ටයිටැනික් යලි ගොඩගනීද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

ටයිටැනික් යලි ගොඩගනීද?

ටයිටැනික් යලි ගොඩගනීද?

1912 දී RMS ටයිටැනික් නෞකාව ලයිනර් අයිස් කුට්ටියක හැපී මුහුදුබත් විය. එහි ආපදා පණිවුඩ යැවීමේ කාර්යභාරය වෙනුවෙන් "voice of the Titanic" ලෙස හැඳින්වෙන රැහැන් රහිත විදුලි පණිවුඩ යන්ත්‍රයක් පතුලේ ඇති නැව් සුන්බුන් වලින් යලි සංරක්ෂණය කළ හැකි බව වාර්තා වෙනවා.මීට පෙර මැසචුසෙට්ස් හි වුඩ්ස් හෝල් සාගර විද්‍යා ආයතනයේ (WHOI) සාගර විද්‍යාඥ සහ දැන් RMS ටයිටැනික් ඉන්කෝපරේෂන් හි උපදේශකයෙකු වන ඩේවිඩ් ගැලෝ කියා සිටියේ මෙම යෝජනාව සියල්ල අහිමි වීමට පෙර සුරැකීමේ උත්සාහයක් බවයි.


මාකෝනි රැහැන් රහිත විදුලි පණිවුඩ යන්ත්‍රය 1912 අප්‍රේල් 14 සහ 15 යන දිනවල රාත්‍රියේ උතුරු අත්ලාන්තික් සාගරයේ අයිස් කුට්ටියක ගැටී ගිලෙන්නට පටන් ගැනීමෙන් පසුව ඊට ආපදා ඇමතුම් යවා ඇත. සිදුවූ මෙම අනතුරෙන් දිවි ගලවා ගත්තේ 2,300 කට වැඩි පිරිසකගෙන් 700 ක් පමණි. පසුගිය වසරේ ගත් දිය යට වීඩියෝවෙන් පෙන්නුම් කළේ ටයිටැනික් නෞකාවේ බෝට්ටු තට්ටුවේ ඇති “මාකෝනි කාමරය” මලකඩ හා කඩා වැටීමෙන් දරුණු ලෙස දූෂිත වී ඇති බවත් යන්ත්‍රය ඉක්මනින් සොයාගත නොහැකි බවත් ගැලෝ පැවසීය. සමාගම විසින් යෝජනා කර ඇත්තේ මෙම වසර අගදී සුන්බුන් වෙත නැවත යන ගමනකදී විදුලි පණිවුඩ යන්ත්‍රය කපා හැරීම සඳහා දිය යට රොබෝවරු භාවිතා කළ හැකි බවයි. ඊට එක්සත් ජනපද ෆෙඩරල් උසාවියෙන් අනුමැතිය ලබා ගැනීමට ඔවුන් දැරූ උත්සාහයට එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ රජයන් විරුද්ධ වී ඇති අතර, ටයිටැනික් නෞකාව දැන් දෙරට අතර ඇතිකරගත් ගිවිසුමකින් ආරක්ෂා වී ඇති බව වාර්තා වෙනවා.

ගැලෝ 2009 දී ආර්එම්එස් ටයිටැනික් හි උපදේශකයෙකු ලෙස වැඩ කිරීමට පටන් ගත්තේ මුල් සමාගම බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සහ ඔවුන්ගේ වත්කම් ටයිටැනික් උරුමය සුරැකීමට කැපවී සිටින නව ආයෝජකයින් විසින් මිලදී ගත් බව ඔහු පැවසීය. සිය සමාගම ක්‍රියා කරනු ලබන්නේ ටයිටැනික් නෞකාවේ උරුමයට ඇති වගකීම වෙනුවෙන් මිස මූල්‍යමය වාසි මත නොවන බව ගැලෝ ප්‍රකාශ කරයි. විදුලි පණිවුඩ යන්ත්‍රය කපා යථා තත්වයට පත් කිරීම සඳහා දිය යට රොබෝවරු භාවිතා කිරීම සඳහා ඩොලර් මිලියන 5 ත් 7 ත් අතර මුදලක් වැය වනු ඇති අතර එය ටයිටැනික් කෞතුක වස්තු ප්‍රදර්ශනය කිරීම සඳහා ඇතුල්වීමේ ගාස්තුවෙන් අයකර ගැනීමට සමාගමට බලාපොරොත්තු විය හැකි ගණනක් බව ඔහු පැවසීය.

 


වසර 100 කට වැඩි කාලයක් තිස්සේ මුහුදු ජලය සැතපුම් 2 කට වඩා අඩු මට්ටමක රැඳී ඇති මෙම නෞකාව මලකඩ වලින් වේගයෙන් දිරමින් පවතින බවත් ගැඹුරු මුහුදේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ බවත් විද්‍යාඥයින්ගේ මතයයි. සමහරු සිතන්නේ එය වසර කිහිපයකින් සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය හැකි බවයි.

ටෙලිග්‍රාෆ් යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමේ යෝජනාව ඉදිරියට ගෙන ගියහොත් එහි වර්ග අඩි කිහිපයක් පමණ කපා ඉවත් කළයුතු බවත් එය නැව් ගමනාගමනයෙහි අඛණ්ඩතාවයට තර්ජනයක් නොවන නමුත් අනාගතයේදී විදුලි පණිවුඩ යන්ත්‍රය ඉතිරි කර ගත හැකි බවත් ඔහු අවධාරණය කළේය. "අපට තේරීම් දෙකක් තිබේ. ටෙලිග්‍රාෆ් යන්ත්‍රය සාගරය යටම තබන්න. සමහර විට ඉන් voice of the Titanic සදහටම නැති කරගන්න පුළුවන්. නැතහොත් විදුලි පණිවුඩය යථා තත්වයට පත් කර සංරක්ෂණය කරන්න." යනුවෙන් ඔහු පවසනවා. මෙම අනතුරින් මියගිය බොහෝ සාමාජිකයන්ගේ මිනියවත් සොයාගත නොහැකි වූ බැවින් එහි කෞතුක වස්තු සමහරක් විනාශයෙන් බේරා ගැනීමට දරන උත්සාහයන් වළක්වා නොගත යුතු බව ඔහුගේ මතයයි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : livescience.com

views

745 Views

Comments

arrow-up