ලොව ප්‍රථම සාර්ථක ගර්භාෂ බද්ධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

ලොව ප්‍රථම සාර්ථක ගර්භාෂ බද්ධය

ලොව ප්‍රථම සාර්ථක ගර්භාෂ බද්ධය

ඩර්යා සාර්ට් නම් කාන්තාවට ගර්භාෂයක් නොමැතිව ඉපදුනත් පැය හතරක පමණ ශල්‍යකර්මකින් පසු ඇයට ගර්භාෂයක් බද්ධ කර තිබෙනවා. එය ඉතාම සාර්ථක ශල්‍යකර්මයක්. රිය අනතුරකින් මියගිය කාන්තාවගේ ගර්භාෂයක් ඇයට බද්ධ කළ අතර එය ඉතා හොඳින් ක්‍රියා කරන බව වාර්තා වලින් සනාථ වෙලා තියෙනවා. ඒ අනුව එංගලන්තයේ වෛද්‍යවරු සාර්ථකව කල ප්‍රථම ගර්භාෂ සැත්කම සිදු කිරීමෙන් පසුව ස්වීඩනයේ වෛද්‍යවරුද ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට පටන් අරන් තියෙනවා.

බොහෝ මවුවරුන් ගර්භාෂ නොමැති දියණියට තම ගර්භාෂය ප්‍රධාන කිරීමට ඉදිරිපත්ව තියෙනවා. බොහෝ කාන්තාවන්ට ඉක්මනින්ම තමන්ගේම දරුවකු මෙලොවට බිහි කිරීමට අවස්ථාව ලැබෙන බව මේ නිසා වෛද්‍යවරුන් පවසනවා. බ්‍රිතාන්‍ය ගත්කල පහළොස් දාහක් පමණ තරුණ කාන්තාවන් උත්පත්තියෙන්ම ගර්භාෂ නොමැතිව පිළිකා මෙන්ම වෙනත් රෝග මත ගර්භාෂ ඉවත් කිරීමට ලක්ව තියෙනවා. ඇයව ශල්‍යකර්මයට භාජනය කළ වෛද්‍යවරු විශ්වාස කරන්නේ නුදුරු අනාගතයේදී ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම් සාමාන්‍ය ශල්‍යකර්ම බවට පත් වන බවයි. සමහර කාන්තාවන්ගේ ආශාව මෙම බද්ද කිරීමේ ඇති අවදානම නොතකාමයි. දරුවකු පිලිසිඳ ගැනිමට මරණීය අවදානම පවා යටපත්කර දරුවකු බලාපොරොත්තු වෙන කාන්තාවෝ සිටිනවා. නමුත් සාඵල්යතා විශේෂඥ වෛද්‍ය ලෝඩ් වින්ස්ටන් පවසන්නේ අවදානම භාර ගැනීම ඉතා වැදගත් අතර සමහර කාන්තාවන් දරුවකු නොලැබීමට ඇති ඉඩකඩද බාරගත යුතු බවයි.

 

 

 


සමහර පුද්ගලයන් දරුවන් හදාගැනීම කෙරෙහි යොමුවන්නේ නෑ. ඒක කණගාටුවට කරුණක් වුවත් ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටිය යුතුයි. රෝපණය කළ අලුත් ගර්භාශය මගින් ගැබ් ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ අවදානම අනුව ගැබිනි සමයේ මාරාන්තික සංකූලතා පවා ඇති වෙන්න පුළුවන්. එය වැළැක්වීමට ඖෂධ භාවිතා කළ යුතු වන අතර අලුත් ගර්භාෂයක ගැබ් ගැනීම ප්‍රතික්ෂේප කිරීම මඟින් ගර්භාෂ පිළිකා ඇතිවීමේ අවදානම සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව ඇතිවීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම් සිදුකර තියෙනවා. විශේෂයෙන්ම මීයන් හාවන් සහ බැටලුවන්ට ඉතා සාර්ථකව ගර්භාෂ බද්ධ කිරීම සිදුකරලා තියෙනවා. ඔවුන් පැටව් බිහිකර තියෙනවා.

මීට පෙර ගර්භාෂය බද්ධ කිරීමේ සැත්කමක් 2000 වර්ෂයේදී සෞදි අරාබියේ කාන්තාවකට සිදුකර ඇති අතර එය ජීවත්ව සිටින කාන්තාවකගෙන් ලැබුණු ප්‍රදානයක්. නමුත් එය මාස තුනකට පසුව මිලිනවී ගොස් තියෙනවා. ඊට හේතුව ගර්භාෂයට සම්බන්ධ කෙරෙන රුධිර නාල ඉතා පටු වීමයි. ඒ අනුව ඩර්යාට සිදුකළ ගර්භාෂ සැත්කම ලොව පළමු වතාවට සිදුකල සාර්ථක ගර්භාෂ සැත්කම බවට පත්වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

600 Views

Comments

arrow-up