සිගරට් උගුලෙන් මිදෙන නිකොටින් ආධාරක

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ගැන දිනපතාම අසන්නට ලැබෙනවා. ලොව වඩාත්ම වේගයෙන් පැතිරෙන ඇබ්බැහිකාරකය වෙන්නේ නිකොටින්. මේ පිළිබඳවත් එයින් මිදෙන්නට ගත හැකි උපායමාර්ග පිළිබඳවත් මෙම ලිපියේ සටහන් වෙනවා.
පුරුද්දක් ලෙස සිගරට් පානය කරන්නකුගේ රුධිරයේ තිබෙන නිකොටින් සාන්ද්‍රනය පහත වැටුණු පසු ඔහුගේ සිරුරට මනසට අපහසුතාවයන් රැසක් ඇතිවෙනවා. කලබලකාරී ගතිය සිත එකගව පවත්වා ගැනීමට නොහැකිවීම වේදනාකාරී බව කරකැවිල්ල මලබද්ධය එමෙන්ම සිගරැට්ටුවක් පානය කළොත් හොඳයි යන හැඟීම ඒ අතර වෙනවා. මෙහිදී ඔබේ අවශ්‍යතාවය සම්පූර්ණ වුනොත් ඒ ගැන දෙනෙන අමාරුකම වැඩි වෙනවා. පැය විසිහතරක් පමණ ගතවන විට එය උපරිම අපහසුතාවයක් කරා ළඟා වෙනවා. සිගරට් බොන සෑම තුන් දෙනෙකුගෙන්ම දෙදෙනෙකුට මේ නරක පුරුද්දෙන් මිදෙන්න හොඳටම උවමනා උනත් එය ඇබ්බැහි වීමක් නිසා ඉතා භයානක දෙයක්. මේ නිසා පුරුද්දෙන් ගැලවෙන නිකොටින් ආදේශක ප්‍රතිකාර නිෂ්පාදනය කර තියෙනවා.
දුම්පානය නොකරමින් රුධිර ධාරාවට නිකොටින් ලැබෙන්නට සැලැස්වීම මෙහිදී සිදු කරනවා.
නිකොටීන් පැච්
මෙය සම මත අලවන පැච් එකක්. පැච් එකේ නිකොටීන් අන්තර්ගත වන අතර එහි සිට රුධිර ධාරාවට නිකොටීන් නිකුත්වී විරමණ ලක්ෂණ ඇති නොවන්නට වගබලා ගන්නවා. පැච් එකේ ඇත්තේ නිශ්චිත නිකොටින් මාත්‍රාවක්. පැය දාසයක් ක්‍රියාත්මක වන පැච් හා පැය 24 ක් ක්‍රියාත්මක වන පැච් තියෙනවා. මුලින්ම මෙම පැච් භාවිතය වැඩි මාත්‍රාවක් සිට අඩු කරමින් ගොස් අවසානයේ ප්‍රතිකාර නවත්වනු ලබනවා.
නිකොටීන් ගම්
මෙය වේගයෙන් ක්‍රියාත්මක නිකොටින් ආදේශක ප්‍රතිකාරයක් වශයෙන් හඳුන්වනවා. චුයින්ගම් ආකාරයට කටේ රුවා ගැනීමෙන් මුඛයේ ශ්ලේෂ්මල ඔස්සේ රුධිර ධාරාවට නිකොටීන් එකතු වෙනවා. මේ ගම් එක මුලින්ම එයට ආවේණික රසයට එනතුරු විකන්නට වුවමනයි. රස මුවට දැනුන පසු එම රසය ඉවර වනතෙක් නිසොල්මන්ව සිටිය යුතුයි. ඉන්පසු නැවතත් විකන්නට උවමනායි. මෙලෙස විනාඩි 20-30 කිරීමෙන් එය ඉවත් කරන්න පුළුවන්. මෙහි ඇති නිකොටින් උරා ගැනීමට බාධා කරන බැවින් නිකොටීන් ගම් භාවිතයට විනාඩි පහළොවකට පෙර කිසිදු ආහාර පානයක් නොගතයුතුයි. එසේම ගම් එක කටෙහි තිබෙන කාලය මුළුල්ලේ කිසිවක් අනුභවය හෝ පානය නොකළ යුතුයි.
නස්ල් ස්ප්‍රේ
නාසිකව යොදන ස්ප්‍රේ වශයෙන් ක්‍රියා කරන නිසා වේගයෙන් නිකොටින් රුධිරගත වෙනවා. මෙය භාවිතා කළ හැක්කේ වෛද්‍ය ප්‍රතිලේඛන මතයි. නැත්නම් වෛද්‍ය ඉල්ලීමක් මත පමණයි. දුම් පානය කරන්නන් මේ nasal spray එකට කැමතියි. ඒ භාවිතයේ පහසුව නිසා. කෙසේ නමුත් මෙහිදීද අනෙක් දුම්පානයෙන් වැළකීමේ ක්‍රම මෙන් මේ nasal spray භාවිතා කළ යුත්තේ එය ඔබට අවශ්‍ය කරන තාක් පමණයි. ඔබේ දුම්වැටියට ඇබ්බැහි අවසන් වන තෙක් පමණයි. මෙවැනි නිකොටීන් ආධාරක භාවිතයෙන් දුම් පානයට ඇබ්බැහි වීම වළක්වා ගන්න පුළුවන්.
by Dilki Shamani
Photo Source: Internet
3541 Views
Comments