ඉදිරි වසර 20දී ජලය හිඟ වෙන එංගලන්තය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

ඉදිරි වසර 20දී ජලය හිඟ වෙන එංගලන්තය

ඉදිරි වසර 20දී ජලය හිඟ වෙන එංගලන්තය

එංගලන්තයේ අනාගත ජල සැපයුම බරපතළ අවදානමකට ලක්ව ඇති පුවතක් වාර්තා වෙනවා. ඒ සඳහා හදිසි පියවරක් නොගතහොත් ඉදිරි වසර 20 තුළ එංගලන්තයේ සමහර ප්‍රදේශවල ජලය සැපයීම් අපහසු වන බව වාර්තා වෙනවා. ඒ නිසා රෙදි සෝදන යන්ත්‍ර සහ පිඟන් සෝදන යන්ත්‍ර වැනි ගෘහස්ථ නිෂ්පාදන වල කාර්යක්ෂමතා ලේබල් අනිවාර්ය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබෙනවා. ඒ අනුව එරට රජය ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජල කර්මාන්තයේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමේ පියවරයන් ඔවුන් දැනටමත් ආරම්භ කර ඇති බවයි.

වාර්තා වලට අනුව එංගලන්තයේ සහ වේල්සයේ ජනතාව දිනකට ජලය ලීටර් බිලියන දාහතරක් පමණ භාවිතා කරනවා. එයින් පහෙන් එකක් කාන්දු වන නල මගින් නාස්ති වී යන බවද වාර්තා වෙනවා. 1989දී පුද්ගලීකරණය කරන ජලය සමාගම් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මත ශ්‍රේණිගත කළ යුතු අතර ජලය නාස්ති නොකිරීමට ජනතාව දිරිමත් කිරීම සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රනයක් හා නිසි දැනුවත් කිරීමක් සිදුකල යුතු වෙනවා. රෙදි සෝදන යන්ත්‍ර සහ පිඟන් සෝදන යන්ත්‍ර වැනි ජලය භාවිතා කරන එක්සත් රාජධානියේ විකුණන සෑම ගෘහ භාණ්ඩයකටම ඒවා කොතරම් කාර්යක්ශම දැයි පෙන්වීමට ලේබලයක් තිබිය යුතු බවද එරට මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. එසේම නව නිවාස ඉදි කිරීමේදී රජය බලශක්ති කාර්යක්ෂමතාව සහ අඩු කාබන් උණුසුම පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙනවා.

පසුගිය මැයි මාසයේ පෙර නොවූ විරූ වියළි සහගත කාලගුණය සහ කෝවිඩ් 19 හේතුවෙන් රට අගුලු දැමීමේ ක්‍රියාවලියත් සමඟ මහජනතාව අතර වාර්තාගත ලෙස ජල ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. Water United Kingdom වෙළෙඳ සමාගමට අනුව සාමාන්‍ය ඉල්ලුම සියයට 20 කින් මෙම කාල සීමාව තුළ ඉහළ ගොස් තිබෙනවා. යෝක්ෂයර් වෝටර් එහි ජලාශ මට්ටම් සාමාන්‍ය මට්ටමට වඩා අඩු බව අනතුරු ඇඟවූ අතර අනෙකුත් සමාගම් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ තණකොළ හා කාර් සේදීම් සීමා කරන ලෙසයි.

 


ෂෙෆිල්ඩ් විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ජල පද්ධති පිළිබඳ මහාචාර්ය වැනේසා ස්පයිට් බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ එක්සත් රාජධානියේ ලෝකයේ පැරණිතම ජල යටිතල පහසුකම් ඇති අතර එය එරටට කාලාන්තරයක් තිස්සේ හොඳින් සේවය කර ඇති අතර සැලකිය යුතු ලෙස දැන් ජල කළමනාකරණය දෙස බැලීමට කාලය පැමිණ තිබෙන බවයි. ඊට යටිතල පහසුකම් සඳහා ආයෝජනයන් හා නළ කාන්දුවීම් මෙන්ම අදාල විශ්වසනීයත්වය සහ ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු විසඳිය යුතු බව අනාවරණය කරනවා. ඒ අනුව එංගලන්තයේ අපේක්ෂිත ජල කාර්යක්ෂමතා ඉලක්ක සපුරා ගැනීම සඳහා යටිතල පහසුකම් ආයෝජනය ගොඩනැගිලි රෙගුලාසි සහ ඒ ආශ්‍රිත භාවිතයන් පිළිබඳ පූර්ණ සමාලෝචනයක් අද වන විට සිදු කිරීමේ අවශ්‍යතාව මතුවී තිබෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : bbc.com

views

793 Views

Comments

arrow-up