කාන්තාවනට යටත් උමෝජෝ උසෝ

ස්වාලී භාෂාවට අනුව උමෝජෝ උසෝ කියන්නේ එක්සත් බවට. 1990 වසරේදී කෙන්යාවේ ආරම්භ කරන ලද උමෝජෝ උසෝ ගම්මානය පිහිටලා තියෙන්නේ නයිරෝබි නගරයේ සිට කිලෝමීටර් තුන්සිය අසූවක් පමණ දුරින් සම්බූර් ප්‍රාන්තයේ ආවස්ට් පෝස්ට් නගරයට ආසන්නවයි.
සම්බූර් කාන්තාවන්ට සමාජයේ ඇත්තේ යටත් තත්වයක්. පශු සම්පත් හෝ ඉඩම් හෝ වෙනත් කිසිම දේපලක් වෙනුවෙන් අයිතියක් නැහැ. කාන්තාව සැලකෙන්නේ ස්වාමියාගේ දේපලක් ලෙස. කාන්තාවන්ගේ ලිංගික අවයව විවෘත කිරීම ළමා විවාහ ස්ත්‍රී දූෂණ හා ගෘහස්ථ හිංසනය වෙනුවෙන් පෙනී සිටීමට පූර්ණ අයිතිය තියෙන්නේ පිරිමින්ට. මෙම ගම්මානය ආරම්භ කර තියෙන්නේ රෙබෙකා ලොල්සෝලි නම් සම්බුර් කාන්තාවක් විසින්. මෙම ගම්මානය වාසය කරන්නේ කාන්තාවන්ට එරෙහි හිංසන වලින් දිවිගලවාගත් සහ බලාත්කාරයෙන් විවාහය නිසා අසරණ වූ කාන්තාවන්. ඒ නිසා එය කාන්තාවන්ගේ අභය භූමියක් ලෙස සැලකෙනවා. බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් සම්බුරු කාන්තාවන් 1400කට වැඩි පිරිසක් දූෂණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට නඩු පවරා තියෙනවා.
මෙම කාන්තාවන් තම ස්වාමිපුරුෂයා විසින් අතහැර දමා ඇත්තේ ඔවුන් අපිරිසිදු යැයි සලකා. දූෂණයට පත් භාර්යාවන්ගෙන් ලිංගික රෝග සම්ප්‍රේෂණය වේ යැයි බිය නිසා. රෙබෙකා ලොල්සෝලි විසින් ගම්මානය ආරම්භ කිරීමෙන් පසු ඊට ප්‍රතිචාර ලෙස පිරිමින්ද වෙනම ගම්මාන පිහිටුවා ගත්තා. ඔවුන්ට අවශ්‍ය වූයේ ප්‍රතිවාදී ව්‍යාපාරයක් ආරම්භ කරන්නට. මේ නිසා අසල්වැසි පිරිමින් විසින් මෙම ගම්මානය වසා දැමීම සඳහා ලොල්සෝලිට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණා.
ලොල්සෝලිගේ සැමියා මෙම ගම්මානයට පහර දුන්නා පමණක් නොව ඇගේ ජීවිතයට පවා තර්ජන එල්ල කළා. මේ තර්ජනාත්මක තත්ත්වය නිසා ගම්මානය කාන්තාවන් ගම හැරදා පලා ගියා. බොහෝ කාන්තාවන් නිවාස නොමැතිව සිටින විට ලොල්සෝලි සුවය ලැබීමෙන් පසුව ගම්මානය නැවත පිහිටුවීමට නැවත උත්සාහ ගත්තා. උමෝජෝ උසෝහි පදිංචිකරුවන් සාම්ප්‍රදායික සම්බූර් ශිල්පයෙන් නිරත වන අතර ඔවුන් උමෝජෝ උවාසෝ කාන්තා සංස්කෘතික මධ්‍යස්ථානයට මෙම නිෂ්පාදන අලෙවි කරනවා. මෙම නිෂ්පාදන අතරට වර්ණවත් පබළු ගෙදර සාදන ලද මධ්‍යසාර සහ වෙනත් විවිධ නිෂ්පාදන ඇතුළත් වෙනවා. සෑම කාන්තාවක්ම තම ඉපයීම් වලින් සියයට දහයක් ගමට පරිත්‍යාග කරන්නේ පාසල සහ අනෙකුත් අවශ්‍යතාවයන් වැඩි දියුණු කිරීමට බද්දක් ලෙස. මෙතෙක් පාසල් අධ්‍යාපනය නොලත් දරුවන් සදහා පාසල් අධ්‍යාපනය ලබාදීමට මෙම ගම්මානය කටයුතු කර ඇති අතර දැනට දරුවන් 50ක් පමණ එහි ඉගෙනුම ලබනවා.
2005 වසරේ දී කාන්තාවන් 50 ක් පමණක් ජීවත් වූ මෙම ගම්මානයේ මේ වන විට කාන්තාවන් 47ක් හා දරුවන් වාසය කරනවා.
by Dilki Shamani
Photo Source: Internet
684 Views
Comments