දන්තාලේප වලට කළ හැකි විස්මිත දේවල්
මෙම විස්මිත උපක්රම ඔබත් නිවසේදී පරීක්ෂා කර බලන්න. දත් මැදීමට පමණක් නොවන ඔබේ දන්තාලේපය නිවසේ බොහෝ අවස්ථාවන් වලදී විවිධ වූ කාර්යයන් සදහා භාවිතා කරන්නට පුළුවන්. ඒ මොනවගේ අවස්ථාවන් වලදීද යන්න අපි බලමු.
වාහනයේ සීරීම් පැල්ලම් ඉවත් කිරීම
සිනිඳු රෙදි කැබැල්ලකට දන්තාලේප ස්වල්පයක් දමා සීරීම සිදුවූ ස්ථානයේ පිරිමදින්න.
බිත්තියේ කොළ ඇලවීමට
පෝස්ටරයක්, කැලැන්ඩරයක්, හෝ කොළයක ඇති වෙනත් යම් රූපයක් බිත්තියේ ඇලවීමට කොන් හතරේ දන්තාලේප ස්වල්පයක් තවරාගෙන බිත්තියේ අලවන්න. බිත්තියට හානි නොවේ.
සී. ඩී හා ඩී.වී.ඩී වල ඇති පැල්ලම්
තුනී රෙදි කැබැල්ලක දන්තාලේප ස්වල්පයක් තවරා පැල්ලම් ඇති ස්ථාන පිරිමැද පිරිසිදු කරගන්න.
උණු වතුර බෝතල් වල දුර්ගන්ධය නැති කිරීම
උණු වතුර බෝතලයට වතුර ස්වල්පයක් හා දන්තාලේප ස්වල්පයක් දමා බෝතලය වසා හොඳින් සොලවන්න. දුර්ගන්ධය නැති වී යාවී.
අපිරිසිදු අත් හා දුර්වර්ණ වූ නියපොතු යථා තත්ත්වයට පත් කිරීම
දන්තාලේප ස්වල්පයක් අතෙහි තවරා හොඳින් අතුල්ලන්න. පරණ දත් බුරුසුවකින් හොඳින් නියපොතු මදින්න. සෝදා හරින්න.
කාපට් වල ඇති පැල්ලම්
කාප්ව්ට් වල පැල්ලම් ඇති ස්ථානයේ දන්තාලේප තවරා පිරිසිදු කරගන්න.
සපත්තු පිරිසිදු කිරීම
සපත්තු සෝදන විට දන්තාලේප භාවිතා කරන්න. හොඳ එළියක් වගේම අනවශ්ය දුර්ගන්ධයත් ඉවත් කරනවා.
ජංගම දුරකථනය පිරිසිදු කිරීම
ඔබේ ජංගම දුරකථනය පිරිසිදු කිරීමට ඉතාමත් ස්වල්ප ප්රමාණයක දන්තාලේප යොදා ගනී.
ඇදුම් මදින ඉස්ත්‍රික්කය පිරිසිදු කිරීම
ඔබේ ඉස්ත්රික්කයේ රෙදි මදන කොටස් අති පැල්ලම් ඉතා ඉක්මනින් ඉවත් කිරීමට දන්තාලේප ටිකක් යොදා ගන්න.
කුරුළෑ නැති කිරීම
නොකැඩුණු කුරුළෑ මත රාත්රියේ දන්තාලේප ස්වල්පයක් ආලේප කිරීමෙන් කුරුළෑ වදෙන් ඉක්මනින් මිදෙන්නට පුළුවන්.
මදුරුවන් ගේ දෂ්ඨ කිරීම්
මදුරුවකු දෂ්ඨ කළ විට එම ස්ථානයේ දන්තාලේප ස්වල්පයක් තවරන්න. කැසීම අඩු වේ.
වාහන හෙඩ් ලයිට් හා නිවසේ ඇති කණ්නාඩි
දන්තාලේප යොදා පිරිසිදු කිරීමෙන් පැල්ලම් ඉවත් කෙරේ.
රිදී හා සුදු යකඩ පොලිෂ් කිරීමට
රිදී හා සුදු යකඩ භාණ්ඩ දන්තාලේප යොදා පිරිසිදු කිරීමෙන් වැඩි දීප්තිමත් භාවයක්ද ගෙන දේවි.
by Kaushalaya De Silva
Photo source : Internet
962 Views
Comments