කොරෝනා මැද අමතකව ගිය පසුගිය වසරේ සිද්ධි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

කොරෝනා මැද අමතකව ගිය පසුගිය වසරේ සිද්ධි

කොරෝනා මැද අමතකව ගිය පසුගිය වසරේ සිද්ධි

මෑත මානව ඉතිහාසයේ දරුණුතම වසංගතයට ගොදුරු පසුගිය වසරම ගෙවීගියේ ලොවපුරා ජනතාව කොරෝනා වෛරස සමඟ සටන් කරමිනි. ඒ අතර පසුගිය වසරේ ලොව පුරා සිදුවූ වැදගත් සිදුවීම් පෙළක් මෙහි දැක්වෙනවා.

 

  •  ලොව දැවැන්ත අන්තර්ජාල චන්ද්‍රිකා ජාලය

 

පෘථිවිය වටා ගමන් ගන්නා චන්ද්‍රිකා 12000කින් සමන්විත සබඳතා ජාලයක් මගින් අධිවේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදීමට SpaceX සැලසුම්කර තිබූ අතර ඔවුන් අවස්ථා 24කදි චන්ද්‍රිකා 60 බැගින් උඩුගුවනට යැවීමට වසර ගණනාවක් පුරා සුදානම විය. ඒ අනුව 2020 අග වනවිටදී මේ චන්ද්‍රීකා ජාලයට අයත් ඉතිරි තොගයද උඩුගුවනට යැවීය.

 

  • ජපානයේ යෝධ රොබෝ

 

 

අඩි 60ක් පමණ උසැති සහ බරින් ටොන් 24ක් පමණ වන මානවරූපී රොබෝවරයකු වානේ සහ කාබන්-ෆයිබර් ප්ලාස්ටික් මිශ්‍රණයක් යොදාගෙන නිර්මාණය කිරීමට ජපානය සමත්විය.

 

  •  අහසින් යන වෛද්‍යවරු

 

පා ගමනින් පවා ළඟාවීම අතිශය දුෂ්කර උස් කඳු ශිඛර වෙත ඉතා ඉක්මණින් හදිසි අනතුරකදී ආධාර රැගෙන අහසින් යන්නට හැකි ඇඳුමක් එංගලන්තයේදී අත්හදා බැලීය.

 

  • උඩුගුවනේ පළමු ටැක්සිය

 

 

නාසා ආයතනය හා SpaceX අභ්‍යවකාශ ආයතනය වාණිජ මට්ටමේ උඩුගුවන් සංචාරක ටැක්සි සවාරි ඉකුත් වසර අගදි ඇරඹුණ අතර ලෝකයේ පළමුවරට නාසා අභ්‍යවකාශගාමීන් 3 දෙනකු සහ ජපාන අභ්‍යවකාශගාමියෙකු සාර්ථකව උඩුගුවනට රැගෙන යමින් මේ වැඩසටහන දියත්විය.

 

  • පිටසක්වලකින් පස් ගල් ගෙන ඒම

 

ජපානය විසින් පළමු වරට ඔවුන්ගේ හයබුසා 2 රොබෝ යානය රිගුයු නම් ග්‍රාහකය මතින් පාෂාණ සාම්පලයක් රැගෙන තිබේ. දැන් ජපානයේ මීලඟ ඉලක්කය වී ඇත්තේ අඟහරුගේ හඳක් වන පෝබෝස් හඳට ගොස් එයින් කැබැල්ලක් රැගෙන ඒමයි.

 

  • පුලිට්සර් දිනූ සේයාරුව

 

කොරෝනා හේතුවෙන් පුලිට්සර් සම්මාන ප්‍රදානය පසුගිය වසරේ ඔන්ලයින් ක්‍රමයට වන අතර එහිදී අමුතු සේයාරුවකට හොඳම සේයාරුවට හිමි සම්මානය ලැබුණි. ඒ කොවිඩ් 19 වසංගතයෙන් බේරෙන්නට මුහුණ ඇඟපත හොඳින් ආවරණය කරගත් කාශ්මීර විරෝධතාකරුවෙකුගේ ප්‍රචණ්ඩත්වය හොඳින් නිරෑපනය කෙරෙන සේයාරුවකි.

 

 

  •  ලොවපුරා වාර්තා වූ ගුවන් අනතුරු

 

කොරෝනා පමණක් නොව පසුගිය වසරේ ගුවන් ගමන් හේතුවෙන් අනතුරු ගණනාවක්ම එකපෙළට සිදුවිය. ලංකාවේ ගුවන් හමුදා යානයක් කඩාවැටී එහි කාර්යය මණ්ඩලයේ 4 දෙනාම මියගිය අතර ඉරානයේ ටෙහෙරානයෙන් ගුවන් ගතකළ යුක්රේනයට අයත් මගී යානයක් විනාශවිය. මීට අමතරව පැරීසිය, ඉන්දියාව් සුඩානය වැනි රටවල් වලින් ගුවන් අනතුරු වාර්තා විය.

 

  •  චීනයේ මහා ගංවතුර

 

දශක හතකට පසු පළමුවරට හටගත් දරුණුතම ගංවතුර තත්ත්වයට චීනයේ සිචුආන් පළාතෙන් වාර්තා විය. එහි ප්‍රසිද්ධ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මීටර 71 උසැති ‘ලෙෂන්’ බුදු පිළිම වහන්සේගෙව් යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත්විය. කොරෝනා මැද අමතකව ගිය මෙවැනි සිදුවීම් රාශියක් පසුගිය වසරේ සිදුවිය.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

556 Views

Comments

arrow-up