මිනිසෙකුගේ මුහුණ ඇති සුනඛයා " යෝගි "
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

මිනිසෙකුගේ මුහුණ ඇති සුනඛයා " යෝගි "

මිනිසෙකුගේ මුහුණ ඇති සුනඛයා " යෝගි "

මිනිසාගේ හොඳම මිතුරා බල්ලා බව අපි කොයි කව්රුත්ම හොඳින් දන්නා දෙයක්. බොහෝ දෙනා නිවසේ සුරතලයට සුනඛයන් ඇති කරනවා. ඒත් මිනිසෙකුගේ මුහුණක් ඇති සුනඛයෙක්? අදහාගන්න පුළුවන් ද?

 

 

නෑ එය ඇත්තක්. සාමාන්ය මනුෂ්යයෙකුගේ මුහුණක් පිහිටි මේ අපූරුතම සුනඛයා ශිසූ හා පූඩල් කලවමක් ඇති සුනඛයෙක්. නමින් " යෝගි " ලෙස හදුන්වන මේ සුනඛයාගේ අයිතිකාරිණිය වන 27 හැවිරිදි චන්ටල් ඩෙස්ජර්ඩින්ස් පවසන ආකාටයට ඇය අන්තර්ජාලය හරහා මෙම සුනඛයාගේ වීඩියෝවක් ඉන්ස්ටග්රෑම් හා ෆේස්බුක් මුදාහැරි පසු පිරිස් මේ ගැන කතා බහට ලක් කරන්න ගත් විට පමණක් තමන්ගේ සුරතලා මේ තරමටම මිනිසෙකුගේ මුහුණකට සමාන පෙනුමක් ඇති බව ඇයටත් නොසිතුනු බවයි. අවුරුද්දක් පමණ වයසැති යෝගි කොයි වගේ මිනිස් මුහුණකට සමාන කළ හැකිදැයි ඩෙස්ජර්ඩින්ස් අනුමාන කරනවා. යෝගි ගෙ පවුලේ ඩාර්ලා නැමැති වයස අවුරුදු 8 ක සොයුරියක්ද ඔහුට සිටිනවා. යෝගි ට ලැබෙන අසීමිත ප්රතිචාර නිසා ඇයට ඉරිසියත් ඇති කියලයි කියන්නේ.

 

 

යෝගි ඇය සමග සෙල්ලමට ගියත් ඇය ඔහුව ගණනකටවත් ගන්නේ නෑ කියලා තමයි ඩෙස්ජර්ඩින්ස් නම් කියන්නේ " ඔහු තවමත් බබෙක්. ඒ වගේම පිස්සු නටන හුරතල් බව්වෙක්. හැම දෙයක්ම එයාට තවමත් අළුත්. නුහුරු නුපුරුදු දේවල් වලට එයා හරිම බයයි. එහෙම දේවල් දැක්කම එයා බුරන්න ගන්නවා. හරියට මේසෙ උඩ බෑග් එකක් තිබ්බත් එයාට ඒ ඇති බුරන්න" ඩෙස්ජර්ඩින්ස් තවදුරත් ඇගේ සුරතලා ගැන කිව්වේ එහෙමයි. කොහොම නමුත් යෝගි ටික ටික එයාගෙ ප්රසිද්ධියට හුරුවේගෙන එනවා. " මට හිතෙන්නෙත් දැන් මම යෝගි ගේ මැනේජර් කියලා " ඩෙස්ජර්ඩින්ස් සිනා මුසු මුහුණින් පැවසුවා. " ඔහු සමහර විට දොස්තර ෆිල් වගේ වෙන්න පුළුවන්. ඒ ඇස් මයි. ටෝක් ශෝ එකක් කරන්නත් ඉඩ තියෙනවා." අවසාන වශයෙන් ඩෙස්ජර්ඩින්ස් පැවසුවා.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

660 Views

Comments

arrow-up