නූඩ්ල්ස් හී ඉතිහාසය

අම්මලා විදිහට අපිට පහසුවෙන් පිලියෙළ කරගන්නත් වගේම පෝෂණ ගුණය ආරක්ෂා වෙන විදිහට දරුවන්ගේ රාත්‍රී හා උදය වේලට ගැලපෙනම ආහාරයක් විදිහට නූඩ්ල්ස් ඉතාමත්ම ජනප්‍රියයි.
මිලියන 270 ක් පමණ ක්ෂණික නූඩ්ල්ස් ලොව පුරා දිනකදී ආහාරයට ගන්නා බව ඔබ දන්නවා ද? වාර්ෂිකව නම්, ලොව ජීවත් වන සෑම කෙනෙක් ම නූඩ්ල්ස් පිඟන් 16 ක් හෝ 17 ක් පමණ ආහාරයට ගන්නවා.
පසුගිය වසරේ පමණක් ලෝක වැසියන් බිලියන 100 කට වඩා ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගෙන තිබෙනවා. නූඩ්ල්ස් වෙනුවෙන් නම් දරා සිටින රාජ්‍යක් විදිහට චීනය ඉතාමත් ප්‍රසිද්ධයි. ඉහත දැක්වෙන බිලියන සියය අතරින් එයින් බිලියන 38 ක් චීනයේ නූඩ්ල්ස් පරිභෝජකයන් වීමත් විශේෂත්වයක්.
ක්ෂණික නූඩ්ල්ස් වුනත් රසකාරක සහ වෙනත් රසායන අතිරේක නැතුව හොදින් එළවළු , බිත්තර, මස් සහ මාළු වැනි දෙයක් එක් කර ගෙන සකස් කරගන්න පුලුවනි. ඉතින් අද අපි කියන්න යන්නේ නූඩ්ල්ස් හදන හැටි නම් නෙමෙයි. නූඩ්ල්ස් කියන මේ ආහාරය හැදුනු හැටි.
නූඩ්ල්ස් වල අතීතය ගැන ටිකක් දැනගන්න ඔබත් කැමතියි නේද….?
නූඩ්ල්ස් ඉතිහාසය ...
2002 වසරේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව නූඩ්ල්ස්වල ඉතිහාසය අවුරුදු 4000 ක් පමණ පැරණි යැයි විශ්වාස කළ නූඩ්ල්ස් බඳුනක් චීනයේ චින්හායි (Qinghai) පළාතේ කැණීමකින් සොයා ගත්තා.
කැණීමෙන් මතු කරගත් මේ භාජනය සහ ඒ තුළ ආරක්ෂා වී තිබූ ද්‍රව්‍ය රොන් මඩවලින් මීටර් 3 ක් යටට වැළලී තිබුණා. එය සිදුවී තිබුණේ සහශ්රක හතරකට පමණ කලින් ලජියා (Lajia) නම් ස්ථානයේ සිදුවූ විනාශකාරී නාය යාමක් හේතුවෙන්.
මේ අනාවරණයට මත්තෙන් නූඩ්ල්ස් පිළිබඳ සඳහන් වෙන්නේ, ක්‍රිස්තු වර්ෂ 22 ත් 220 ත් අතර පැවති නැගෙනහිර චීනයේ හාන් (Han) රාජ වංශය සමයේ ලියවුණු පොතකින්.
ක්ෂණික නූඩ්ල්ස් ඇති වුනේ කොහොමද?
දෙවන ලෝක සංග්රාමයෙන් ජපානය පරාද වීමෙන් අනතුරුව ආහාර සැපයුම හිඟ වූ අතර ජනයා ඇමරිකානු ආධාර මත යැපෙන්නට වුණා.
යුද්ධයෙන් අනතුරුව කුසගින්නෙන් පෙළුණු ජපාන වැසියන් එයින් මුදවා ගැනීමට තායිවාන සහ ජපාන ව්‍යාපාරික මොමොෆුකු ඔන්ඩෝ (Momofuku Ando) උත්සාහයක් කළා.
ඉතින් ඔහු වසරක් පුරා ම ඔසාකාහි ගෙවත්තක පිහිටි මඩුවක වෙහෙස නොබලා වරද්ද වරද්දා කළ උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට කුකුළන්ගේ කොටස් යොදාගෙන නිෂ්පාදනය කළ ලොව වඩාත් සාර්ථක ව්‍යාපාරික ආහාරය ලෙස ක්ෂණික නූඩ්ල්ස් බිහි වුණා.
ක්ෂණික නූඩ්ල්ස් මුලින් ම වෙළඳපොළට පැමිණියේ 1958දී ඒ කියන්නේ දැන් අවුරුදු 60 ක පරිණත තත්වයක්. 20 වන සියවසේ ඔවුන් විසින් සොයා ගත් හොඳම නිෂ්පාදනය ක්ෂණික නූඩ්ල්ස් බව ජපානය සඳහන් කරනවා. එදා සිට වෙනසකට භාජනය වුණා නම් ඒ වුණේ ඉතාමත් සුළුවෙන්.
ජපානයට ගියොත් මේ විදිහට කන්නත් අමතක කරන්න එපා..
ඔබ ජපානයට ගියොත් නම් මේ කියන විදිහට නූඩ්ල්ස් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. ඒ මොකද කියනවා නම් අපේ රටේ තලු ගැසීම අශීලාචාර ආහාර පුරුද්දක් වුනත් ජපන් ජාතිකයන් සුප් පානයේදී සහ නූඩ්ල්ස් ආහාරයට ගැනීමේදී තලු ගැසීම සිරිතක්.
එය එසේ සිදු කරන්නෙර් අරමුණු දෙකක් නිසා එක් අතකින් මේ ආහාරයේ රසය ඉස්මතු වෙන බවත් අනිත් පැත්තෙන් කෘතවේදීත්වය දැක්වීමක් විදිහටත් තලු ගැසීම අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි.
ජපානයේ නූඩ්ල්ස් කෞතුකාගාර තුනකුත් තියෙනවා. එයින් යෝකෝහාමා කෞතුකාගාරය කප් නූඩ්ල්ස් වෙනුවෙන් සුප්‍රසිද්ධයි.
by Kaushalya De Silva
Photo source : Internet
817 Views
Comments