ලෙඩ මවන වාහන දුම

ලොව පුරා ඉහල යන වායුගෝල දූෂණය විවිධ අහිතකර ප්‍රතිඵල ලොවටම උදාකර දෙනවා. ලොව පුරා වායු දූෂණයට විවිධ හේතු බලපානු ලැබුවත් ශ්‍රී ලංකාවේ වායු දූෂණයට හේතුවන ප්‍රධාන සාධකය ලෙස රථවාහන දුම් සැලකේ. නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆර් ඔක්සයිඩ්, හයිඩ්‍රො කාබන් හා කාබන් මොනොක්සයිඩ් වැනි වායු දූෂක සහ ඉතා කුඩා දූෂක අංශු පවා අප අවට පරිසරයේ වායුගෝලීය දූෂණයට හේතු වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට, වායු දූෂණය හේතුවෙන් හෘදයාබාධ, හෘද රෝග, පෙනහළු පිළිකා, නියුමෝනියාව ඇතුළු ශ්වසන රෝග හා ආබාධ වැළඳී ලොව පුරා වාර්ෂිකව මිය යන සංඛ්‍යාව මිලියන 7ක් පමණ වේ. ඉන් මිලියන දෙකක්ම ශ්‍රී ලංකාව ඇතුළු දකුණු හා අග්නිදිග ආසියාතිත කලාපයෙන් වාර්තා වෙයි. වෙනත් රෝගාබාධ හා සැසඳීමේදී මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ වායු දූෂණය පියවි ඇසට දර්ශනය නොවීමයි. එනම් එය ක්‍රමයෙන් හා නිහඬව පුද්ගල සෞඛ්‍යයට බලපෑම් කරන අතර, එහි බරපතලකම අවබෝධ වන්නේ සෞඛ්‍ය තත්ත්වය දරැණු ලෙස පිරිහීමට ලක් වූ පසුය. එනම් මිනිස් ජීවිත, සෞඛ්‍ය හා යහපැවැත්ම අනතුරැදායක තත්ත්වයකට පිවිසුණු පසුය.
සෞඛ්‍ය අංශ පවසන ආකාරයට ශ්‍රී ලංකාව තුළ රෝහල්ගත කරන දරැවන්ට ඇති රෝගවලින් සියයට 45ක්ම වායු දූෂණය නිසා හටගෙන තිබේ. තව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවලට අනුව වායු දූෂණය හා බැඳුණු රෝගාබාධ නිසා මෙරට වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 7,792ක් පමණ වේ. සෙසු දකුණු ආසියාතික රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ වායුගෝලීය ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන් ම බංග්ලාදේශය දකුණු ආසියාවේ වැඩිම වායු දූෂණයක් ඇති රට ලෙස සැලකෙන අතර එරට PM2.5 අගය 83.3 තරම් ඉහළ අගයක් ගනී.
2019 වසරේ එළිදැක්වූ IQAir AirVisual නම් ගෝලීය වායුගෝලීය ගුණාත්මකතා වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වායුගෝලීය PM2.5 ඝනත්වය ඉතාම සාමාන්‍ය අගයක් (25.20) ගනී. 2018 වසරේදී එම තත්ත්වය 32.00ක් වූ අතර ඒ අනුව බලන කල වසරක් තුළ යහපත් වර්ධනයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
මෙලෙස ශ්‍රී ලංකාවට උසස් වායුගෝලීය තත්ත්වයක් ළඟාකරගැනීමට හැකිවූයේ අනිවාර්ය වාහන දුම් පරීක්ෂාව නිසාය. ශ්‍රී ලංකාවේ වාහන ගහනය කොතරම් වර්ධනය වුව ද වාහන දුම් පරීක්ෂණ ක්‍රියාවලිය හේතුවෙන් වායුගෝලීය ගුණාත්මක බව සතුටුදායක මට්ටමක අඛණ්ඩව පවත්වාගැනීමට හැකිවී තිබේ. වායු දූෂණය යනු නිහඬ රකුසෙකි. එය අපගේ ජීවිතවල සෞඛ්‍ය, නීරෝගීකම හා සතුට විනාශ කර දමයි. මේ නිසාම වාහන දුම් පරීක්ෂාව වැනි සෞඛ්‍ය හිතකාමී පියවර අනුගමනයෙන් වායු දූෂණය අවම වන ආකාරයට කටයුතු කිරීම මුළු මහත් ලෝක ජනතාවගේම වගකීමක්ව තිබේ.
by Dilki Shamani
Photo source : Internet
743 Views
Comments