යලි කරලියට ආ බීමත් වඳුරා

මත්පැන් පානය කළ වඳුරකු විසින් ඉන්දියාවේ පුද්ගලයන් 250 දෙනෙකු සපා කා එක් අයකු ඝාතනය කළ පුවතක් පිළිබඳ වාර්තා වන්නේ 2017 වසරේදී. බිස්නස් ඉන්සයිඩර් පුවත්පතට අනුව මෙම සිදුවීම සිදුවී ඇත්තේ 2017 ඉන්දියාවේ නගරයක් වන මිර්සාපූර් ප්‍රදේශයෙන්. කලුවා ලෙස හඳුන්වන මේ වඳුරා මිනිසකු විසින් ඇති කල වඳුරෙක් වන අතර ඔහුගේ හිමිකරුවා මෙම සත්වයාව මත්පැන් සහ මස් වර්ග අනුභව කිරීමට පුරුදු කර තිබූ බව වාර්තා වෙනවා. පසුව කළුවාගේ හිමිකරුවා මියගිය පසුව සත්වයාට අවඅවශ්‍ය මත්පැන් සහ මස් නොලැබීම නිසා කෝපාවිෂ්ට වී මිනිසුන් 250ට ආසන්න පිරිසකට සපාකෑ අතර එක් අයකු වඳුරා විසින් මරා දැමූ බව වාර්තා වෙනවා.
මේ සිදුවීමෙන් අනතුරුව කාන්පූර් සත්ව උද්‍යානයේ භාරකරුවන් විසින් මෙම වඳුරාව උද්‍යානය වෙත ගෙන ගෙනයාමට කටයුතු කර තිබුණා. ඒ වන විට මේ සත්වයා දරුවන් දුසිම් ගන්නක් ඇතුළුව විශාල පිරිසකට හානි සිදුකර තිබුණු අතර ඇතැම් පුද්ගලයන්ට ප්ලාස්ටික් සැත්කම් පවා කිරීමට සිදු වූ බව අනාවරණය වෙනවා. ද ඩේලිමේල් පුවත්පතට අනුව උද්‍යාන් භාරකරුවන් විසින් කළුවා ව හුදකලාව මාස කිහිපයක් වෙනම කූඩුවක දමා තිබුණා. අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී තිබූ මේ සත්වයා උද්‍යානය වෙත ගෙනවිත් වසර තුනක් ගතවුවත් ඔහුගේ මේ හැසිරීම වෙනස් නොවී ඇති බවයි එරට සත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
කලුවා කිසි විටෙකත් ශාකමය ආහාර ආහාරයට නොගන්නා අතර සෑම විටම මත්පැන් සහ මස් පමණක් ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වනවා. කළුවා හුදෙකලා කළ වසර 3 පුරාවටම පිරිමි සහ ගැහැණු වඳුරු සත්වයන්ට පහරදීම් රැසක් සිදුකළ බව වාර්තා වෙනවා. කළුවාගේ භාරකාරයා මියගියේ කෙසේද යන්න පිළිබඳ ඒ තොරතුරු අනාවරණය නොවුනත් තවමත් කලුවාට උද්‍යානයේ පරිසරයට අනුවර්තනය වීමේ අපහසුතාවයක් ඇති බව පෙනෙනවා. මෑතකදී දිල්ලියේ වඳුරන් යොදාගෙන කොරෝනා වෛරසය පිළිබඳ පරික්ෂා කිරීමට රුධිර සාම්පල ලබාගෙන ඇති අතර වඳුරන්ගෙන් එය මිනිසුන්ට බෝවීමට ඇති ප්‍රවණතාවය පිළිබඳ පරීක්ෂාවට ලක් කිරීමේදී කළුවා ද මීට යොදා ගෙන තියෙනවා. මේ සිදුවූ සිදුවීමත් සමග මතට ඇබ්බැහි වූ මේ වඳුරා පිළිබඳ කතාබහ යළි මහජනතාවගේ අවධානය දිනා ගත්තා. වසර තුනක් තිස්සේ හුදකලා ගතකර සිටින කළුවා නම් මේ මතට ඇබ්බැහිවූ වඳුරා නුදුරේදීම ඉන් මුදවාගත ගත හැකි බව උද්‍යානයේ සත්ව විද්‍යාඥයන් පවසනවා.
by Dilki Shamani
Photo source : Internet
1201 Views
Comments