් ලෙස පුරා විද්‍යා පර්යේෂකයන්ගේ අදහසයි .
by Dilki Shamani
Photo Source: Internet
748 Views
Comments