කොලිවුඩ් ටොලිවුඩ් මොලිවුඩ් ගැන
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

කොලිවුඩ් ටොලිවුඩ් මොලිවුඩ් ගැන

කොලිවුඩ් ටොලිවුඩ් මොලිවුඩ් ගැන

ඉන්දියාවේ වඩාත්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ බොලිවුඩ් සිනමාව. නමුත් ඒ වගේම දමිළ සිනමාව පදනම් කරගෙන කොලිවුඩ් ටොලිවුඩ් මොලිවුඩ් බිහිවෙලා තියෙන බව ඔබ දන්නවාද? මේ සූදානම් වන්නේ ඒවා බිහිවූ ආකාරය පිළිබඳව ඔබට විස්තර කියන්න.

කොලිවුඩ්

දමිල සිනමාව කේන්ද්‍ර වෙලා තියෙන්නේ චෙන්නායි ප්‍රදේශයේ කොඩම්බක්කම් කියන ප්‍රදේශයේ. ඒ නිසා තමයි එයට කොලිවුඩ් කියන නම පට බැදිලා තියෙන්නේ. දමිළ සිනමාවට සම්බන්ධ ප්‍රධානම චිත්‍රපට ස්ටූඩියෝ රාශියක් ස්තානගත වෙලා තියෙන්නේ මේ ප්‍රදේශය ආශ්‍රිතව. විසිවන ශතවර්ෂය දෙවැනි දශකයේදී පමණ කොලිවුඩ් දමිළ සිනමාවේ ආරම්භය සිද්ධ වුණා කියලා හඳුන්වනවා. 1918 තිරගත කෙරුණු නිහඬ චිත්‍රපටියක් වුන කීචක වාදම් චිත්‍රපටය දමිළ සිනමාවේ මුල්ම චිත්‍රපටිය විදිහට හඳුන්වනවා. දමිළ සිනමාවේ නැත්නම් කොලිවුඩයේ පියා ලෙසට හඳුන්වන්නේ නඩරාජා මුඩ්ලියාර්.

ටොලිවුඩ්

ටොලිවුඩ් බිහිවෙන්නේ හින්දි සිනමාවේ බොලිවුඩ් බිහිවෙන්න කලින්. මුලින්ම ටොලිවුඩ් සිනමාව ඉන්දියාවේ හදුන්වා තියෙන්නේ දැන් ජනප්‍රිය තෙළිඟු සිනමා නම් නෙමෙයි. ටොලිගුන්ජ් කියන ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන බිහිවුණු බෙංගාලි සිනමාව තමයි මුල් කාලෙදි ටොලිවුඩ් නමින් හඳුන්වලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට ටොලිවුඩ් කිව්වම කවුරුත් දන්නේ තෙළිඟු බස නිසා හයිද්‍රාබාද් මුල්කරගත් තෙලිඟු සිනමාව ගැන පමණයි. 1921දී තමයි තෙලිඟු සිනමාවේ මුල්ම නිහඬ චිත්‍රපටිය බිහිවෙන්නේ. එහි නම තමයි භීෂ්ම ප්‍රතිඥා. මෙය නිර්මාණය කරපු රඝුපති වෙන්කයියා නායිදු තෙළිඟු සිනමාවේ පියා ලෙස හදුන්වනවා. ටොලිවුඩයේ වැඩි හරියක්ම තියෙන්නේ ආගමික සහ පුරාණ කතන්දර පදනම් කරගත්තු චිත්‍රපටි.

 

 

 


මොලිවුඩ්

මොලිවුඩ් කියලා හඳුන්වන්නේ කේරළය කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන සිනමා කර්මාන්තය. මලයාලම් භාෂාවෙන් තමයි වැඩි හරියක්ම මේ චිත්‍රපට නිර්මාණය වෙන්නේ. මලයාලම් නම කෙටි කරලා යොදා ගැනීමෙන් මොලිවුඩ් වෙලා තියෙනවා. ජේ සී ඩැනියෙල් මොලිවුඩ් සිනමාවේ පියා හැටියට සලකනවා. ඔහු අධ්‍යක්ෂකවරයෙකු වගේම නිෂ්පාදකවරයෙක්. 1928 නිර්මාණය කරපු විගතකුමාරන් නිහඬ චිත්‍රපටය තමයි මුල්ම මලයාලම් චිත්‍රපටිය ලෙස ඉතිහාස ගත වෙලා තියෙන්නේ.

කොලිවුඩ් ටොලිවුඩ් මොලිවුඩ් සිනමාවන් අතරින් වඩාත්ම හොඳ මොකක්ද කියන එක රසිකත්වය මත තීරණය වන කාරණයක්. සිනමා කර්මාන්ත තුන අතරින් මෑතකදී ඉතාම ලාභදායී ව්‍යාපාර වගේම ජනප්‍රියත්වයෙන් ඉහළ තලයකට පැමිණි ව්‍යාපාර විදිහට හඳුන්වන්නේ කොලිවුඩ් සිනමාවයි. නමුත් අද වන විට වන විට මොලිවුඩ් හා ටොලිවුඩ් කොලිවුඩ් සිනමාවට තරඟයක් දෙන්න පුළුවන් තරමට ජනප්‍රියත්වය සහ නිර්මාණවල ගුණාත්මක භාවය වර්ධනය කරගෙන තියෙන බව වාර්තා වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

806 Views

Comments

arrow-up