ඇත්තටම කවුද මේ ෂර්ලක් හෝම්ස්?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

ඇත්තටම කවුද මේ ෂර්ලක් හෝම්ස්?

ඇත්තටම කවුද මේ ෂර්ලක් හෝම්ස්?

ෂර්ලක් හෝම්ස් කිව්වම අද නොදන්න කෙනෙක් නැති තරම්. මොකද ලොකු පොඩි ඕනම කෙනෙක් ඉතාමත් ආසාවෙන් කියවන නවකතාවක් තමයි මේ ෂර්ලක් හෝම්ස්ගේ නව කතා. අද මම කතා කරන්න යන්නේ ඒ ලියවුනු නව කතා ගැන නම් නෙවේ. ඇත්තටම කවුද මේ ෂර්ලක් හෝම්ස්? මොහු ඇත්තම චරිතයක්ද​? අන්න ඒ කරුණු ගැන අද මම කතා කරන්න යන්නෙ.

 

ශ්රීමත් ආතර් කොනන් ඩොයිල්. ඒ තමයි මේ මහා චරිතයේ පිටුපස ඇති දැවන්ත බලවේගය​. මොහු ව්රුත්තියෙන් වෛද්යවරයෙක් වුනත් වඩාත් කැමති නව කතා ලියන්න​. ඉතින් මෙම මහතාට 1885 දී තමයි හිතෙන්නෙ රහස් පරීක්ෂකයෙක්ගෙ කතාවක් ලියන්න ඕන කියල​. ඉතින් ඔන්න එතකොට තමයි කල්පනා කරන්නෙ මොහු මොන වගේ චරිතයක්ද මෙම කතාවට ගොඩනගන්න ඕන කියල​. ඉතින් ඔන්න ඊට පස්සෙ තමයි මොහු ඒ වටා විවිධ තොරතුරු සොයල ඒ කාලයේ ඒ අවට තිබුණු අපරාධ පිළිබද විශ්ලේෂණයක් කරල ඒ ඒ චරිත වලින් යම් යම් කොටස් ගන්නෙ. ඒත් එක්කම මොහුගෙ යාලුවෙක් ඉදල තියනවා ජෝසප් බෙල් කියල​. ඔහු ඉතාමත් නිරීක්ෂණශීලී පුද්ගලයෙක්. ඒ පුද්ගලයා සෑම සිද්දියක් පිලිබදවම ඉතාම සූක්ෂම ලෙස බලන පුද්ගලයෙක්. ඒ වගේම මොහුට තිබිල තිබෙනවා ඒ අයුරින් නිරීක්ෂණ වලින් නිගමන වලට එළඹීමේ හැකියාවකුත්. ඉතින් මෙන්න මේ ආකාරයට මම ඉහත කිව්ව සිද්දි සියල්ල මුල් කරගෙන තමයි මොහු මෙම ෂර්ලොක් හෝම්ස් කියන චරිතය ගොඩනගන්නෙ.

 

හොදයි දැන් අපි මෙම ෂර්ලොක් හෝම්ස් කියන චරිතය ගැන සාරාංෂයක් කලොත් මොහු ඇවිල්ල එම රටේ නිල ලත් රජයේ රහස් පරීක්ෂකවරුන්ට පවා විසදා ගැනීමට නොහැකි වී තිබුනු ගැටලු විසදා දෙන්නෙක් උනා. ඒ වගේම මෙම චරිතය පෞද්ගලික ම්ට්ටමෙන් තමයි මෙම රහස් පරීක්ෂක වැඩ කටයුතු කලේ. මොකද කියනවා නම් මොහුට තියනවා මොහුටම කියල ආවේනික වූ විශේෂ ක්රමයන්. ඒවා නිසා මොහු තමාගේ කුලී නිවස තම කන්තෝරුව විදියට භාවිතා කලෙත්. මොහුගේ නිරීක්ෂණ බුද්දිය කෙතරම්ද කියනවා නම් මොහුට පුලුවන් එක සපත්තු අඩියකින් එය අදාල පුද්ගලයගෙ උස කියන්න​. ඒ වගේම තමයි මොහුට පුලුවන් යම් අඩි ශබ්දයකට සවන් දීමෙන් ඒ කවුද කියා හදුනා ගන්න​. ඒ වගේම තමයි යම් සිගරට් අලු ටිකක් තිබේ නම් ඒවායේ සුවද බලා එය කුමන වර්ගයේ එකක්ද යන්න පිලිබදව ප්රකාශ කරන්න​.

 

 

මේ ආදී වශයෙන් නොයෙකුත් හැකියාවන් තියන මනුස්සයෙක් තමයි මේ ෂර්ලොක් හෝම්ස් කියන චරිතය​. ඒ වගේම තමයි මෙහිදී වීශේෂයෙන්ම සදහන් කරන්න ඕන තවත් චරිතයක් ඉන්නව​. ඒ තමයි මොහුගේ අතිජාත මිත්රයා, දොස්තර ජෝන් වොට්සන්. මොහු තමා මෙම ෂර්ලොක් හෝම්ස් ගේ සෑම පරීක්ෂණයකටම දායක වන ඔහුගේ අත් උදවු කරුවා. ෂර්ලොක් හෝම්ස් ගේ අවුරුදු 23ක රහස් පරීක්ෂක ජීවිතයෙන් අවුරුදු 17ක්ම මෙම දොස්තර ජෝන් වොට්සන් සමග තමයි වැඩ කරල තියෙන්නෙ. මොවුන් දෙදෙනා එකම කුලී නිවසක තමයි ඉදලා තියෙන්නෙ. ඉතින් ඒකත් දෙමහල් නිවසක දෙවනි මහලෙ තමයි මොවුන් ඉදල තියෙන්නෙ. එම නිවසේ ලිපිනය තමයි නො.22/බී, බේකර් වීදිය. කියන්නෙ. මේක ඇත්තටම ඉතාමත් ප්රසිද්ද ලිපිනයක් මොකද හැම කතාවකම වගේ නිතර යෙදෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ ෂර්ලොක් හෝම්ස් ගේ කතාව​. දැන් ඔබට හිතා ගන්න පුලුවන් ඇති කවුද ඇත්තටම මේ ෂර්ලොක් හෝම්ස් කියන්නේ කියල​.

 

 

 

 

 

 

 

by Sahan Sandeepa

Photo source : Internet

views

625 Views

Comments

arrow-up