ගෙදරක ආර්ථිකය දියුණු ඇතිවෙන්න නම් නිරිත හොඳට තියාගන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

ගෙදරක ආර්ථිකය දියුණු ඇතිවෙන්න නම් නිරිත හොඳට තියාගන්න

ගෙදරක ආර්ථිකය දියුණු ඇතිවෙන්න නම් නිරිත හොඳට තියාගන්න

වාස්තු දෝෂ කියන්නේ නිවසක සොබාදහමට එකඟ කරන ශාස්ත්‍රය වන අතර වාස්තු ශාස්ත්‍රයේ සිද්ධාන්ත අනුගමනය කිරීමෙන් අප ජීවත්වන නිවාසය වාසයට වඩාත් යහපත් යෝග්‍ය ස්ථානයක් බවට පත් කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම වාස්තු මූලධර්මයන් උතුර නැගෙනහිර දකුණ බටහිර යන දිශාවන්ට මෙන්ම අනෙකුත් අනු දිශාවන්ට නිතරම සම්බන්ධ වෙනවා. මෙම දිශා අටෙන් ඊශාන දිසාවට වාස්තු ශාස්ත්‍රය තුළ වගේම අනෙකුත් ශාස්ත්‍රය තුළ විශාල වටිනාකමක් ලබාදී තියෙනවා. නිවසක අත්හරින ශක්ති ප්‍රවේශන දිශාව ඊසාන දිශාව බව කවුරුත් දන්නවා. ඊසාන දිශාවේ විශාල දොර ජනෙල් තැබීම මගින් වැඩි විවෘත අවකාශයක් සලසා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම නිවසට පැමිණෙන අන්තර් ශක්තිය නිවසේ කෙමෙන් ගබඩා වෙන්නේ නිරිත දිශාව වීම නිසා එම දිශාවේ අවකාශය හැකි පමණක් සංවෘත වන පරිදි ප්‍රමාණයෙන් කුඩා හා අඩු ප්‍රමාණයක් තබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා සාලය වගේම ප්‍රධාන දොර යොදා ගැනීමේදී නිරිත දිශාවට එය තැබීම් වාස්තු විද්‍යාවට පටහැනි වෙනවා. නිවසක මුළුතැන්ගෙය නිරිත දිශාවේ පිහිටීම් ඉතාමත් අහිතකර පිහිටීමක්. නිවසේ නිරිත කොටස අඩුවක් ලෙස සැලසුම් වීම හෙවත් නිවෙසේ නිරිත දිශාවෙන් නිවස නොමැති වීම නිසා ඊශාන දිශාවෙන් ප්‍රවේශිත අන්තර් ශක්තිය ගබඩා නොවී නිවසින් බැහැරට ගලා යනවා. ය එවිට නිවෙස ඇතුළත අන්තර් ශක්තියට ගබඩා නොවීම වැළැක්විය නොහැකි. මෙවැනි පිහිටීමක් සහිත නිවෙස්වල ගෘහ මූලිකයා අඛණ්ඩ මානසික හා ශාරීරික රෝගාබාධවලට ලක්වනවා. ඒවගේම නිවැසියන්ට තම පවුල තුළ සතුට අහිමි වුන අස්ථාවර ජීවිතයක් ගත කිරීමට හේතුවන වාස්තු දෝෂ රැසක් ඇතිවෙනවා.
 

 

 


තවද බිම් මට්ටම් කිහිපයක් සහිත නිවසක නිවෙසේ නිරිත කොටස ඉතාම පහළින් පැවතීම හේතුවෙන් නිවසේ අභ්‍යන්තර ශක්තියට බලපෑමක් සිදුවෙනවා. වැසිකිලි ඊසාන දිශාව මෙන්ම නිරිත දිශාවටද අයහපත් වෙනවා.විශේෂයෙන්ම නිවසක වැසිකිලි වල ලිඳ ගරාජය නිරිත දිශාවේ පිහිටීම සුදුසු වන්නේ නැහැ. ස්වයං සංවර්ධන බලයක් ලබා දෙන අන්තරීක්ෂ ශක්තිය විශ්වය හා අප අතර සම්බන්ධතාවයක් ඇති කරනවා. අපේ පැවැත්මට මෙන්ම ක්‍රියාකාරකම් සඳහා මෙම ශක්තිය සම්බන්ධ වනවා පමණක් නොව ආධ්‍යාත්මික පුළුල් කිරීමක් ද ඉන් සිදු වෙනවා. දිශා අනුව නිවසේ නිවැරදි පිහිටීම සිදු කිරීමෙන් ශක්ති සංසරණ යහපත් හා නිවැරැදි ආකාරයට සිදුවන නිවසක ජීවත්වන පුද්ගලයන් උසස් වන්නේ ඒ නිසයි. මේ නිසා ඊසාන දිශාවට නොදෙවෙනි ලෙස නිරිත දිශාව වස්තු දෝෂයන් රහිතව පවත්වාගෙන යෑමෙන් අනිසි අයහපත් ප්‍රතිඵල ඇතිවීම වළක්වාගන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

3422 Views

Comments

arrow-up