පූර්ණ මුහුණු ආවරණය " බ්ලැන්ක්"
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

පූර්ණ මුහුණු ආවරණය " බ්ලැන්ක්"

පූර්ණ මුහුණු ආවරණය " බ්ලැන්ක්"

පූර්ණ-මුහුණු ආවරණ ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කරනවා පමණක්ම නොව, එය ඔබේ අනන්‍යතාවය ද ආරක්ෂා කරයි. ඔබට එම ආවරණයෙන් පිටතට දැකිය හැකිය, නමුත් කෙනෙකුට එහි ඇතුළත නොපෙනේ. මොකක්ද මේ මුහුණු ආවරණය? අපි කියන්න යන්නේ ඒ ගැනයි.

ඔබේ අනන්‍යතාවය මෙන්ම ඔබව විෂබීජ වලින් ආරක්ෂා කරන මුහුණු ආවරණයක් සකස් කළ කික්ස්ටාටර් ව්‍යාපාර සමූහයේ අළුත්ම නිර්මාණය පූර්ණ-මුහුණු මොඩියුලර් ආවරණය,
"
බ්ලැන්ක්"

මේ මුහුණු ආවරණය තුළින් ඔබේ ඇස්, නාසය සහ මුඛය බාහිර විශබීජයන් ගෙන් ආරක්ෂා කරන අතර, බාහිර ලෝකයාට ඔබ කව්රුන්ද යන්න නොපෙනෙන බවද බ්ලැන්ක් සහතික කරයි.

එහි විනිවිද පෙනෙන වෙනස් කළ හැකි ඉදිරිපස පුවරු පිටුපස ඔබේ අනන්‍යතාවය සුරක්ෂිත වෙනවා,” ඔවුන් පවසනවා කික්ස්ටාටර් ව්‍යාපාර සමූහයේ ඉලක්කය වන ඩොලර් 20,000 ඉක්මවා දින 36 ක් ඉදිරියට තිබියදීම ඩොලර් 260,000 ක් බවට පත්ව ඇත.

 


නැවත භාවිතා කළ හැකි සහ ප්‍රතිස්ථාපනය කළ හැකි FDA විසින් අනුමත කරන ලද HEPA ෆිල්ටර දෙකක් හරහා බ්ලැන්ක් මුහුණු ආවරණය වාතය පෙරහන් කරයි. නමුත් මෙහි නිෂ්පාදන නිර්මාණකරුවන්, ඉංජිනේරුවන්, විද්‍යවේදීන් සහ අලෙවිකරණ පිළිබඳ දැනුම ඇති බ්ලැන්ක්ගේ ජාත්‍යන්තර කණ්ඩායම පවසන්නේ මෙම COVID-19 වාර වලදී මෙය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාවට වඩා වැඩි යමක් ලබා දීමට ඔවුන්ට අවශ්‍ය බවයි.

එකක මුහුණු දහසක්” ලෙස හඳුන්වන මෙම මුහුණු ආවරණය මාරු කළ හැකි විවිධාකාරයේ පුවරු ඇත. එය රාමුවට චුම්බක මගින් රඳවා තබා ඇති අතර එමඟින් ඔබේ කැමැත්ත සහ ඔබේ ඇඳුමට ගැලපෙන පරිදි එහි පෙනුම වෙනස් කර ගත හැකිය. පැහැදිලිවම ක්‍රියදාම ඩියෝ ක්‍රීඩාවක ඉන්නා අයෙකු මෙන් දිස්වේ.

ඔබ උද්‍යානයේ ඇවිදින මොහොතක, කාර්යාලයේ ඔබේ පරිගණකය ඉදිරිපිට වාඩි වී සිටින විට, නැතහොත් සමාජ ශාලාවක මිතුරන් සමඟ ඔබේ සන්ධ්‍යාව භුක්ති විඳින විට ඔබේ නිර්මාණශීලිත්වය ප්‍රකාශ කරන්න ඉඩ ලැබී ඇත" යනුවෙන් කික්ස්ටාටර් ව්‍යාපෘතිය පවසයි.

 


මෙම ආවරණ කික්ස්ටාර්ටර් හි පූර්ව ඇණවුම් සඳහා දැන් ඩොලර් 79 සිට (£ 60, AU $ 105) සිට මෙම මුහුණු ආවරණ ලබා ගත හැකිය. මෙම නිෂ්පාදනය 2021 මාර්තු මාසයේදී ලෝකයේ ඕනෑම තැනකට නැව්ගත කිරීමට අපේක්ෂා කරන නමුත් මොස්කව්හි තොරතුරු තාක්ෂණවේදියෙකු වන සම-නිර්මාතෘ පිලිප් එගොරොව් පැවසුවේ පෙබරවාරි මැද භාගය වන විට කණ්ඩායම මේ සඳහා සූදානම් වන බවයි.

බ්ලැන්ක් මුහුණු ආවරණය සඳහා පුද්ගලයන් දක්වන ප්‍රතිචාරය අති විශාලය, විශේෂයෙන් ඉහළ මට්ටමේ උනන්දුවක් ජපානයෙන් දක්වන බවත් ඊගොරොව් වැඩිදුරටත් පවසයි.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

557 Views

Comments

arrow-up