ඔන්ලයින් ශොපින් ඉතිහාසය 01
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
01

ඔන්ලයින් ශොපින් ඉතිහාසය 01

ඔන්ලයින් ශොපින් ඉතිහාසය 01

වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින ශොපින් සවාරියේ අනාගතය ඔන්ලයින් ශොපින් වනවා. නමුත් මේ ඔන්ලයින් ශොපින් එක රැයකින් වර්ධනය වූයේ නැහැ. සමහර වෙනස්වීම් හා දියුණුවීම් එහි සංවර්ධනයට හේතු විය. මේ වනවිට ඔන්ලයින් ශොපින් ඕනෑම අයෙකුට පහසුම ශොපින් ක්රමයක් බවට පත් වී හමාරයි. ඔන්ලයින් ශොපින් ක්රමය යනු කුමක්ද? එය ලොවට හදුන්වා දුන්නේ කවුරුන්ද? එහි වර්තමාන ජනප්රියතාවයට හේතු වූයේ කුමක්ද? යන්න දැනගැනීමට මේ ලිපිය කියවන්න.

 

ඔන්ලයින් ශොපින් යනු කුමක්ද? සරල ලෙස කිවහොත්, ඔන්ලයින් ශොපින් යනු විද්යුත් මාධ්ය තුළ වාණිජ්යමය කාර්ය්යන් සඳහා යොදාගන්නා අංගයකි. (ඊ කොමර්ස් ලෙස මෙය හැඳින්වේ) එය අන්තර්ජාලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගනුදෙනුකරුවන් සහ විකුණුම්කරුවන් වෙබ් බ්රව්සරයක් භාවිතයෙන් සම්බන්ධ කරයි. අද, අනාගත ගනුදෙනුකරුවන්ට විවිධ වූ නිශ්පාදනයන්, එහි විස්තර, ඡායාරූප සහ මිල ගණන් සමඟ ඉදිරිපත් කරන ලොව වටා ඇති අන්තර්ජාල වෙළඳසැලක්ව ඇත. එහි ප්රතිඵලයක් ලෙස ඔන්ලයින් සාප්පු වර්ග දෙකකට වර්ගීකරණය කළ හැක.

 

 

- පළමුවැන්න ව්යාපාරයෙන් ගනුදෙනුකරුවන් සම්බන්ධ කරන ( බී 2 සී - බිස්නස් ටු කස්ටමර්ස් ) ඔන්ලයින් වෙළඳසැලකි.

- දෙවැන්න ව්යාපාරයෙන් ව්යාපාරයට සම්බන්ධ කරන (බී 2 බී - බිස්නස් ටු බිස්නස් ) ඔන්ලයින් වෙළඳසැලකි.

 

කෙසේ වෙතත්, ලෝක ව්යාප්ත වෙබ් අඩවියකට පිවිසෙන ඕනෑම කෙනෙකු ඔන්ලයින් ශොපින් වල යෙදී සිටී. ඉලෙක්ට්රොනික් ශොපින් සංකල්පය මුලින්ම මයිකල් ඇල්ඩ්රික් නම් වූ ඉංග්රීසි නව නිපැයුම්කරුවෙකු විසින් සොයා ගන්නා ලදී. 1979 දී ඔහු ව්යාපාර හා ගනුදෙනුකරුවන් අතර මෙන්ම ව්යාපාර සහ ව්යාපාර අතර ඔන්ලයින් ගනුදෙනු කිරීමට ඉඩ සලස්වන මුල්ම ඊ-වාණිජ්යය නිර්මාණය කළේය. පළමු වෙබ් බ්රව්සරයේ සොයාගැනීම, එනම් 1990 දී ලෝක ව්යාප්ත වෙබ් අඩවිය, ටිම් බර්නර්ස් ලී විසින් ඔන්ලයින් ශොපින් සඳහා WWW අන්තර්ජාල සම්බන්ධීකරණය හදුන්වා නොදුන්නේ නම්, කිසිසේත්ම ඔන්ලයින් ශොපින් අපට අත්විඳීමට ඉඩ නොතිබෙන්නට තිබුණි.

 

 

මිලියන සංඛ්යාත ජනතාවකට ඊ-වාණිජ්ය වේදිකා රාශියක් සපයන අන්තර්ජාලයට පිවිසීමට ප්රධාන හේතුව වූයේ එම මිනිසා ය. මෙම ඉතා වැදගත් වේදිකා දෙක ස්ථාපිත කිරීමෙන් පසු, ඔන්ලයින් ශොපින් ව්යාප්ත වීම වර්ධනය වන්නට පටන් ගත්තේය. 1994 දී නෙට්ස්කේප් විසින් එස්.එස්.එල් (ආරක්ෂිත සොකට් ලේයර් - Secure Socket Layer ) නමින් එන්ක්රිප්ට් කේතනය මත පදනම් වූ අන්තර්ජාල ආරක්ෂණ ප්රොටෝකෝලයක් නිර්මාණය කරන ලදී.

 

 

 

 

 

 

 

by Kaushalaya De Silva

Photo source : Interent

views

662 Views

Comments

arrow-up