ලංකාවේ අතීත තැපැල් සේවාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
04

ලංකාවේ අතීත තැපැල් සේවාව

ලංකාවේ අතීත තැපැල් සේවාව

ලන්දේසි යටත්විජිත යුගයේදී අප්‍රිකා මහාද්වීපයේ සුභපැතීමේ තුඩුව හරහා ඕලන්දය හා ජාවා දූපත් අතර නැව් මගින් පවත්වාගෙන ගිය මුහුදු තැපැල් සේවය සඳහා ගාලු වරාය සම්බන්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ වර්තමාන තැපැල් සේවයේ ආරම්භය සිදුවී තිබේ. එබැවින් ගාල්ල නගරය ශ්‍රී ලංකාවේ නූතන තැපැල් සේවයේ ආරම්භය සිදුවූ ස්ථානය ලෙස ඉතිහාසයට එක්වේ. 1757 අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියාවේ බතාවියට යවන ලද ලිපියඉහත කී මුහුදු තැපැල් සේවය මගින් ලංකාවේ සිට විදේශයකට යැවූ පළමු ලිපිය ලෙස සැලකේ. අතර එය ගාලු වරායෙන් පිටත් වූ තැපැල් නැවක් මගින් ගිය අතර ජාත්‍යන්තර තැපෑල හා සම්බන්ධ වූ ලංකාවේ පළමු නගරය වන්නේ ද ගාල්ල නගරයයි. පොදු මහජනතාවගේ සන්නිවේදන අවශ්‍යතාවන් ඉටු කළ සේවයක් ලෙස ලන්දේසි පාලන සමයේදී ලංකාවේ පැවැති තැපැල් සේවය නොසැලකේ. එය ලන්දේසි රාජ්‍ය නිලධාරීන්ගේ සන්නිවේදන අවශ්‍යතාවන් සඳහා වෙන්වූ සීමිත තැපැල් සේවයක් පමණි.


ලංකාව තුළ තැපැල් සේවය ලන්දේසි සමයේ ඇතිවුවද පළමුවරට තැපැල් කාර්යාල පිහිටුවනු ලැබූවේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදීය. එවකට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති මුහුදුබඩ නගර කිහිපයක 1798 සැප්තැම්බර් 23 දා ලංකාවේ පළමු තැපැල් කාර්යාල පහ ආරම්භ කර තිබේ. ගාල්ල කොටුව කොළඹ, යාපනය, ත්‍රිකුණාමලය හා මන්නාරම යන නගරවල මෙලෙස තැපැල් කාර්යාල පිහිටුවන ලදී. ලංකාවේ අභ්‍යන්තර තැපැල් කටයුතු එම තැපැල් කාර්යාල මගින් පවත්වාගෙන යනු ලැබුවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ මුල් කාලයේදීය.


ආසියාව තුළ පළමුවරට තැපැල් ප්‍රවාහන සේවයක් ආරම්භ කරන ලද්දේ ලංකාවේය. ඒ අනුව අශ්වයින් විසින් ඇදගෙන යනු ලැබූ රෝද හතරක රථයක් භාවිත කරමින් ඇත්තේ 1832 පෙබරවාරි 01 ආරම්භ විය. මුලදී කොළඹ කුමාර වීදියේ සිට මහනුවර දක්වා තැපැල් භාණ්ඩ මෙන්ම මගී ප්‍රවාහනය සඳහා ද යොදාගත් එම රථය මේල් කෝච් යනුවෙන් හැඳින්වුණු ලැබීය. නමුත් එය ජනතාව අතර ප්‍රචලිත වූයේ තැපැල් අශ්ව කෝච්චිය ලෙසයි.

 


විදෙස් පුවත් ඇතුලත් පුවත්පත් හුවමාරු වූයේද මෙම ක්‍රමය හරහායි. නමුත් ගාල්ලේ සිට කොළඹට තැපැල් මලු ගෙන යාම සඳහා තැපැල් අශ්ව කෝච්චියට පැය දහයක් පමණ ගතවූ අතර පසුව තෝරාගත් විදෙස් පුවත් කොළඹ ඔබ්සර්වර් පුවත්පත් කාර්යාලය දක්වා ගෙන යාමට තවත් කාලයක් වැයවිය. මේ ආකාරයට ලංකාව තුළදී දින දෙකක පමණ ප්‍රමාදයකට ලක්වීමෙන් පසු මුද්‍රණය කර පුවත් පත බෙදාහරින විට එම විදෙස් පුවත් පැරණි ඒවා විය. පරෙවි තැපැල් සේවය එම ප්‍රමාදය මගහැරවීමට යොදාගත් නව ක්‍රමවේදය විය. ඒ අනුව ගාලු වරායට ලැබුණු විදෙස් පුවත් සහිත ලිපිය පුහුණු කරන ලද පරෙවියෙකුගේ පාදයක ගැට ගසා මුදාහරී. ඒ අනුව පැය 01 ක් වැනි කෙටි කාලයක් තුළදී ගාල්ලේ සිට කොළඹට පරෙවියා පැමිණෙයි. මෙලෙස අතීතයේදී විවිධ තැපැල් පණිවිඩ ක්‍රම භාවිතා වී තිබේ.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1251 Views

Comments

arrow-up