ටොයි ස්ටෝරි සජීවිකරණය සදහා ටියුරින් “නොබෙල් ත්‍යාගය” සම්මානය

ටොයි ස්ටෝරි සජීවිකරණය පිටුපස සිටින පික්සාර් පුරෝගාමීන් හොඳම පරිගණක සජීවීකරණය සඳහා ටියුරින් “නොබෙල් ත්‍යාගය” සම්මානය දිනා ගනී.
පික්සාර්හි උපත
1986 දී ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ද එක් වූයේය. ඔහු ලූකස් ෆිල්ම්ස්ගේ පරිගණක අංශය මිල දී ගෙන එය පික්සාර් නමින් වූ ස්වාධීන සමාගමක් බවට පත් කළේය.
මුලදී සමාගම පරිගණක දෘඩාංග විකිණීමට උත්සාහ කළද එය කිරීමට අපොහොසත් වූ විට, පික්සාර් පරිගණක සජීවීකරණය කෙරෙහි අවධානය යොමු කළේය.
ආචාර්ය හන්රාහාන් මෙම සමාගමෙහි මුල්ම සේවකයෙකි. ඔහු ආචාර්ය කැට්මුන් සමග රූපයන් විස්තර කිරීම සඳහා පරිගණක කේතයන් භාවිතා කරන ආකාරය සඳහා ඉහළ ප්‍රමිතියක් නිර්මාණය කිරීමේ කර්යයයෙහි යෙදුනි.
දැනට ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උගන්වන ආචාර්ය හන්රාහාන් පවසන්නේ “පික්සාර් යනු මැජික් වලින් පිරුණ ලොවක්” බවයි.
පික්සාර් විසින් එහි ත්‍රිමාණ සජීවිකරණය නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන රෙන්ඩර් මෑන් මෘදුකාංගය නිර්මාණය කිරීම ඔහු යටතේ අධීක්ෂණය විය. එය ටොයි ස්ටෝරි වෙනුවෙන් සම්මානය දිනා ගැනීමට සමත් විය.
ටොයි ස්ටෝරි
බොහෝ දරුවන් මෙන්ම වැඩිහිටියන් අතරේද ඉතා ජනප්‍රිය ටෝයි ස්ටෝරි යනු පික්සාර් පුරෝගාමීන් විසින් නිශ්පාදිත, ඩිස්නි මාධ්‍ය ආයතනයේ හිමිකමින් නිකුත් කරන ලද 1995 දී ආරම්භ වූ කථා පෙළකි.
මෙම සජීවිකරණ විශේෂාංග චිත්‍රපටය එළිදැක්වීමත් සමඟම, මිනිසුන් නොදන්නා සියලුම සෙල්ලම් බඩු රහසිගතව ජීවත්වන බවට මානව සංකල්පය මත මෙම කථා වස්තුව පදනම් වී ඇත.
මෙහිදී අවධානය යොමු වන්නේ විවිධාකාර සෙල්ලම් බඩු සමූහයක් වටා දිවෙන අතර එයින් ෂෙරිෆ් වුඩී නම් සම්භාව්‍ය කව්බෝයි බෝනික්කෙකු සහ නවීන අභ්‍යවකාශගාමී ක්‍රියාකාරී චරිතයක් වන බස් ලයිට්ඉයර්ස් ය.
ප්‍රධාන චරිත දෙක සදහා හඩකැවීම් ටොම් හැන්ක්ස් සහ ටිම් ඇලන් විසින් සිදු කරයි. කණ්ඩායම අනපේක්ෂිත ලෙස අභියෝග හා වෙනස් වික්‍රමාන්විතයන් ආරම්භ කරයි.
ටියුරින් සම්මානය
පරිගණක ග්‍රැෆික්ස් හි දියුණුව වෙනුවෙන් මෙම සම්මානය ලබා දුන් දෙවන අවස්ථාව මෙයයි. ටියුරින් සම්මානය පිරිනැමීමේ නිල උත්සවය 2020 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතය.
කොරෝනා වෛරසය පිළිබඳව මේ දිනවල ලොව පුරා කතාබහ කිරීමත් සමගම වෛද්‍ය කැට්මුල් සහ වෛද්‍ය හන්රාහාන්ගේ ජයග්‍රහණය පිළිබඳ නිවේදනය කරන විට එයත් බොහෝ දෙනෙකුගේ අවධානයට හා කතාබහට ඉතා සීඝ්රයෙන් ලක් වී ඇත.
මේ වන විට ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් තම නිවෙස්වලටම වී සිටින නිසා, බොහෝ අය මේ පික්සාර් පුරෝගාමීන් විසින් නිපදවන ලද චිත්‍රපට බොහොමයක් නරඹා ඇති බවට සහතිකයි.
by Kaushalya De Silva
Photo Source: Internet
601 Views
Comments