උන්මාද රෝග සුවකළ හැකිද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

උන්මාද රෝග සුවකළ හැකිද

උන්මාද රෝග සුවකළ හැකිද

අපගේ පාරම්පරික වෙද කලාවෙන් සුව කළ නොහැකි රෝගයක් මිහිපිට නොමැති තරම්ය. විවිධ වෛද්‍ය ක්‍රම හරහා සුව කිරීමට නොහැකි යැයි බොහෝ අපහසු යැයි සිතන රෝග දේශීය ප්‍රතිකාර වලින් නිට්ටාවටම සුවය ලබා ඇති අයුරු ඔබ කොතෙකුත් අසා ඇති. දවසින් දවස විවිධ රෝග සමාජයෙන් දැක ගැනීමට හැකියි. එවැනි රෝග අතරින් සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගයකි උන්මාද රෝග. උන්මාද රෝග වල ප්‍රභේද කිහිපයක් පවතී. ඕනෑම වයසක උගත් නූගත් ඕනෑම කෙනෙකුට මෙම උන්මාද රෝග ඇතිවීමට සම්භාවිතාවයක් පවතී.

 

උන්මාද රෝග වර්ග වශයෙන් වාත උන්මාදය, පිත්ත උන්මාදය, විශක්‍රත උන්මාදය, කපජ උන්මාදය, දේව උන්මාදය, භූත උන්මාදය, සංඛා උන්මාදය යනාදිය හඳුනාගත හැකියි. මෙම උන්මාද අතරින් වාතය කෝප වූ විට ඇතිවන වාත උන්මාදය ඉතාමත් ප්‍රචණ්ඩ තත්ත්වයකි. පිත කෝප වූ විට ශරීරය උණුසුම් වේ. කැසීම, තුවාල ඇතිවීම, සම රතුවීම, කෘමි සතුන් දෂ්ට කළ විට ශරීරයෙන් ලප මතුවීම, රතු පැහැ ගැන්වීම, මුත්‍රා දැවිල්ල, මලපහ පිටනොවීම, ඇස් රතු වීම වැනි ලක්ෂණ එහිදී මතුවේ. සෙමෙන් කෝප වූ උන්මාදය ශරීරය අක්‍රීය කරන බව ඔබ දන්නවාද. එමෙන්ම එමඟින් ශරීරය දුබල කිරීමද සිදු කරයි. තවද ශරීරය පීඩාවට පත් කරන අතර එම පුද්ගලයන්ගේ සිත ද ඉතාමත් වේගයෙන් දුර්වල කරයි. ඇතැම් විටෙක එම පුද්ගලයාගේ ක්‍රියාශීලී බව ද නැති කරයි. මෙම උන්මාද රෝග ලක්ෂණ පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාවක් පවතී. වාතය පිත සෙම තුනම කෝප වූ විට සුව කිරීම ඉතා ලෙහෙසියෙන් කළ නොහැකියි. වාතයට ප්‍රතිකාර කළ විට පිත වැඩිවිය හැකි අතර පිතට ප්‍රතිකාර කළ විට සෙම මතුවිය හැකියි. එම නිසා ඉතාමත් කල්පනාකාරීව මෙම උන්මාද රෝග සඳහා ප්‍රතිකාර කළ යුතුයි. ඒ සඳහා වාතය පිත සෙම තුනම සමනය කරන ප්‍රතිකාර ක්‍රම වඩාත් සුදුසු වේ. ආයුර්වේදයේදී උන්මාද රෝග සුව කිරීම සඳහා ඖෂධ සකස් කිරීමේදී පාෂාණ වර්ග, කස්තුරි, ගෝරෝචන, සුවර්ණභෂ්ම, ජටාමාංස, රත්තරං වැනි දෑ ප්‍රයෝජනයට ගනී. එසේම තැවිලි තෙල්, බෙහෙත් පත්තු, හිස ගැල්වුම්, නස්න, සම්බාහන ක්‍රම, නිල ප්‍රතිකාර ක්‍රම යනාදියද උන්මාද රෝග සුව කිරීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් භාවිතා කරනු ලබයි. රෝගය ඇතිවූ මුල් අවධියේම හඳුනා ගනිමින් නිසි ප්‍රතිකාර ලබා ගතහොත් උන්මාද රෝග සුවකර ගැනීම එතරම් අපහසු නොවේ. අවශ්‍ය වන්නේ ඒ සඳහා වඩාත් සුදුසු වෛද්‍යවරයෙක් තෝරාගැනීම සහ වෛද්‍ය උපදෙස් නියමාකාරයෙන්ම පිළිපැදීමයි.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

 

views

937 Views

Comments

arrow-up