වීඩියෝ ක්‍රීඩා වල කොල්ලකෑම් පෙට්ටි (Loot box ) නියාමනය ඉල්ලා සිටී

වීඩියෝ ක්‍රීඩා වලදී, කොල්ලකෑමේ පෙට්ටිය(loot box) බොහෝ ජනප්‍රිය අංගයකි.හවුස් ඔෆ් ලෝඩ්ස් සූදු කමිටුව පවසන්නේ මෙම වීඩියෝ ක්‍රීඩා වල කොල්ලකෑම් පෙට්ටි සූදු නීති යටතේ නියාමනය කළ යුතු බවයි.
ලෝඩ්ස් කමිටුව මෙම සූදු පෙට්ටි ලෝඩ්ස් කමිටුව පවසන අයුරින් “අහම්බෙන් ලැබෙන ක්‍රීඩා” ලෙස වර්ග කළ යුතු බව පවසන අතර එය ඔවුන් 2005 සූදු පනත යටතේ නියාමය කිරීම සදහා ගෙන එනු ලබනවා.යම්කිසි නිෂ්පාදනයක් සූදුවක් මෙන් පෙනේ නම් සහ එය සූදුවක් සේ හැඟේ නම් එය සූදුව ලෙස නියාමනය කළ යුතු බව ඔවුන් පවසනවා.ඔවුන්ගේ වාර්තා වල වැඩිදුර අදහස් ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ කොල්ලකෑම් පෙට්ටිය සම්බන්ධව සූදු නීති සහ රෙගුලාසි ගෙන ඒම මගින් මේ පිළිබඳව වහාම ක්‍රියා කළ යුතු බවයි.
වීඩියෝ ක්‍රීඩා වල කොල්ලකෑම් පෙට්ටි බොහෝ කලක සිට මතභේදාත්මක අදහස් පැවතුනා.මෙම කොල්ලකෑම් පෙට්ටි පිළිබඳව සැලකීමේදී මෙය විවෘත කරන විට අහඹු ලෙස ත්‍යාගයක් ලබා ගැනීමට ඔවුන් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දෙයි. මේ පිළිබඳව වූ කාරණා තවදුරටත් සංකීර්ණ කරමින් බොහෝ විට මෙම කොල්ලකෑම් පෙට්ටි සැබෑ මුදල් දී මිලදී ගැනීම කල හැකි අතර, යම් විටක මෙය ත්‍යාගයක් වශයෙන් වෙළඳාම් කිරීමද සිදු වෙනවා
කමිටුවේ සභාපති ලෝඩ් ග්‍රේඩ් මහතා බීබීසී සමඟ අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට රටවල් රාශියක් කොල්ලකෑම් පෙට්ටි නියාමනය කිරීමට පටන් ගෙන තිබෙන බවයි.මෙයට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ මේ තුලින් “දරුවන් සූදුවට නැඹුරුතාවක් පෙන්වීමේ ආන්තරාදායක තත්ත්වයි
බෙල්ජියමේ,වැනි රටවල් 2018 දී පමණ කොල්ලකෑම් පෙට්ටි තහනම් කරනු ලැබුවේ දරුවන් මේ සම්බන්ධ ඇබ්බැහි වීමක් ඇතිවේ යැයි යන බිය නිසායි. මෙම වසර මුලදී, ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන පෙගී පැවසුවේ පැහැදිලි ලෙස මේ පිළිබඳව අනතුරු ඇඟවීමේ මේ වන විටත් කර ඇති බවයි .වීඩියෝ ක්‍රීඩා කර්මාන්තයේ දී, සමහර සමාගම් මූලිකත්වය ගෙන ඔවුන්ගේ මෙම පද්ධති ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා .
මෙම ක්‍ෂේත්‍රය පිළිබඳ පුළුල් සමාලෝචනයේ කොටසක් ලෙස, ලෝඩ්ස් වාර්තාව සඳහන් කරන්නේ යෞවනයන් සූදුවට ගොදුරු වීමේ අවදානම දැනටමත් ඉහල ගොස් ඇති බවයි.ඔවුන්ගේ වාර්තා වලට අනුව සූදු ක්‍රීඩකයින් 55,000 ක් වයස අවුරුදු 11-16 අතර වයස්වල පසුවන බව එහි සඳහන් වෙනවා .එහි ප්‍රතිඵලයක් වශයෙන්, නව අන්තර්ජාල සූදු ක්‍රීඩා සියල්ලම ළමයින්ට හානියක් කිරීමට ඇති හැකියාව තක්සේරු කිරීම වැදගත් වන බව ඔවුන් වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියා.
බීබීසී නිවුස් ඇසුරෙන්
by Dilki Shamani
600 Views
Comments