ඇමරිකානුවන් මුඛ ආවරණ වලට මේ තරම් අකමැති ඇයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

ඇමරිකානුවන් මුඛ ආවරණ වලට මේ තරම් අකමැති ඇයි?

ඇමරිකානුවන් මුඛ ආවරණ වලට මේ තරම් අකමැති ඇයි?

පවතින වසංගත තත්ත්වයන්ගෙන් බේරීම සඳහා සුදුසුම ක්‍රමවේදයක් ලෙස මුඛ ආවරණ පැළඳීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබුණත් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් මුඛ ආවරණ පැළදිම විවේචනය කිරීම නිරන්තරයෙන් දැකගත හැකි වෙනවා. මේ නිසා සමහර ඇමරිකානු ජාතිකයන් ප්‍රතිපත්තියක් වශයෙන් මුඛ ආවරණ පැලදීම ප්‍රතික්ෂේප කරනවා. මුඛ ආවරණ පැලදීම දේශපාලන ගැටුම් ඇති කරන උත්ප්‍රේරකයක් බවට ඇමරිකාව තුළ පත්වී තිබෙනවා. බොහෝ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් මුඛ ආවරණ පැලැඳීමට සහාය දෙන බව Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් කරන ලද මත විමසුමකට අනුව අනාවරණය වී ඇති අතර බොහෝ රිපබ්ලිකානුවන් එසේ නොවේ. රිපබ්ලිකානුවන් සිය ජනාධිපතිවරයගේ නායකත්වය අනුගමනය කරමින් මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරනවා.

එසේ මුඛ ආවරණ පැළඳීම පිළිබඳ විවිධ සිදුවීම් රටපුරා වාර්තා වී තිබෙනවා. මිචිගන්හි පීසිරියාවේ කම්කරුවකුට මුඛ ආවරණ පැළඳිය යුතු යැයි අවන්හලක පාරිභෝගිකයකු පැවසූ විට ඊට අකමැතිව කලහකාරී ලෙස අවන්හල තුළ හැසිරෙමින් ප්‍රාදේශීය බලධාරීන්ට පවා බැන වැදෙමින් කටයුතු කර තිබෙනවා. මුඛ ආවරණ වලට එරෙහිව සටනක් ලොස් ඇන්ජලීස් සිල්ලර වෙළදසැලක් අසල ආරම්භ වූ අතර එහිදී සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ජෙරී ලුවිස් නම් රැප් ගායකයා මියගිය බවත් වාර්තා වෙනවා. මෑත සති වලදී ඔක්ලහෝමා දකුණු කැරොලිනා ජෝර්ජියා සහ වෙනත් රිපබ්ලිකන් පක්ෂයට නැඹුරු වූ ප්‍රාන්ත වල රෝගය වේගයෙන් ව්‍යාප්ත වී තිබුණා. මෙම ප්‍රාන්ත සඳහා රටේ අනෙකුත් ප්‍රදේශ වල ආරක්ෂාව වෙනුවෙන් මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවය මතු කළ අතර අවන්හල් වල දුම්පානය නොකරන ලෙසත් නීති රීති පනවනු ලැබූවා. ඇමරිකානුවන් මුලදී එම සීමාවන්ට විරුද්ධ වූ නමුත් දැන් ඔවුන් එම ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් බොහෝ දෙනෙක් තවමත් මුඛ ආවරණ පැලැඳීමට කටයුතු කර නැහැ.

 


නැෂ්විල් හි වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ බෝවන රෝග පිළිබඳ අංශයේ අධ්‍යක්ෂක ඩේවිඩ් ඇරොනොෆ් පවසන්නේ සමහර පුද්ගලයන් මුඛ ආවරණ නොපළඳින්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස එය දකින බැවින් යනුවෙන්. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් නිතරම ප්‍රකාශ කරන්නේ මුඛ ආවරණ ආසාදන පැතිරීම වැළැක්වීමට උපකාරී වන බැවින් මිනිසුන් ප්‍රසිද්ධියේ මුඛ ආවරණ පැළදුවහොත් රට වේගයෙන් යථා තත්ත්වයට පත් විය හැකි බවට ඔවුන් විශ්වාස කරන බවයි. නමුත් දේශපාලන මතිමතාන්තර වලින් තොරව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මත පමණක් අනුගමනය කරමින් මුඛ ආවරණ පැළඳීමට ඇමරිකානු ජනයා කටයුතු කළහොත් ඔවුන්ට මෙම රෝගී තත්ත්වයේ බරපතළ අවදානමින් මිදිය හැකි වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : bbc.com

views

570 Views

Comments

arrow-up