ලොව භයානකම දුම්රිය මාර්ග - 2
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
31

ලොව භයානකම දුම්රිය මාර්ග - 2

ලොව භයානකම දුම්රිය මාර්ග - 2

ලොව භයානකම දුම්රිය ගමන් මාර්ග පිළිබඳ පළමු ලිපියේ දැක්වුණා. මේ එම ලිපියේම ඉතිරි ගමන් මාර්ග පිළිබඳ සටහනයි.

 

5. වයිට් පාස් සහ යුකොන් මාර්ගය- ඇමෙරිකාවේ ඇලක්සා ප්රාන්තය වර්තමානයේ ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති මෙම දුම්රිය ඇලක්සාහි ස්කග්වේ වරාය යුකෝන්හි වයිට්හෝර්ස් හා සම්බන්ධ කරයි. මෙම මාර්ගය කැනේඩියානු සහ එක්සත් ජනපද II පන්තියේ අඩි 3 ක් පටු මිනුම් දුම්රිය මාර්ගයක් වන අතර එය හුදකලා පද්ධතියකි. රන් බිම් කරා ළඟා වීමේ මාර්ගයක් ලෙස 1898දී මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ කර තිබේ.

 

6. අසෝ මියාමි දුම්රිය මාර්ගය- ජපානය ජපානයේ කුමාමොටෝහි සක්රීය ගිනි කන්දක් හරහා තකමෝරි මිනාමියාසෝ හි ටැටෙනෝ දුම්රිය ස්ථානයට ගමන් කරනු ලබන මෙම දුම්රිය මාර්ගද ලොව භයානක මාර්ගවලින් එකක්වේ. ගිනිකඳු පිපුරුණු වහාම ලාවා පිළිස්සී වනාන්තරයට වැටෙන අයුරු දුම්රියෙන් ගමන් ගන්නා ඕනෑම මගියෙකුට දැක ගත හැක.

 

 

7. සල්ටා- පොල්වොරිලෝ හි ට්රනේ අ ලාස් නූබ්ස් දුම්රිය මාර්ගය- ආර්ජන්ටිනාව සිග් සැග් ක්රමයේ ධාවන පථයක් වන මෙය උමං මාර්ග 21 ක් සහ පාලම් 13 කින් සමන්විතවේ. මෙම ගමන්මාර්ගය සම්පූර්ණ කිරීමට වසර 27 ක් ගතවූ බව වාර්තා වන අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 4,200 ක් ඉහළින් ඉදිකර ඇති සංචාරක කටයුතු සඳහා භාවිතා වේ. මෙම දුම්රිය මාර්ගය ලෝකයේ පස්වැනි විශාලතම දුම්රිය මාර්ගය ලෙසද සැලකේ.

 

8. ඩෙත් රේල් වේ- තායිලන්තය දෙවැනි ලෝක සංග්රාමයේ දී බොහෝ යුද සිරකරුවන්ගේ ජීවිත අහිමි වූ බැවින් ඩෙත් රේල්වේ ලෙස නම්කර ඇති මෙම දුම්රිය තායිලන්ත-මියන්මාර දේශසීමා හරහා ගමන් කරයි. මෙහි ඉදිකිරීම් සඳහා කම්කරුවන් ගිනිකොනදිග ආසියානුවන් 250,000 කට වැඩි ප්රමාණයක් සහ විවිධ මිත්ර රටවල යුද සිරකරුවන් 60,000 කට වඩා මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට දායක වී ඇති බව වාර්තා වේ.

 

 

9. ජෝර්ජ්ටවුන් ලූප් රේල්වේ- ඇමෙරිකාවේ කොලරාඩෝ ප්රාන්තය 19 වැනි ශතවර්ෂයේ අග භාගයේ ජෝර්ජ්ටවුන් සහ සිල්වර් ප්ලම් ප්රදේශය අතර දිවෙන ත්රාසජනක විස්මයක් සහිත පරිපූර්ණ ඉදි කිරීමක් වන මෙම මාර්ගයේ ගමන් ගන්නා දුම්රියට ඉදිරි පැතිවලින් එන තද සුළං නිසා දුම්රියට සමබරතාව පවත්වා ගැනීමට අපහසු වන විට මෙම භයානක අත්දැකීමට මුහුණදීමට සිදුවේ. අඩි 3ක පටු දුම්රිය මාර්ගයක් වන මෙය ඇමෙරිකාවේ සංචාරක ආකර්ශනය බහුල දුම්රිය මාර්ගයක් ලෙස සැලකේ.

 

10. චෙන්නායි-රාමේෂ්වරම්- ඉන්දියාව දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් දූපතට පිවිසීම සඳහා මෙම දුම්රිය මාර්ගය මුහුද හරහා ඉදිකර තිබේ. එය 1914 පෙබරවාරි 24 වැනි දින විවෘත කරන ලද එය ඉන්දියාවේ පළමු මුහුදු පාලම වන අතර මෑතක් වන තුරු ඉන්දියාවේ දිගම මුහුදු පාලම විය. මෙම දුම්රිය පාලම මුහුදු මට්ටමේ සිට මීටර් 12.5 ක් ඉහළින් පිහිටා ඇති අතර එහි දිග අඩි 6,776 ක් ලෙස සැලකේ.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

735 Views

Comments

arrow-up