හෙට දවස වෙනුවෙන් අද දවසේ මතට තිත
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

හෙට දවස වෙනුවෙන් අද දවසේ මතට තිත

හෙට දවස වෙනුවෙන් අද දවසේ මතට තිත

මතින් තොර රටක් නිර්මාණය වීම යනු සංවර්ධනයේ තවත් එක් මානයක් බව ලොව පිළිගත් කාරණයක්. මේ නිසා මත්ද්‍රව්‍ය උවදුරෙන් දැඩි ලෙස බැට කන රටක් ලෙස ශ්‍රී ලංකාවට ද එම අභියෝගය ජය ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමටයි සිදුවී තිබෙන්නේ. මත්ද්‍රව්‍ය භාවිතා නොකරන්නෙකු, මතට ගොදුරුව එය ප්‍රියතාවයෙන් යුතුව සහ සතුට ගෙන දෙන දෙයක් ලෙස සලකා භාවිතාකරන්නන් දෙස බලා සිටින්නේ තමන්ද ඉඩ ලද විට එය අත්හදා බැලිය යුතුය යන සිතුවිල්ලෙන් විය හැකියි. තරුණ වියේදී බොහෝ දෙනා සිතීමට පෙළඹෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය තෘප්තිය ගෙන දෙන්නක් ලෙස. රටක් වශයෙන් සිදුකළ යුත්තේ පළමුවෙන්ම මෙම අරමුණ නැතහොත් මෙම සිතුවිල්ල බිඳ දැමීමයි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් 1984 අංකය හඳුන්වා දී තිබෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ ගැටලු ඇතොත් ඒවා නිරාකරණය කර ගැනීමේ පහසුව මහජනතාවට ලබා දීමටයි.

ශ්‍රී ලංකාවේ ඇති ස්ථානය ගත් විට එය සියයට 15 කට වඩා අඩු මට්ටමකයි පවතින්නේ. විශේෂයෙන් පාසල් ළමයින් ලුතින් දුම්පානය සඳහා යොමු වීමේ අඩු ප්‍රවණතාවයක් පෙන්වන බවයි දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කර ඇත්තේ. දිනයට සහ මත්පැන් සඳහා දැඩි ලෙස ඇබ්බැහි වන්නන් ඉන් ගලවා ගැනීමට නීතිමය පසුබිම සැකසීමයි දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වගකීම. දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කිරීමට ඇති කැමැත්ත දුරු කිරීමටත් ඒ සඳහා ගොඩනැගෙන පරිසරය වෙනස් කිරීමටත් යහපත් මට්ටමේ බලපෑමක් සිදු කිරීමට එම නීති මඟින් හැකියාව ලැබී ඇත. 2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත අනුව එම නිෂ්පාදන බෙදාහැරීම සහ විකිණීමත් තහනම්. මේ පිළිබඳ ප්‍රචාරණයක් නීතිමය වරදක් වන අතර වරද කරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද එහි තිබෙන්නේ නීතිමය ප්‍රතිපාදන. දුම්පානය සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන වලින් වැළකී සිටීමට අවශ්‍ය පුද්ගලයන්ට නොමිලේ උපදෙස් සහ සහාය ලබා ගැනීමට 1948 අංකයද හඳුන්වා දී තිබේ.

 


මත්ද්‍රව්‍ය පාලනය සහ නිවාරණය යන කාරණා මෙන්ම කළ යුතු අනෙක් වැදගත් කාර්යය වන්නේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර ලබාදීම සහ පුනරුත්ථාපනයට යොමු කිරීමයි. මේ සඳහා කටයුතු කරන්නේ ආයතන රැසක් සමගින් මෙම ක්ෂේත්රයේ නිපුන වෘත්තිකයන්. ඒ අතර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා වූ ජාතික අධිකාරිය මේ කාර්යය සඳහා එක්ව සිටි. මත්ද්‍රව්‍ය ලෝකයෙන් තුරන් කිරීමේ අදිටනින් කටයුතු කිරීමේදී නෙකුත් රටවල් මරණ දඬුවම ක්‍රියාවට නංවන බව අප දන්නා කරුණක්. ඇමරිකාව චීනය පාකිස්තානය සෞදි අරාබිය ඊජිප්තුව සෝමාලියාව සිංගප්පූරුව වැනි රටවල් දැනටමත් එය ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව 2018 වසරේ දී අවම වශයෙන් රටවල් විසි එකක් මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. කෙසේවෙතත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරීමට නම් පැනවිය යුත්තේ දැඩි නීති රීති. මේ නිසා මත්ද්‍රව්‍ය උවදුර රටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට නම් සෘජු තීරණ ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ. සමාජය පරිහානිය කරා ගමන් කරවන මත්ද්‍රව්‍ය වර්තමානයේ ළමා පරපුර සහ තරුණ පරපුර ගිල ගත් විට රටේ අනාගතය කෙබඳු වේවිද යන්න අප හමුවේ ඇති ප්‍රබල අභියෝගයක්. අනෙක් අතට මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පිරිහුණු කායික සහ මානසික තත්ත්වයකින් පෙළෙන ජනතාවක් සිටින විට රටක සංවර්ධනයට එය දැඩිව බලපාන අතර රටට වන්නේ බරක්. මේ නිසාම ලෝකයම මුහුණ දෙන මෙම ගැටළුවට විසඳුම් සෙවීමට නම් රටක් රජයක් ආයතනයක් පුද්ගලයින් වශයෙන් බෙදී වෙන් වී නොව, කටයුතු කළ යුත්තේ සාමූහිකවම නොවේද.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

1061 Views

Comments

arrow-up