අක්මාව නිරෝගී කරන මුරුංගා

මුරුංගා කියන්නේ ඉබේ වැවෙන වටිනා ඖෂධීය ආහාර බෝගයක්. මෙය අතිශය ගුණදායක ආහාරයක්. මුරුංගා විස නසන පිළිකා නසන අක්මාවට ගුණදායක ආහාරයක්. මුරුංගා කරල් කොළ ආහාරයට ගන්නා අතර මල් ද ආහාරයට ගන්නවා. බොහෝ රෝග සුවපත් කිරීමේ හැකියාව මුරුංගාවලට තියෙනවා. මේ නිසා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව ලෙස මුරුංගා හැදින්වීම වරදක් නැහැ.
* මුරුංගා වියලි පත්‍ර ග්‍රෑම් 100ක අඩංගු ඛනිජ ලවණ ප්‍රමාණය ඉතාම අධිකයි. එසේම මුරුංගා වල අඩංගු තන්තු ප්‍රමාණය ඉතාම ඉහළයි.
* මුරුංගා වල අඩංගු විටමින් සී ප්‍රමාණය දොඩම් වල මෙන් හතර පස් ගුණයක් බව ඔබ දන්නවාද. එහි කරලක සී විටමින් 120mg ද අමු පත්‍රවල 220mg ද පමණ වෙනවා.
* මුරුංගා කොල වල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරි වල මෙන් හතර ගුණයක් වෙනවා. අමු පත්‍ර වල එය 440mg ක් බව වාර්තා වෙනවා.
* මුරුංගා වල අඩංගු මැග්නීසියම් ප්‍රමාණයද ඉතා අධිකයි. වියලි පත්‍ර වල නම් 360mg ක් පමණ වෙනවා.
*මුරුංගා වල අඩංගු පොටෑසියම් ප්‍රමාණයත් ඉතාම ඉහළයි. එය කෙසෙල්වල මෙන් තුන් ගුණයක් වෙනවා.
* මුරුංගා වල අඩංගු යකඩ ප්‍රමාණය නිවිතිවල මෙන්ඩෙල් මෙන් දෙතුන් ගුණයකට වඩා වැඩියි.
*මුරුංගා වල විටමින් ඒ ප්‍රමාණයද ඉතා අධිකව පවතිනවා. එහි විටමින් ඊ ප්‍රමාණයද ඉතා ඉහළයි. මුරුංගා ඇට වල මෙම ඊ විටමින් බහුල වෙනවා.
*මුරුංගා ශාකයේ ප්‍රධාන වශයෙන් Tainin, Steroids, Terpenoides පිළිකා වළක්වන Glycosides අඩංගු වෙනවා.
* ඇමයිනෝ අම්ල වර්ග සියල්ලම පාහේ අඩංගු වන අතර මුරුංගා කරල් වල ඇති ඇමයිනෝ අම්ල 20% ත් 30 ත් අතර වෙනවා.
* මුරුංගා වල අඩංගු Rutin, Luteoline වැනි ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා සිරුරේ රුධිර පීඩනය අවම කරනවා. මුරුංගා පත්‍රවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහලයි.
වැදගත්ම කාරණය වන්නේ මුරුංගා ශරීරය ඇති ප්‍රතිඔක්සිකාරක එන්සයිම වන Superoxide Dismutese සක්‍රිය කිරීමට ඇති හැකියාවයි. මෙම හැකියාව මුරුංගාවලට වැඩියි. මේ නිසා ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාම ඉහළයි.
පෝෂණය සාන්ද්‍රනයද ඉතා වැඩි මුරුන්ගා තෙල් වල Behenic asid විශාල වශයෙන් අඩංගුවෙනවා. මුල් වල ෆිනෝලික් සංයෝගය බහුලයි. පත්‍ර වල ඔමේගා ත්‍රී සමතුලිතව සාපේක්ෂව වැඩිපුර අඩංගු වෙනවා.
මේ නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ මුරුංගා ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන පෙති පෙති වර්ග බහුලයි. ඉතින් ඒවා භාවිතය වෙනුවට ස්වභාවිකව අපිට නිතර ආහාරයට ගත හැකි මුරුංගා කරල් කොළ දිනපතා ඔබේ ආහාර වේලට එකතු කර ගන්න.
by Dilki Shamani
Photo Source: Internet
718 Views
Comments