වඳවෙන දැති මෝරුන්

මිනිසා විසින් සිදු කරනු ලබන ක්‍රියාවලිය නිසා ම පූර්ණ වශයෙන් යම් යම් මත්ස්‍යයන් වඳභාවයට පත්වෙමින් යාම දක්නට ලැබේ. ඒ අතරින් ප්‍රධාන වශයෙන් තර්ජනයකට ලක්වෙමින් සිටින මත්ස්‍යයා වන්නේ දැති මෝරාය. ලෝකයේ මේ වන විට ගොනුව ඇති වාර්තා අතුරින් වැඩි වශයෙන් ම අනතුරුදායක මට්ටමක එසේත් නැතිනම් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍යයා වන්නේ දැති මෝරාය. මෙම විශේෂය ජීවත් වන කලාප ලෙසින් හඳුනාගෙන ඇත්තේ ඉන්දියානු ෆැසිපික් සාගරය ආශ්රිත කලාපයයි.
වර්තමානය වන විට දැති මෝරු විශේෂ පහක් සිටිනා බැව් තහවුරු වී ඇති අතර ඉන් හතරක්ම ඉන්දියානු හා පැසිපික් සාගරය අවට ගැවසෙන අතර එක් විශේෂයක් පමණක් අත්ලාන්තික් සාගරයෙන් හමුවී තිබේ. දැනට විශේෂ තුනක් රටවල් 90කින් හමුවුවද අද වන විට රටවල් විස්සක් අතුරින් මෙහි විශේෂ දෙකක් හෝ එකක් මුළුමනින්ම වඳව ගොස් ඇති බව ජාත්‍යන්තර වාර්තාවන්හි සඳහන්ය. ලංකාව තුළ ද දැති මෝරන් වඳව යාමේ බලපෑම ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතී. මෙම මත්ස්‍යයන්ගේ වඳව යෑම කෙරෙහි සෘජුවම බලපා ඇත්තේ සියයට සියක්ම මිනිසුන්ගේ ක්‍රියාවලියයි. මේ වන විටත් ලංකාව තුළ මේ වෙනුවෙන් නීතියක් ක්‍රියාත්මක වන්නේ නෑ. අන්තර්ජාතික නීතියට අනුව දැති මෝරන් කිසිදු වෙළද කටයුත්ත සඳහා ආනයනය හෝ අපනයනය සිදු නොකළ යුතුය. ඕස්ට්‍රේලියාව වැනි රටවල මේ සඳහා මේ මොහොත වන විටත් නීති කටයුතු ක්‍රියාත්මක අතර යම්කිසි අයෙකුට වැරදීමකින් හෝ තිබූ දැලකට හසු වී සිටියේ නම් මෙම මත්ස්‍යා මුදා හැර යැවිය යුතු අතර නො එසේනම් එසේ නොකළ හොත් ඔවුන්ට දඬුවම් පැමිණිවීම සිදු කරනු ලබයි.
මොවුන්ගේ ජීවි කාලය වසර විසිපහක තිහක පමණ ආයු කාලයක් යැයි නිගමනය කර ඇති මුත් නිශ්චිත වශයෙන්ම එය කිව නොහැකිය. වයස අවුරුදු 07-10 ත් අතර කාලයේදී තම වර්ගයා බෝ කිරීම උදෙසා පරිණත භාවයට පත්වන ගැහැනු සතුන් විසින් පැටවුන් බිහි කිරීම සිදුකරනු ලබයි. ඔවුන් තම ගොදුරු සොයා ගැනීම පිණිස භාවිත කරනු ලබන්නේ තම මුව ඉදිරියෙන් පිහිටා ඇතිිි කියතක් වැනි කොටසයි. දැති මෝරන් වඳවීයාමේ තර්ජනයට මූලිකම කරුණු ලෙසින් වීරක්කොඩි මහතා දක්වන්නේ මිනිසුන්ගේ ක්‍රියා කලාප බව ය. එනම් මෙරට නීතිමය අයුරින් තහනම් නොවූවත් ධීවරයන් භාවිතා කරනු ලබන දිගින් කිලෝමීටර් 5ක් පමණ උසින් අඩි 15ක් පමණ උස කරමල් නැමැති දැල් ක්‍රමය නිසා සියලුම සතුන් මෙහි සිරවීමට ලක් වන අතර බොහෝවිට දැති මෝරන් ට සිදුවන්නේ ද මේ දැල් තුළ සිර වී මියයයි. මේ නිසා මේ වඳවී යන දැති මෝරුන් ආරක්ෂා කිරීමේ වගකීම සියළු ලෝකවාසීන්ට පැහැර හැරිය නොහැක.
by Dilki Shamani
Photo source : Internet
837 Views
Comments