COVID නිසා නොබෙල් ත්‍යාග ලාභීන්ට තෑගි දුන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

COVID නිසා නොබෙල් ත්‍යාග ලාභීන්ට තෑගි දුන්නේ මෙහෙමයි

COVID නිසා නොබෙල් ත්‍යාග ලාභීන්ට තෑගි දුන්නේ මෙහෙමයි

මෙවර නොබෙල් ත්‍යාග ලාභීන්ට නිවසේදීම එම ත්‍යාග හිමිවීම සිදුවූ අතර, සමාජීය වශයෙන් දුරස්ථ භාවය තබා සිටි සංගීත කණ්ඩායම විසින් වාදනය කිරීම් සිදුකළා.

2020 නොබෙල් ජයග්‍රාහකයන්ට ඔවුන්ගේ සම්මාන ලැබුණේ පසුගිය බ්‍රහස්පතින්දා ( දෙසැම්බර් 10 ) විකාශය වූ සජීවී විකාශනයකිනි. ඒ කිලෝමීටර් දහස් ගණනක් ඈතින් ඔවුන් සිටිමිනි. මීටර් දෙකක පරතරයක් තබා වාඩි වී සිටින සංගීත කණ්ඩායම හිස් ශ්‍රවණාගාරයකට මුහුණලා තම සම්භාව්‍ය වාදනය ඉදිරිපත් කිරීමත් සුවිශේෂී විය.

වසර අවසානයේ මෙවැනි වූ උත්සවයක් ස්වීඩන් රූපවාහිනිය ස්ටොක්හෝම් නගර ශාලාවේ පැවැත්විය. අත්පත්‍රිකා නිවෙස් වලට ප්‍රවාහනය කළේ සම්ප්‍රදායිකව සුපුරුදු පරිදී ත්‍යාගලාභීන්ට ගෞරව කරන අයුරිනි.

 


මෙය සැබවින්ම වෙනස් නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවයක්” යැයි සාමාන්‍යයෙන් පෙර උත්සවයන් වලදී සම්මාන ප්‍රදානය කරන XVI වන කාල් රජු රාජකීය මාලිගාවේ සිට පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

වෛරස් වසංගතය මුළු ලොව පුරා පැතිර ගොස් ඇති මෙවන් අවස්ථාවකදී, සියලුම ජයග්‍රාහකයින් නිවසේ රැඳී සිටිමින් ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි විය.

හෙපටයිටිස් සී වෛරසය පිළිබඳව කළ වැඩකටයුතු සඳහා හාවි ඇල්ටර් සහ චාල්ස් රයිස්ටත්, සෞඛ්‍ය හා ඖෂධ අංශය සදහා දෙනු ලබන ත්‍යාගයේ ජයග්‍රාහකයා වූ මයිකල් හොෆ්ටන් කැලිෆෝනියාවේ ඔහුගේ වත්තෙහි සිට එක්වුණි.

හොෆ්ටන්ගේ ඇඳුම ඉතා සුවපහසු සරල ස්වෙටරයක් විය. සාමාන්‍යයෙන් උත්සවයන් සහ භෝජන සංග්‍රහයන් සඳහා හැඳ පැළඳ සිටින විවිධාකාර විලාසිතාවන්ට වඩා මෙය සැබැවින්ම වෙනසකි. සාහිත්‍ය අංශයේ ජයග්‍රාහක ලුයිස් ග්ලක් බොස්ටන්හි ඇගේ ගෙවත්තේ බැටළු හම් කබායකින් සැරසී සිටිමින්
ඇගේ ත්‍යාගය ඇය ලබා ගත්තාය.

තවත් සමහර ජයග්‍රාහකයින් විවිධ වූ ඇඳුම් කට්ටල හැඳ පැළඳ සිටි අතරම, භෞතික විද්‍යා සම්මානලාභී රයින්හාර්ඩ් ජෙන්සෙල් ටක්සෙඩෝවක් පැළඳ සුදු ටයි පටියෙන් සැරසී සිටියහ.

ස්වීඩන් ඩයිනමයිට් නිපැයුම්කරු සහ ව්‍යාපාරික ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අභිමතය පරිදි පිහිටුවන ලද ස්වීඩන් ඔටුන්න, මිලියන 10 (ඩොලර් මිලියන 1.18) වටිනාකමකින් යුත් සම්මාන සමඟ පදක්කම සහ ඩිප්ලෝමාවන් පිළිගැනීමට සමහරු මුහුණු ආවරණද පැළඳ සිටියහ.

 


2020 දී මහජන ප්‍රසාදය දිනා ගැනීමේ අවස්ථාව මග හැරී ඇතත් සම්මානලාභීන්ට 2021 උත්සවවලට සහභාගී වීමට COVID අවසර ඇතුළුවූ ආරාධනාවන් මේ වන විටත් ලැබී ඇත.

නෝර්වීජියානු නොබෙල් කමිටුවේ සභාපති බෙරිට් රීස්-ඇන්ඩර්සන් පැවසුවේ ලබන වසරේදී විධිමත් ලෙස, චාරිත්‍රානුකූලව මෙම නොබෙල් ත්‍යාග උත්සවය සැමරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනා බවයි.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

559 Views

Comments

arrow-up