මිසර මළ පොත
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

මිසර මළ පොත

මිසර මළ පොත

පුද්ගලයකු මිය ගිය පසු එකී පුද්ගලයාට අයත් ආත්මයට විඳීමට සිදුවන අත්දැකීම පිළිබඳව හෙළි කරන කෘතියක් නූතන ඊජිප්තුව ලෙසින් හඳුන්වන පැරණි මිසර ශිෂ්ටාචාරය තුළදී රචනා කරලා තියෙනවා. එය මිසර මළපොත ලෙස හඳුන්වනවා. මිසර මළපොත කියන්නේ පුද්ගලයකු මියගිය පසු එම පුද්ගලයාගේ ආත්මය මරණින් මතු සරසන ආකාරය පිළිබඳ මන්ත්‍ර ඇතුලත් ඇතුළත් පැපිරස් පත්‍රිකා වල එකතුවකට. මිසර මළපොත නාමය පටබැඳී ඇත්තේ බටහිර ශාස්ත්‍රයන් විසින් වන අතර එහි නිවැරදි පරිවර්තනය මිසර ජීවන පොත යනුවෙන් හැඳින්වූවාට වරදක් නොමැති බව බොහෝ දෙනා පවසනවා.


එය ඇතැම් විට පුරාණ ඊජිත්තු බයිබලය වශයෙන් ද හඳුන්වාදීමට ඇතැම් අය පෙළඹෙනවා. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ පැරණි කාල වකවානු දෙකක ලියැවුණු පිටපත් දෙකක් අහම්බෙන් සමාන ලෙස පෙනුනද මිසර මළපොතක් කිසිදා යළිත් වරක් පිටපත් කර නොමැති අතර එහි හමුවන කෘති දෙකක් කෙලෙසකවත් එක සමාන නොවේ. මෙයට හේතුව වන්නේ එවැනි මළපොතක් සැකසුවේ එක් පුද්ගලයෙක් උදෙසා වන අතර ඔහුගේ ධනවත් භාවය අනුව එහි අන්තර්ගතය වෙනස් වීමයි. ඊජිප්තුව හෙවත් පුරාණ මිසරය තුළ මරණින් මතු ජීවිතය යනු යමකු මෙම ලෝකය මත ගතකළ දිවියේම දිගුවක්.


මිසර මළපොත සම්භවය වූ ඊජිප්තුවේ තුන්වන රාජවංශයේ මුල් පාලන සමය තුළ නිමාවූ සුසාන සිතුවම් හා අභිලේඛන තුළ සඳහන් වන සංකල්ප මතින්. දොලොස් වන රාජ වංශ පාලනය සමය වන විට මෙම මන්ත්‍ර රූප සටහන් ද සහිත පැපිරස් පත්‍ර මත ලිවීමේ පුරුද්ද ඇති වූ අතර ඒවා මියගිය පුද්ගලයන්ගේ සුසානයේ තැන්පත් කිරීමේ පුරුද්දක් ද ඇති වුණා.

 

 


රාජධානි කාලවකවානුවට පළමුව මළපොතක් සකසා ගැනීමේ හැකියාව තිබුණේ රාජකීයයන්ට සහ ප්‍රභූවරුන්ට පමණයි. එහෙත් නව රාජධානි කාලය තුළ වූ සීරියස් මිත්‍යාව වඩාත් ජනප්‍රිය වුනා මරණින් මතු දිවියේ ආත්මය සුගතිය කරා ගෙනයන ගමනේ දී එය වූ ඔසිරිස් ගේ විනිශ්චයට ප්‍රධාන වශයෙන් ලක්වන බව වන බව විශ්වාස කිරීමත් සමඟ මළපොතක් සකසා ගැනීමේ පුරුද්ද සාමාන්‍ය ජනතාව අතරත් ප්‍රචලිත වුණා. ඒ නිසා මළ පොත් සඳහා ජනතාව අතර ඉල්ලුම වඩාත් වැඩි වෙත්ම එය වෙළඳ භාණ්ඩයක් බවටත් පත්වුණා. තමන්ගේ මිලදී ගැනීමේ හැකියාව මත කෘතිය සඳහා ඇතුළත් කළ හැකි පරිච්ඡේද ගණන තීරණය වුණා. එනම් යමෙකුට තම කෘතිය සඳහා අවශ්‍ය පරිච්ඡේද ගණන ඇතුළත් වියයුතු රූපසටහන් සහ පැපිරස් පත්‍රිකා වල ගුණාත්මක භාවය ආදිය තීරණය කිරීම සඳහා අවස්ථාවක් ඇති වුණා. මෙය සීමා වූයේ ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව මතයි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

959 Views

Comments

arrow-up