පළා ගැන වැරදි මත
අපේ සමාජයේ ගුණදායී පළා සහ එළවළු ගැන මත සහ කටකතා පැතිරී තියෙනවා. දැනට වසර ගණනකට පෙර පළා ආහාරයට ගැනීම නුසුදුසු බවත් පළා ගැනීමෙන් පිළිකා ඇතිවිය හැකි බවත් පැතිරීගිය එවැනි කතාවක්. මේ කතා වරින්වර ඉස්මතු වූ අතර එහිදී වඩාත් පැතිරගියේ පැෂන් පෘට් කොළ ආහාරයට ගැනීමෙන් පිළිකා වැලදිය හැකි බවයි. ඒ එම කොළ පිළිකාකාරක යැයි පවසමින්. ඊළඟට ජපන් බටු කොළ පිළිකාකාරක යැයි මතයක් පැවති අතර ඉන්පසුව කතුරුමුරුංගා කොළවලටද එය පැතිර ගියා. වසර ගණනාවකට පෙර කරපිංචා වලටත් මේ කතාව පැතිරගියා.
කටකතා පතුරුවා හැරීමේදී බොහෝ දෙනා යොදාගත්තේ මහරගම පිළිකා රෝහලේ මේ ගැන ප්‍රදර්ශනය කර තිබෙන බවයි. එහෙත් ඒ ගැන සොයා බැලීමේදී එවැනි කිසිම සදහනක් පිළිකා රෝහලේ සිදුකර නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව බලන කළ කතුරුමුරුංගා පලා වර්ග අතර රජු ලෙස සලකනවා. කතුරුමුරුංගා කොළවල පෝෂණීය සහ ඖෂධීය ගුණ එතරම් උසස්. ලෝකයේ මෙතෙක් පහළ වී ඇති කුමන වෛද්‍ය විද්‍යාවට අනුව හෝ විග්‍රහ කළොත් කුමන පෝෂණ විද්‍යාව විග්‍රහ කළත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. කතුරුමුරුංගා පිළිකාකාරක නොවනවා පමණක් නොව එය පිළිකා නසන ඖෂධයක් ලෙස ආයුර්වේදයේ සඳහන් කරනවා. බටහිර වෛද්‍ය විද්‍යාව පිළිකා වළක්වන ස්වභාවික ආහාර අතුරෙන් ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ කතුරුමුරුංගා ඇතුළු පලා වර්ග වලට බව ඔබ දන්නවාද? පලාවර්ග ඇතුළු එළවළු වැඩියෙන් ආහාරයට ගැනීමෙන් පිළිකා අවදානම අඩුවන බව විද්‍යාත්මකව ඔප්පු වී තියෙනවා.
පිළිකා නැසීමට පමණක් නොව අධිරුධිර පීඩනය දියවැඩියාව කොලෙස්ටරෝල් සහිත හෘදයාබාධ ආදී ලෙඩ රෝග වළක්වා ගැනීමට ඒවා පාලනය කර ගැනීමටත් මේවා ඉවහල් වෙනවා. අපේ රටේ ජනතාවගෙන් සෑම දෙනාම දැන හෝ නොදැන කැල්සියම් හා යකඩ ඇතුළු පෝෂණ අවශ්‍යතාවයන් සැලකිය යුතු ප්‍රතිශතයක් මෙන්ම විටමින් ඒ හා සී ඇතුළු විටමින් අවශ්‍යතාවය මුගුණුවැන්න ගොටුකොළ ඇතුළු පලා වර්ග ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි වෙනවා. පලා එළවළු ආහාරයට නොගැනීමෙන් වැඩි වාසි ලබාගන්න ලබාගන්නෙ කැල්සියම් කරුණු වර්ග විටමින් e ඇතුළු විටමින් වර්ග කිරිපිටි වලට එකතු කර අධික ලාභ ලබන කිරිපිටි සමාගම්. එහෙත් එය රැවටීමක්. කිරිපිටි වලින් ලබා ගන්නා සුළු විටමින් වලට වඩා ස්වභාවික ආහාර ලබා ගන්නා විටමින් ඛනිජ ලවණ ඉතාම පෝෂණය වෙනවා. ඒ නිසා කැල්සියම් විටමින් පෙති වශයෙන් හෝ කෘතීම ආහාර වශයෙන් ගෙන පෝෂණය ලබා ගැනීමට නොසිතා එළවළු පලා ඇතුළු ස්වභාවික ආහාරයෙන් ඒවා ලබාගැනීමට හැම විටම උත්සාහ කරන්න.
by Dilki Shamani
Photo Source: Internet
1096 Views
Comments