PCR පරීක්ෂණ වාර්තා වරදින්නේ ඇයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

PCR පරීක්ෂණ වාර්තා වරදින්නේ ඇයි?

PCR පරීක්ෂණ වාර්තා වරදින්නේ ඇයි?

මේ දවස්වල නිතර අහන්න ලැබෙන පී.සී.ආර් පරීක්ෂණ වරදින්නේ ඇයි කියලා ඔබ දන්නවාද? කොරෝනා ආසාදිතයකුද යන්න හඳුනා ගන්නේ පී.සී.ආර්. පරීක්ෂණයක් මගිනි. පී.සී.ආර්. යනු Polymerase Chain Reaction යන්නෙහි කෙටි යෙදුමය. මෙය එක් ආකරයකින් එන්සයිම ප්‍රතික්‍රියාවකි. ඉන් සිදුවන්නේ DNA (Deoxyribo Nucleic Acid) එසේත් නැතිනම් මිනිසාගේ, සතුන්ගේ, ක්ෂුද්‍ර ජීවීන්ගේ සහ සමහර වෛරසයන්ගේ ජානවල අඩංගු මූලික සහ ප්‍රධානතම සංඝටකය පිටපත් කිරීමය. මේ සඳහා සැකසහිත රෝගියකුගේ උගුර සහ ස්වසන මාර්ගය ආශ්‍රිතව ලබගන්නා සෙම යොදා ගැනේ. වයිරසය ප්‍රධාන වශයෙන් තැන්පත් වන්නේ එම ස්ථානයන්හි බැවින් වයිරසයට පමණක් ලාක්ශණික ජාන ඉන් ලබාගත හැකිය.
පසුගිය දිනවල ඇතැම් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වැරදි බවට චෝදනා එල්ල විය. පී.සී.ආර්. පරීක්ෂණයකදී හෝ වෙනත් ඕනෑම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණයකදී එම පරීක්ෂණයේ ප්‍රතිඵල මඟින් අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට නොහැකි අවස්ථා එළඹිය හැකි වුවද විධිමත් පරිදි පවත්වා ගෙනයන රසායනාගාරයකින් වැරදි වාර්තා නිකුත් වීමේ ඉඩකඩ ඉතා අවමය. පී.සී.ආර්. පරීක්ෂණය සම්බන්ධයෙන් සැලකීමේදී එලෙස වැරදි වාර්තා නිකුත් විය හැකි මූලික හේතුකිහිපයක් පරීක්ෂණයේ අවධි තුනක් යටතේ විග්‍රහ කළ හැකිය. ඒ


- පූර්ව පරීක්ෂණ අවධිය
- පරීක්ෂණ අවධිය
-පශ්චාත් පරීක්ෂණ අවධිය ලෙස.


රෝගියකුගෙන් ලබා ගත් නිදර්ශකයේ ප්‍රමාණවත් වෛරස ගණත්වයක් නොතිබීම, රෝගියාගේ ප්‍රමාණවත් වෛරස ගණත්වයක් තිබියදීත් නිදර්ශකය ලබා ගැනීමේදී දෝෂ සිදුවීම, නිදර්ශකය තුළ ඇති වෛරස විනාශ වීම හෝ වෛරස න්‍යෂ්ටික අම්ල අණු විනාශ වීම, රෝග අසාදන කාල පරාසයට අදාළ නිවැරදි පරීක්ෂණය තෝරා නොගැනීම වැනි කරුණු පූර්ව පරීක්ෂණ අවධියට අයත් වන අතර, පරීක්ෂණ අවධිය යටතේ සායනික පරීක්ෂණ සඳහා තහවුරු කළ නිවැරදි උපකරණ භාවිත නොකිරීම, රෝගය හඳුනා ගැනීමට සුදුසු බවට ප්‍රමිතිගත කර ඇති ප්‍රතික්‍රීයක භාවිත නොකිරීම, නිවැරදි රසායනාගාර ප්‍රමිතීන් සහ ක්‍රමවේද භාවිත නොකිරීමද පශ්චාත් පරීක්ෂණ අවධිය යටතේ පරීක්ෂණ ප්‍රතිඵලය නිවැරදි ලෙස අර්ථකථනය නොකිරීම සහ අර්ථකථනයේදී නිර්දේශිත රසායනාගාර සමඟ කටයුතු නොතිරීම වැනි කරුණු බලපායි.

 


පරීක්ෂණ සඳහා සෙම පටලය රෝගියාගෙන් ගන්නා විට ශරීරයේ පවතින වෛරසය සෙම පටලයට ඇතුළු වී නොතිබිය හැකියි. නෙගටිව් බවට 30%ක පමණ සම්භාවිතාවක් තිබෙන බවට හා නිවැරදි වන්නේ 70%කින් යැයි කියන්නේ ඒ නිසයි. එබැවින් කිහිප වරක් පී.සී.ආර්. සිදු කිරීමේදී එම පුද්ගලයා ආසාදිතයෙකුද නැද්ද යන්න හඳුනාගත හැකියි. මේවා රැගෙන යෑම සඳහා භාවිත කෙරෙන ප්‍රවාහනයේ දෝෂ සහගත බව නිසාත් නිදර්ශකයේ ඇති වෛරසය විනාශ විය හැකියි. එමෙන්ම නිදර්ශකය ලබා ගන්නා අවස්ථාවේ රෝගියාගේ සිරුරේ ප්‍රමාණවත් වෛරස ධාරිතාවක් නොතිබිය හැකියි.

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

848 Views

Comments

arrow-up