සාර්ථක කළමණාකරුවෙකු වීම ඔබේ සිහිනයද
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

සාර්ථක කළමණාකරුවෙකු වීම ඔබේ සිහිනයද

සාර්ථක කළමණාකරුවෙකු වීම ඔබේ සිහිනයද

ගතික ව්‍යාපාර පරිසරයක් තුළ සංවිධානයක අපේක්ෂිත ඉලක්ක සහ පරමාර්ථ ඒ ආකාරයෙන්ම මුදුන් පමුණුවා ගැනීම සඳහා සංවිධානයේ සීමිත සම්පත් කාර්යක්ෂම ලෙසත් සඵලදායී ලෙස උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය කලමනාකරණය වශයෙන් සරලවම හඳුන්වන්නට පුළුවන්. මෙහිදී සිදුවන්නේ සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම සහ පාලනය යන කාර්යයන් ක්‍රමානුකූල ක්‍රමයකට හැසිරවීමයි. ඒවා අදාළ ආයතනයේ ඉලක්ක ඉටුකර ගැනීම දෙසට ක්‍රියාත්මක වන අතර එහිදී නිසි ලෙස දායකත්වය ලබා නොදෙන්නේ නම් නැවත සැලසුම්කරණයට සහ සෙසු කාර්යන්ට සම්බන්ධ වී අඛණ්ඩ ක්‍රියාවලියක් ආකාරයෙන් සිදු කරයි. වර්තමානයේ දී ව්‍යාපාර ලෝකය සමග ගනුදෙනු කරන පුද්ගලයෙකුට තිබිය හැකි සිහිනයකි අදාළ ක්ෂේත්‍රයේ සාර්ථක කළමණාකරුවෙකු බවට පත්වීම. එහිදී කළමනාකරුවන් විසින් යම් යම් කුසලතාවයන් හොඳින් වර්ධනය කරගත යුතුයි.

සාර්ථක කළමණාකරුවෙකු වීමට නම් සංකල්පනාත්මක කුසලතා හොඳින් වර්ධනය කරගත යුතුයි. එනම් සංවිධානයක අභ්‍යන්තර සහ බාහිර පරිසරය පිළිබඳව ඇති අවබෝධය, ගැටලු තේරුම් ගැනීම සහ විසඳීමේ හැකියාව, දූරදර්ශීභාවය, තීරණ ගැනීම වැනි තීක්ෂණව සිතීමේ හැකියාව යනාදියයි. තවද අන් අය සමඟ කටයුතු කිරීමට හැකියාව ද කළමනාකරුවන් විසින් ප්‍රගුණ කළ යුතුයි. එය හඳුන්වන්නේ මානව කුසලතා යනුවෙනි. අන් අය අවබෝධ කර ගැනීමට ඔවුන් සමඟ වැඩ කිරීමට මෙන්ම ඔවුන් ලවා වැඩ කරවා ගැනීමට සහ ඔවුන්ට මානුෂිකව සැලකීමට කළමනාකරුවෙකුට හැකියාවක් තිබිය යුතුයි. කිසියම් කාර්මික ගනී ක්‍රියාවක් කිරීම සඳහා ඔහුට හෝ ඇයට ඇති හැකියාව තාක්ෂණික කුසලතා යනුවෙන් හඳුන්වන්නට පුළුවනි. එනම් සිටීමට නොව කිසියම් විශේෂ ස්ත්‍රියකට අදාළ යම් කාර්යයක් කිරීමට කළමනාකරුවෙකු සතු ව පැවතිය යුතු සුවිශේෂී හැකියාවයි.

 

 

 


තවද තීරණ ගැනීමේ කුසලතාව ද සාර්ථක කළමණාකරුවෙකු වීමට නම් අනිවාර්යයෙන්ම ප්‍රගුණ කලයුතු කුසලතාවයකි. එහි අර්ථය වන්නේ ගැටළු හඳුනා ගැනීම සහ ඒවා විසඳීමට යෝග්‍ය ක්‍රියාමාර්ග තොරාගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රබල හැකියාවයි. එමෙන්ම භාෂාව හැසිරවීමේ හැකියාව සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ විප්ලවීය දියුණුව සමඟ බැඳුණු විවිධ හැකියාවන් කළමනාකරුවෙකුට තිබිය යුතුයි. එම හැකියාව හඳුන්වන්නේ සන්නිවේදන කුසලතාව යනුවෙනි. ඊට අමතරව ඔහු හෝ ඇය විසින් ගෝලීය කළමණාකරන කුසලතාවයන් වඩාත් ඔපමට්ටම් කරගත යුතු වන අතර යම් ජාත්‍යන්තර ගණුදෙනු වලට අවශ්‍ය දැනුම සහ ගෝලීයකරණය සමඟ පැන නැගී ඇති අභියෝග කළමනාකරණය කිරීමේ සහජ හැකියාවයි. කාලය යනු කළමනාකරුවන්ට වඩාත් වටිනා සම්පතකි. මෙහිදී තමාට ලැබී ඇති කාලය ඵලදායීව භාවිතා කිරීමේ හැකියාව එනම් කාල කළමනාකරණ කුසලතාවය සාර්ථක කළමනාකරුවෙකු වීමට නම් අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතුයි.

කිසියම් ආයතනයක අග්‍ර කළමනාකරුවන්, මධ්‍යම කළමනාකරුවන් සහ පළමු පෙළ කළමනාකරුවන් වශයෙන් කළමනාකරුවන් වර්ග කර දක්වන්නට පුළුවනි. ඉහළ මට්ටමේ කළමනාකරුවන්ට වැඩි වශයෙන් සංකල්පනාත්මක කුසලතා අවශ්‍ය කරන අතර පළමු පෙළ කළමනාකරුවන්ට වැඩි වශයෙන් තාක්ෂණික කුසලතා අවශ්‍ය කෙරේ. එමෙන්ම මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ට සාමාන්‍ය ප්‍රමාණයකින් සංකල්පනාත්මක සහ තාක්ෂණික කුසලතා අවශ්‍ය කෙරේ. නමුත් සෑම මට්ටමකම කළමනාකරුවන්ට මානව කුසලතා එක හා සමානව අවශ්‍ය වන බව මතකයේ තබා ගන්න. මක්නිසාද සෑම ආයතනයක්ම ගනුදෙනු කරනුයේ මිනිසුන් සමග වන නිසාවෙනි. ඔබටත් අවශ්‍ය ඔබගේ ආයතනයේ සාර්ථක කලමනාකරුවෙකු වීමට නම් මෙම කුසලතාවයන් මනා ලෙස ප්‍රගුණ කර ගත යුතුය.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1680 Views

Comments

arrow-up