වස්කෝද ගාමා උපන් තැන සොයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
04

වස්කෝද ගාමා උපන් තැන සොයා

වස්කෝද ගාමා උපන් තැන සොයා

මෙයට වසර 523 කට පෙර යුරෝපයේ සිට පෙරදිග මුහුදු මාර්ගය සොයාගත් ප්‍රථම නාවිකයා ලෙස වස්කෝ ද ගාමා මුහුදු ගවේශකයෙකු වශයෙන් ඉතිහාසගත වී තිබේ. පෘතුගීසීන්ට ආසියාවේ දීර්ඝකාලීන යටත් විජිත අධිරාජ්‍යයක් පිහිටුවීමට හැකිවූයේ ඔහු 1497 දී ඉන්දියාවට මුහුදු මාර්ගය සොයා ගැනීම නිසායි. ඔහුගේ එම සංචාරය එතෙක් මෙතෙක් කර ඇති දීර්ඝතම මුහුදු ගමන බවට සැලකෙන්නේ පෘතුගාලයෙන් පිටතට හා නැවත පෘතුගාලයට ආපසු එන මුහුදු ගමන් වල ඇති දුර ප්‍රමාණය සලකා බැලීමෙනි. මේ සූදානම් වන්නේ එම විශිෂ්ඨ මුහුදු ගවේෂකයා සහ උපන් ගම පිළිබඳ ඔබ නොදත් කරුණු ඉදිරිපත් කරන්නයි.


1469දී පෘතුගාලයේ සිනෙස් නමැති මුහුදුකර ගම්මානයේදී වස්කෝ ද ගාමා උපතලැබීය. අදවන විට ගම්මානය අවට නවීන පන්නයේ ධීවර නිවාස දක්නට ඇත. වස්කෝ ද ගාමා උපන් ස්ථානය ගැන සඳහන් කරමින් ඉතිහාසඥ ලුයිස් අඩාඕ ඩ ෆොන්සේකා පෙන්වා දෙන්නේ පරම්පරා ගණනාවක ජනතාව පවසා ඇති පරිදි ගාමා පවුල ජීවත් වී ඇත්තේ ‘බරෝකා’ හෝ ‘ඩොම් වස්කෝ’ නම් එළවළු වත්ත ඉදිරිපිට පිහිටි නිවසක බවයි. කසාඩි වස්කෝ ඩ ගාමා ලෙස වර්තමානයේ එය හඳුන්වනු ලබයි. වර්තමානයේ පුද්ගලික හිමිකාරීත්වය දරණ මෙම දේපළ පිහිටා ඇත්තේ වර්තමාන රුආ වස්කෝ ඩ ගාමා නම් මාර්ගයේය.

ඉතිහාසඥ අර්නාල්ඩෝ සොලෙඩේඩ් 1516 දී සිනෙස් ගම්මානයේ සන්තියාගෝ සාන්තුවරයාගේ නමින් නම් කරන ලද ආගමික හා හමුදා සංවිධානයේ නියෝජිතයින්ගේ නිවස සහ එහි උද්‍යානය පිළිබඳ වාර්තා කරන ලියවිල්ලක සඳහන් කර ඇති අතර එය වස්කෝ ද ගාමාගේ උපන් ස්ථානය ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනය කළ යුතු නමුත් මෙම ලේඛනය නිසා එම ස්ථානය නිසැකවම ද ගාමා පවුලට සම්බන්ධ බව තහවුරුවී තිබේ. එම සිනෙස් මාලිගයේ දෙවන මහලේ වස්කෝද ගාමා උපත ලැබු බව ඔහු විශ්වාස කරයි.

 


ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානම් කටුක අණ දෙන දැඩි කිසියම් අසාධාරණයක් සිදුවූ විට දඬුවම් කරන, සාමාන්‍ය උස, තරමක් බර, විශ්වාසවන්ත විශිෂ්ඨ පුද්ගලයකු ලෙස වස්කෝ ද ගාමා ගේ වංශ කතාකරුවෙකු හා සමකාලීනයෙකු වන ජොආඕ ඩි බරෝස් ඔහුව හඳුන්වාදී තිබේ. වස්කෝ ද ගාමා තුන් වතාවක් ඉන්දියාවට යාත්‍රා කර ඇති අතර ඔහුගේ බිරිඳ කටරිනා ඩි අටයිඩ්ය. ඔවුන්ට පුතුන් හයදෙනෙක් සහ එක් දියණියක් සිටි බව වාර්තා වේ. දීර්ඝ කාලයක් පුරා ලොව වටා සංචාරයේ යෙදුන වස්කෝ ද ගාමා මිය ගියේ 1524 නත්තල් දිනයේ දී ඉන්දියාවේ කෝචින් නගරයේ මැලේරියාව වැළඳීමෙනි. ඔහුගේ දේහෞඅ 1538 දී ඔහුගේ දේහය නැවත පෘතුගාලයට යවා කපෙලා ඩි විඩිගුඑයිරා හි තැන්පත් කරන ලද අතර1880 දී ඔහුගේ සිරුර ලිස්බන් හි සුප්‍රසිද්ධ මොස්ටයිරෝ ඩොස් ජෙරෝනිමස් වෙත ගෙන ගිය බව වාර්තා වේ.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1715 Views

Comments

arrow-up