නව්‍යකරණය වන ලොව බලවත්ම පුනර්ජනනිය බලශක්තිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

නව්‍යකරණය වන ලොව බලවත්ම පුනර්ජනනිය බලශක්තිය

නව්‍යකරණය වන ලොව බලවත්ම පුනර්ජනනිය බලශක්තිය

මේ සූදානම් වෙන්නේ ලොව බලවත්ම පුනර්ජනනිය බලශක්තිය පිළිබඳ සටහනක් ඉදිරිපත් කරන්න. ලෝකයේ වඩාත්ම රඳා පවත්නා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සුළඟ හෝ හිරු එළිය නොව ජලයයි. පසුගිය වසරවලදී ලෝකයේ ජල විදුලි ධාරිතාව ගිගාවොට් 1308 පමණ අගයක් ගෙන තිබෙනවා. ගිගාවොට් එකක් පමණක් රේස් අශ්වයන් මිලියන 1.3 ක් හෝ වේගයෙන් ධාවනය වන corvette 2000ක් නිපදවන බලයට සමාන වෙනවා. ලොව පුරා භාවිතා කරන විදුලි උත්පාදන කිරීම වැඩි වශයෙන් ජල විදුලිය මත රඳා පවතින්නේ එය ලාභදායී පහසුවෙන් ගබඩා කර විය හැකි සහ ඉන්ධන දහනයකින් තොරව නිපදවිය හැකි නිසයි. ඉන් අදහස් කරන්නේ මෙහිදී ගල් අඟුරු හෝ ස්වභාවික ගෑස් වැනි පොසිල ඉන්ධන දහනය කර විදුලිය නිපදවන බලාගාර වලින් මෙන් කාබන්ඩයොක්සයිඩ් හා වෙනත් දූෂක නිකුත් නොවන බවයි. කෙසේ වෙතත් අනෙකුත් බලශක්ති ප්‍රභවයන්ට සාපේක්ෂව ජල විදුලිය අඩු පාරිසරික පිරිවැයකින් තොරව නිර්මාණය කරගත හැක.

දැවැන්ත ජල මාර්ග විනාශ කිරීම හා ඒවා හරවා යැවීම නිසා පාරිසරික පද්ධතියට වන බලපෑමෙන් ඔබ්බට ජල විදුලිය මගින් ස්වදේශික ජලජ ජීවීන් හා ඔවුන්ගේ ස්වාභාවික පරිසර පද්ධතිය තරමක් දුරට විනාශ කළ හැක. විදුලි උත්පාදනය සඳහා දිය ඇලි වල ගැඹුර වෙනස් කිරීම මෙන්ම ඉදිකරන ලද විශාල ජල වේලි මසුන්ගේ මරණය කැඳවන කලාපයක් බවට පත් විය හැක. ඉන් ඔවුන්ගේ ස්වාභාවික සංක්‍රමණික මාර්ග වලට බාධා ඇතිවනවා මෙන්ම වේගයෙන් කැරකෙන ටර්බයින තල මගින් ඔවුන්ව කැපී යා හැකියි. මේ නිසා ජල විදුලි උත්පාදනයේදී වනජීවීන්ගේ සහ ඔවුන්ගේ වාසස්ථාන ස්වභාවික පරිදි යථා තත්ත්වයට පත් කරමින් ගංගාවලින් පිරිසිදු පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම පිළිබඳ අවධානය යොමු වෙමින් තිබෙනවා.

 


මාළුන් සඳහා ආරක්ෂිත ටර්බයින හරහා ජලවිදුලිය නිෂ්පාදනයේ අනාගතය වෙනස් කිරීමට ඉංජිනේරුවන් බලාපොරොත්තු වෙනවා. කැලිෆෝනියාව පදනම් කරගත් සමාගමක් වන Natel energy මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ bill gates ගේ ආයෝජනය ලබන සමාගමක් වන Brekthrough Energy Ventures සමග අත්වැල් බැඳගෙන මසුන්ගේ පැවැත්ම වැඩිදියුණු කරන නව මොට දාර සහිත ටර්බයින නිර්මාණය කර තිබෙනවා. සාම්ප්‍රදායික ජලවිදුලිබලාගාර වැඩ කරන්නේ වේල්ලක දොරටුව හරහා ඉහළ ස්ථානයක සිට පහළ ස්ථානයකට ගලා යන ජලයේ බලය සහ පීඩනය උපයෝගී කර ගනිමින්. මාළුන්ට හිතකර Natel විසින් නිෂ්පාදිත ආරක්ෂිත ටර්බයින සහිත ජල විදුලි උත්පාදන ස්ථාන දැනටමත් එක්සත් ජනපදයේ ස්ථාපනය කර තිබෙනවා. Natel ටර්බයිනය වෙනස්ම වූ වක්‍ර තල භාවිතා කරනවා. ඒවායේ සැලසුම් ස්වභාවය නිසා ටර්බයිනයේ වේගය දෙගුණයක් කළ හැකි අතර එමගින් මත්ස්යයින් ආරක්ෂිතව ගමන් කළ හැකි වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : bbc.com

views

651 Views

Comments

arrow-up