ඉන්දියාවේ කයිලාසා ගල් නිර්මාණ

ලෝකය පුරා ඇති විවිධාකාරය ගලින් කළ නිර්මාණ අතරට අසල්වැසි ඉන්දියාවේ කයිලාසා පන්සල ද ඇතුළත් වෙනවා. ඉන්දියාවේ එල්ලෝරා වල පිහිටා ඇති කයිලාසා පන්සල ලෝකයේ පුදුමාකාර ගලින් කළ නිර්මාණ අතර වැජඹෙන තවත් ප්‍රසිද්ධ ස්ථානයක්.
ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාඥයන් පවසන්නේ වසර 18ක කාලයක් තුළ එහි ඉදිකිරීම් කරුවන් ගල් ටොන් ලක්ෂ හතරකට වඩා කැටයම් කර ඉවත් කර ඇති බවයි. ඔවුන් විසින් මෙම විශාල ගල හාරා නිර්මාණය කර ඇත. එය ඉංජිනේරු හා සැපයුම් කළමනාකරණයේ විශිෂ්ට කාර්යයක් ලෙස සැලකෙනවා. වසර 18 ක කාලයක් තුලදී පාෂාණ ටොන් ලක්ෂ හතරක පමණ කැටයම් කර සහ කපා ඉවත් කිරීමට අදහස් කරන්නේ නම් එම කාර්යය සඳහා වැඩකරුවන් දිනකට පැය 12 කට වඩා වැඩ කිරීමට අවශ්‍ය වන අතර සෑම පැයකටම ගල් ටොන් පහක් ඉවත් කළ යුතුයි. ඔවුන් දිනකට පැය 24ම වැඩ පැයකට ගල් ටොන් 2.5ක් ඉවත් කළ යුතු වෙනවා. එසේ සිදුකළ හැක්කේ කාහටද? වර්තමාන තාක්ෂණයට පවා එය සිදු කළ නොහැක්කක් වෙනවා.
කෙසේ නමුත් මෙම ඉවත්කළ ගල් ටොන් ලක්ෂ හතර කිසිදු සුන්බුන් හෝ ඉතිරිව ඇති කොටසක් සොයා ගත නොහැකි වීම විශේෂත්වයක්. මේ ආකාරයෙන් පාෂාණ ඉවත් කරන ලද වෙනත් ස්ථානවල ඒවා ගොඩනැගිලි නැවත ඉදි කිරීමට හෝ නව ගොඩනැගිලි නිර්මාණවලට යොදාගෙන තිබෙන්නට ඇති. එහෙත් පුරාවිද්‍යාඥයන් පවසන්නේ කයිලාසා හි එවන් ආකාරයක් දක්නට නොමැති බවයි. එසේනම් ඉවත් කළ සුන්බුන් වලට කුමක් සිදු කරනු ඇත්ද?
හින්දු මිත්‍යා කතා වලින් කියවෙන්නේ පුදුමාකාර කතන්දරයක්. කයිලාසා ඉදිකර ඇත්තේ භවුමාස්ට්‍රා නම් ප්‍රාතිහාර යන්ත්‍රයකින් බවයි. මෙම භවුමාස්ට්‍රා යන්ත්‍රයට ඕනෑම ආකාරයක පාශාණයක් කැටයම් කිරීමට හැකිවූ අතර අපද්‍රව්‍ය ඉතිරි වීමක් එහිදී සිදු නොවන බව වාර්තා වනවා. කයිලාසා හි දක්නට ලැබෙන කැටයම් පුරාණ ගගනගාමින් පිළිබඳව ඉදිරිපත් වී ඇති න්‍යායන් අංගසම්පූර්ණ ලෙස දැක්විය හැකියි. මොකද හින්දු මිත්‍යා කථා වල සඳහන් වන පියාසර කරන පලිහ ගිනිගන්නා විශ්වීය කොස්ස සහ අමුතු ආකාරයෙන් ජීවීන් අහසේ එල්ලී සිටීම වැනි දෑ පිළිබඳව මෙහි කැටයම් කර තියෙනවා. මෙලෙස බොත්තමක් එබීමෙන් පමණක් කැටයම් කිරීමට කැපීමට හා දේවල් විනාශ කිරීමට හැකි පුදුමාකාර යන්ත්‍ර පිළිබඳ සඳහන් වන හින්දු මිථ්‍යාකතා සත්‍ය විද්‍යා කතාවක්මද? එහෙමත් නැත්නම් එයින් හැඟවෙන්නේ කයිලාසා පන්සල පිටසක්වල ජීවීන් සමග සෘජු ඍජු සම්බන්ධතා පැවැත්වූ ස්ථානයක් බවද? ඔවුන්ගේ එවකට පැවැති පැවති තාක්ෂණික ඥානය තේරුම් ගැනීමට අපට තව බොහෝ කල් බලා සිටින්නට වේවි.
by Dilki Shamani
Photo Source: Internet
633 Views
Comments