පරිගණක සජීවීකරණයෙන් නිමවූ Onward
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

පරිගණක සජීවීකරණයෙන් නිමවූ Onward

පරිගණක සජීවීකරණයෙන් නිමවූ Onward

ඉයන් සහ බෙයාර්ලී කලකට ඉහතදී මැජික් සපිරි ලෝක වර්තමාන සොහොයුරන් දෙදෙනෙක්. ඔවුන් තරුණ වියට පැමිණි පසු වූ බලගතු වූ උස් සැරයටියක් ත්‍යාගයක් ලෙස ලැබෙනවා. එය ඔවුන්ගේ පියා මිය යාමට පෙර ඔවුන් වෙනුවෙන් වෙන් කළ එකක්. එයට වෙන් වූ වචනයක් පැවසීමෙන් පසුව පැය විසිහතරකට පියාව ගෙන්වාගත හැකි වෙනවා. බෙයාර්ලිගේ පෙළඹවීම මත ඉයන් විසින් හදිසියේම එම වචනය පැවසීම සමග යෂ්ඨියේ බලය ක්‍රියාත්මක වෙලා ක්ෂණිකව මතුවෙන්නේ පියාගේ ඉනෙන් පහළ කොටස විතරයි. පැය විසිහතරක් ඉතුරුව තියෙනවා. බෙයාර්ලි හා ඉයන් විසින් පියාගේ සිරුරේ අනෙක් කොටස සොයා ගතයුතු වෙනවා. ඩෑන් ස්කැන්ලන් විසින් අධ්‍යක්ෂණය කළ Onward චිත්‍රපටය රිදී තිරයේ දිග හැරෙන්නේ ඒ විදියට. පරිගණක සජීවීකරණ චිත්‍රපටයක් ලෙස pixar animation studios නිෂ්පාදනය කර බෙදාහරින චිත්‍රපටය පසුගිය මාර්තු 6 වෙනිදා සිට ලොවපුරා තිරගත වුණා. ටොම් හෝල්ඩන්, ක්‍රිෂ් පැට්, ජුලියා ලුවී ඩ්‍රේෆ්ස්, ඔලීවියා ස්පෙන්සර් ඇතුළු පිරිසක් මේ සඳහා හඬ දායකත්වය ලබාදී තියෙනවා. මෙහි තිර රචනය සිදු කරලා තියෙන්නෙ ස්කෑන්ලන් සමඟින් ජේසන් හෙඩ්ලි සහ කීත් බුනින් විසින්. පරිගණක සජීවිකරණ චිත්‍රපට මුළු ලෝකය පුරාම වන විට ව්‍යාප්ත වෙමින් පවතින අලූත්ම චිත්‍රපට රැල්ල බවට පත්වී තියෙනවා.
 

 

 


පසුගිය මාර්තු 06 වැනිදා සිට තිරගත තිරගතවීම ආරම්භ වුණු onward චිත්‍රපටය රොට්න් ටොමැටෝස් අඩවියේ විචාරක මනාපයට අනුව එහි 87% ක් හිමිකරගෙන තියෙනවා. අනෙකුත් picsar චිත්‍රපටි සමඟ සංසන්දනය කිරීමේදී අඩුපාඩුවක් නැතත් එම චිත්‍රපටය සාර්ථක කරගැනීමට යෙදු ක්‍රමවේදය මෙයට යොදාගෙන තිබීම හේතුවෙන් එම චිත්‍රපට අතර මෙයද කැපීපෙනීම සේම හදවතට සංවේදී විනෝදජනක චිත්‍රපටයක් ලෙස විශේෂ වන බව විචාරකයන් පවසනවා. මොකද මේ සම්බන්ධ අධ්‍යක්ෂක ස්කෑන්ලන් හට සංවේදී සත්‍ය කතාවක් සබැඳි තියෙනවා. එනම් ඔහුගේ වයස අවුරුද්දක් සහ සොහොයුරාගේ වයස අවුරුදු තුනක් පමණ වන විට පියා ජීවිතයෙන් සමුගෙන තියෙනවා. මිචිගන්හි හැදීවැඩුණු ඔවුන් යොවුන් වියට පැමිණි පසු ඥාතියෙකු විසින් පියා මිය යාමට පෙර පටිගත කළ හඬ පටයක් ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දෙනවා. අධ්‍යක්ෂකවරයා විසින් onward චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා පෙළඹවීමක් සිදු වූයේ මේ සිදුවීමයි. ඉතින් මෙම චිත්‍රපටය වැඩිහිටියන්ගේ මග පෙන්වීම යටතේ ළමයි නැරැඹිය යුතුම චිත්‍රපටයක් ලෙස විචාරකයන් පෙන්වා දෙනවා. විවෙකී දිනක ඔබත් onward නරඹා රසවිඳින්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

481 Views

Comments

arrow-up