ඩොලර් මවන දූරියන්
Latest_News
calendar
DEC
02

ඩොලර් මවන දූරියන්

ඩොලර් මවන දූරියන්

සමහර පුද්ගලයන්ට ඔක්කාරය සෑදෙන තරමේ ගන්ධයක් ඇති පලතුරු ලොවේ රජු ලෙස හඳුන්වන දූරියන් උමං දුම්රියේ ගමන් බිමන් යෑමට ලොව දුගඳම පලතුරට සිංගප්පූරුවේදී තහනම් බව ඔබ දන්නවාද? ලොව තුන්වෙනියට විශාලම හා ආසියාවේ විශාලතම දූපත වන බෝනියෝ හි සම්භවය දූරියන් තවමත් අපට ආගන්තුක බෝගයක් වේ. පෘතුගීසීන් විසින් 16 වෙනි සියවසේදී මුලින්ම මෙරටට හඳුන්වා දුන් දා පටන් ගෙඩි හැදෙන කාලයට ගහ යට වැටුණ ගෙඩිය අහුලාගත්තා මිස ඊට වඩා වැඩි යමක් මෙම සල්ලි උල්පතෙන් අප ලබාගෙන නොමැත. අපේ රටේ දූරියන් ගස් බොහොමයක් අතීතයේදී මිනිසා විසින් ගෙනවිත් සිටවූ ඒවා නොව ඉබේ පැලවූ ඒවාය. ඒනිසාම ඇතැම් ගස් වසර සියයක් පමණ නිරෝගීව ජීවත්වීමට සුදුසු භූමියක පිහිටා නොමැත දූරියන් ගස් ජලය හොඳින් බැස නොයන, හිරු එළිය හොඳින් පොළොවට නොවැටෙන තැනක ස්ථාපනය වූවානම් වැඩිකල් නොගොස් ලෙඩ රෝගයන්ට මුහුණදෙයි.


පැරණි දූරියන් ගස්වල හටගන්නා ගෙඩි තවමත් අපේ වෙළෙඳපොළට එන ප්‍රමාණයකට වැඩි දායකත්වය ලබාදෙයි. වයස අවුරුදු පනහ හැට පරණ මෙම ගස්වල ගෙඩිවල ගුණාත්මකභාවයේ ප‍්‍රශ්නයක් තිබිය හැක. එසේම මේ ගස් වයස්ගත නිසාම නිධන්ගත රෝග තිබී එම රෝග ශාකය පුරා ටික ටික පැතිරී යා හැක.


තවමත් අප නිවැරදිව තේරුම්ගෙන නොමැතිවී අවාසනාවන්ත කරුණ නම් දූරියන්වලට අසීමිත අපනයන විභවයක් ඇති බවයි. නමුත් තායිලන්තය නම් අපට මෙන්ම තමාගේ බෝගයක් නොවන දූරියන්වලින් මේ වන විට වැඩියෙන්ම විදේශ විනිමය උපයමින් සිටී. ලෝකයේ දූරියන් අගනගරය සේ හැඳින්වෙන තරමට දූරියන් බැංකොක් නුවර සිට කිලෝ මීටර් 240 ක් පමණ දුරින් පිහිටි චන්තබූරී නගරයේ වගා කර ඇත. වසරකට දූරියන් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක් පමණ අපනයනය සඳහා එරට නිපදවෙන අතර චීනයට සහ හොංකොං වලට ඉන් භාගයකටත් වඩා අපනයනය කෙරේ.

 


සාර්ථක අපනයන බෝගයක් වන මෙය ප්‍රවර්ධනය සඳහා වගාකරුවන්ට අවශ්‍ය හොඳ ප‍්‍රභේද බිහිකිරීම වෙනුවෙන් හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පලතුරු අභිජනන ආයතනය මේ වන විටත් විසඳුම් සොයමින් තිබේ. මේ වන විට ලෝකයේ ජනප‍්‍රිය දූරියන් වර්ග හා තරඟ කිරීමට සමත් අපේම ප‍්‍රභේද පහක් මේ වන විට දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර තිබේ. එහි බද්ධ පැල, රජයේ හා පෞද්ගලික පැල තවාන් මගින් මේ වන විට නිපදවනු ලබයි.

වැවිලි බෝග විදේශ විනිම උත්පාදන කිරීමට සමත්ව තිබුණේ දශක කීපයකට එපිටදී වන නමුත් අද වන විට එය වෙනස්වී තිබේ. නමුත් මහපොළොවේ තිබෙන සාරය යොදා මෙවැනි නව වැවිලි බෝගය හරහා එදාමෙන් අලෙවි කර සල්ලි මවන්නට හැකිනම් රටකට එය වාසනාවකි. මේ එලෙස අලුතෙන් සිතිය යුතු කාලයකි.

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

212 Views

Comments

subscribe
arrow-up