විල්පත්තුව වගා වෙන්නේ කොහොමද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

විල්පත්තුව වගා වෙන්නේ කොහොමද?

විල්පත්තුව වගා වෙන්නේ කොහොමද?

විල්පත්තුව යලි වගාකිරීමේ ක්‍රියාවලිය පිළිබඳ කතාබහක් ඇතිවී තිබේ. නමුත් එය හිතුමතේ කලහැක්කක් නොවේ. මේ සඳහා මූලික ක‍්‍රම දෙකක් අනුගමනය කළ හැක. ස්වාභාවිකවම නැවත සංශේනික ක‍්‍රියාවලිය සිදුවීමට ඉඩ හැරීම ඉන් පළමු වැන්නයි. නමුත් මෙම ක‍්‍රමයට දීර්ඝ කාලයක් ගත වන අතර ආක‍්‍රමණික ශාකවල ග‍්‍රහනයට හසුවීමට වැඩි ඉඩක් තිබේ. සංශේනික ක‍්‍රියාවලියට මැදිහත් වෙමින් වනාන්තරය ස්ථාපිත වීමේ ක‍්‍රියාවලිය කළමනාකරණය කිරීම දෙවැනි හා සාර්ථකම ක‍්‍රමයයි.


නැවත වන වගාවක් සිදුකළ හැකි ආකාරය පිළිබඳ අදහසක් ගැනීම වඩාත් පහසු වන්නේ වනාන්තරයක් ස්වභාවිකවම නැවත ස්ථාපිත වීමට ඉඩ හැරියවිට සිදුවන සංශේනික ක‍්‍රියාවලිය අවබෝධ කරගැනීමෙනි. තවමත් සංරක්ෂණය වී පවතින බීජ එකතුවක් මෙවැනි හානියට ලක්වූ වනාන්තර පරිසර පද්ධතියක පස තුළ අන්තර්ගත වේ. මෙහි විවිධාකාර ලොකු කුඩා ශාකවල බීජ අඩංගු නමුත් මේ සියල්ලටම යලි රෝපණය වීමේ හැකියාවක් නොමැත.


දැඩි සූර්යාලෝකය ඇල්මක් දක්වන අඩු සාපේක්ෂ ආද්‍රතාවක් සහිත හියුමස් අඩු පස් මුතුපිටක වර්ධනය විය හැකි ශාක විශේෂ මානව ක‍්‍රියාකාරකම් නතරවූ පසු මුලින්ම ප‍්‍රරෝහණය වීමට පටන් ගනී. මෙම ශාක කාණ්ඩය ප‍්‍රාරම්භක ශාක ලෙස හඳුන්වන්නේ ඒවා වනාන්තරය නැවත ඇති කිරීමේ පුරෝගාමීන් වන නිසයි. මෙම ශාක හොඳින් වැඩීම නිසා වනාන්තරයක් නැවත ඇති වීමේ මුල්ම අවදියේදී විවෘතව පවතින භූමියට ආවරණයක් ලැබේ. ඒ සමඟම පස මතුපිට දිරාපත්වන කාබනික ද්‍රව්‍ය ස්තරයක් ක‍්‍රමයෙන් ඇතිවී මෙයට සමගාමීව පොළව මට්ටම ආසන්නයේ ආද්‍රතාව ඉහළ ගොස් පසේ තෙතමනය ආරක්ෂාවීමත් සමග තවත් පාංශු බීජ පැළවීමට පරිසරය සැකසේ.

 


එලෙස වර්ධනය වන ශාක කාණ්ඩය අයත් වන්නේ අතරමැදි සංශේනික ශාක වලටයි. මේවා සෙවණට ඔරොත්තු දෙන අතර සෙවණ යට වැඩිම ප‍්‍රියකරන කුඩා පැල ලෙස වර්ධනය වේ. ඉන්පසු ප‍්‍රාරම්බක ශාක විශේෂ හෙවන යට හිතකර පරිසරයේ රෝපණය වේ. එම ශාක සූර්යාලෝකය සොයාගෙන වේගයෙන් ඉහළට වැඩෙන නිසා කඳ සිහින්ව දිගුව වැඩේ.
මෙලෙස යලි වගාකරන වනාන්තරයේ ශාක සංයුතිය, පසේ රසායනික ස්වභාවයන් ශාක පත‍්‍රවල රසායනික සංයුතින් වන සතුන්ගේ ජීවන පැවැත්ම තහවුරු කළ යුතුය. මේ නිසාම මිනිස් ක‍්‍රියාකාරකම්වලින් හානියට ලක්වුණු වන භූමියක් නැවත සංශේනික ගමන අරඹන විට විවිධ ආක‍්‍රමණික ශාක, පලිබෝධ ශාක හේතුවෙන් මේ ක‍්‍රියාවලිය වරින්වර විය හැකි බැවින් මේ පිළිබඳ වඩාත් තාක්ෂණික දැනුමක් හා අවබෝධයකින් යුතුව යලි වනාන්තර ඇතිකිරීම ආරම්භ කළ යුතුය.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

551 Views

Comments

arrow-up