ගස් වෙදකමින් දීර්ඝායුෂ ලැබූ චීන ජාතිකයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

ගස් වෙදකමින් දීර්ඝායුෂ ලැබූ චීන ජාතිකයා

ගස් වෙදකමින් දීර්ඝායුෂ ලැබූ චීන ජාතිකයා

ශ්‍රී ලංකාවේ පිටිසර බද ප්‍රාදේශීය ශාක වෙදකම හදුන්වන්නේ ගස් වෙදකම හෝ ගොඩ වෙදකම ලෙසයි. එය ආයුර්වේදයට වඩා වෙනස් වන අතර ආයුර්වේද එක් කොටසක් වූ රස වෙදකම ඒ වගේ වෙදකමක්. 1667 උපන් චීන ජාතිකයෙක් 1933 මැයි මාසේ හය වැනිදා මිය ගියා. ඒ වන විට ඔහු ගියා ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 256ක්. ලි චිං යුන් නැමැති මේ පුද්ගලයා 1736 දී උපන් බවට මතයක් තිබුණද එසේ නම් ඔහු මරණයට පත්වීමට කලින් වසරේ 197 ක් ආයු වළඳා තියෙනවා.

කොහොම වුණත් ඔහුගේ වයස අවුරුදු 256 බවට ලිඛිත සාක්ෂි ප්‍රමාණය වැඩියි. අවුරුදු සීයට වඩා ජීවත් වන කෙනෙකු හඳුන්වන්නේ ශතවර්ෂාධිකයෙකු කියලා. වසර 200 ඉක්මවන කෙනෙක් හඳුන්වන්නේ සුපිරිසතවර්ෂාධිකයා කියලා. මේ වගේ මිනිසුන් ගැන උනන්දු වෙන කණ්ඩායම් දෙකක් සිටිනවා. ඉන් පළමු කෙනා ලෝක ගිනස් වාර්තා සංගමය. ඇමරිකාවේ ඇන්ජලීස් නගරය කැලිෆෝනියා විශ්වවිද්‍යාලය පදනම් කරගෙන 1990 දී කෙරුණු Gerntology පර්යේෂණ කණ්ඩායමයි. Gerntology යනුවෙන් හඳුන්වන්නේ වියපත්වීම ජරාවට පත්වීම පිළිබඳ විද්‍යාවයි. අවුරුදු 250 ට වඩා ජීවත් වූ මිනිසුන් එක් අයකු මේ ලි චුං යුන් පිළිබඳවත් අවුරුදු 110 වඩා ජීවත් වූ දස දෙනෙකු පිළිබඳවත් එම වයස ඉක්මවා තවත් ජීවත් වන දස දෙනකු පිළිබඳවත් ඔවුන් සතුව වාර්තා තියෙනවා.

 

 

 


1827 දී පැවති පැවැති ලි චුං යුන්ගේ එකසිය පනස්වන උපන්දිනයට එවකට චීනයේ පැවති රාජාණ්ඩුව සුබපැතූ බවට ලිඛිත සාක්ෂි ඔහුගේ වයස නිර්ණය කිරීමට යොදා ගෙන තියෙනවා. ලි චුං යුන් අවුරුදු 10 සිටම කඳුකර අතර සැරිසැරූ කෙනෙක් බවට එහි ප්‍රදේශවාසීන් පවසනවා. විවිධ ශාක වර්ග හදුනා ගැනීමට ඔහු පුරුදු වන්නේ මේ කාලයේදී. පැළෑටි අනුභව කර සහල් වලින් පෙරන වයින් වර්ගයක් පානය කරමින් ඔහු ජීවත් වෙනවා. ඔහු කිසිදු පරිබාහිර ආහාරයක් ලබා ගන්නේ නැහැ. තම ජීවිතයේ පළමු අවුරුදු 40 මෙසේ ගත කළ බව ඔහු කියලා තියෙනවා. වයස අවුරුදු හැත්තෑවේදී ඔහු චීන රජුගේ හමුදාවට බැඳී ආත්මාරක්ෂක සටන් ඉගෙන ගන්නවා. ඉන්පසුව හමුදාවේ ක්‍රමෝපාය උපදේශකයෙක් බවට පත්වෙනවා. ඔහුට දරුවන් දෙසීයක් සිටි බවටත් බිරින්දෑවරු 28 දෙනෙකු සමඟ විවාහ වූ බවත් බවත් වාර්තාවෙනවා. ඔහු ආහාර පිණිස බිම් මල් ගෝජි නැමැති ගෙඩි වර්ග සින්සෝ අල පමණක් ගෙන තියෙනවා. මේ පුද්ගලයා වරක් පවසා තියෙන්නෙ වියපත් වීම වළක්වන සාංකාව මානසික තත්ත්ව දුරු කරන්න ස්නායු බලපෑම් ඇතිකරන්න පුළුවන් ශාකයක් ලෙස ගොටුකොළ සැලකිය හැකි බවයි. දිගුකල් ජීවත් වීම සඳහා ලින්කන් විසින් තම ශිෂ්‍යයන්ට අවවාද හතරක් ලබාදී තියෙනවා. ඒ සිත සමනය කරගන්නේ ඉබ්බකු සේ ඉඳගන්න පරවියකු සේ කඩිසරව ඇවිදින්න බල්ලකු සේ නිදාගන්න ලෙසයි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

813 Views

Comments

arrow-up