ටික්ටොක් තහනම ඇමරිකාවත් පනවයිද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
14

ටික්ටොක් තහනම ඇමරිකාවත් පනවයිද?

ටික්ටොක් තහනම ඇමරිකාවත් පනවයිද?

කෙටි ආකෘති වීඩියෝ යෙදවුමක් වන ටික් ටොක් ඉතා ඉක්මනින් එක්සත් ජනපදයේ ජනප්‍රිය සංස්කෘතික ප්‍රධාන අංගයක් බවට පත්ව ඇති අතර එය වෛරස මෙමා සඳහා මෙන්ම දේශපාලන උපහාසාත්මක ක්‍රියාකාරීත්වය වේදිකාවක් ලෙසද ක්‍රියා කරනවා. නමුත් දැන් ටික්ටොක් එක්සත් ජනපදයේ ව්‍යාප්තියේ තර්ජනයට මුහුණ දෙමින් සිටිනවා. පසුගියදා ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇත්තේ චීන සමාගමක් වන බයිට් ඩෑන්ස් සතු මෙම යෙදවුම තහනම් කිරීම පිළිබඳ තොරතුරු සොයා බලන බවයි. මෙම ටික්ටොක් යෙදුම ඉන්දියාවේද තහනම් කිරීම පිලිබඳ පසුගියදා අප ලිපියක් පලකලා.

එක්සත් ජනපදයේ තරුණ පරිශීලකයන් අතර ජනප්‍රිය වුණ ටික් ටොක් මිලියන 165ක් වතාවක් බාගත කර ඇති යෙදුමක් ගැන වොෂින්ටනය අනතුරු ඇඟවීම් මතු කිරීම පිළිබඳ නවතම හා වඩාත්ම ඉහළ මට්ටමේ උදාහරණයකි. ටික් ටොක් යෙදවුම නිසා ජාතික ආරක්ෂාවට ඇති විය හැකි අවදානම පිළිබඳ තක්සේරු කරන ලෙස පසුගිය වසරේ සෙනෙට් සුලුතර නායක චක් ෂුමර් සහා ආකෑන්සාස් රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් ටොම් කපුන් බුද්ධි ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා. සයිබර් ආරක්ෂක ප්‍රජාවේ බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්න ටික්ටොක් සමහර තත්ත්වය යටතේ එක්සත් ජනපද ආරක්ෂාවට පැහැදිලි තර්ජනයක් විය හැකි නමුත් ඔවුන් පවසන්නේ අන්තරාය දැනට බොහෝ දුරට උපකල්පිතව හෝ වක්‍රව පවතින බවයි. සමහර විශ්ලේෂකයන් පවසන්නේ නම් සමස්තයක් ලෙස චීනය කෙරෙහි ට්‍රම්ප් දක්වන ආක්‍රමණශීලී ප්‍රවේශය නිසා මේ කාරණය තව දුරටත් සංකීර්ණ වී ඇති බවයි.

 



ආරක්ෂක විශේෂඥයන් කිහිපදෙනෙකු CNN business වෙත පවසා ඇත්තේ පුද්ගලික චීන සමාගමකට ටික්ටොක් හි සම්බන්ධ සැලකිලිමත් විය යුතු වුවත් ඔත්තු බැලීම සඳහා මෙම යෙදවුම එතරම් ප්‍රයෝජනවත් නොවන බවයි. වෙනත් සමහර සමාජ යෙදවුම් හා තාක්ෂණික සමාගම් මෙන් ටික්ටොක් එහි රහස්‍යතා ප්‍රතිපත්තියට අනුව පරිශීලකයින්ගේ භූ ස්ථානගත තොරතුරු, අයිපී ලිපිනය, ඇතුළු තොරතුරු ස්වයංක්‍රීය රැස් කරනවා. එය විශාල දත්ත ප්‍රමාණයක් වන අතර වඩා සංවේදී තොරතුරු සහ ජාතික ආරක්ෂාවට වඩා හානිකර විය හැකියි. මේ වසරේ ජනවාරි මාසයේ දී ආරක්ෂක පර්යේෂකයන් කණ්ඩායමක් නිවේදනය කර ඇත්තේ ටික් ටොක් යෙදවුමේ අනාරක්ෂිතතා කිහිපයක් සොයා ගත් බවත් අඩුපාඩු නොසලකා හරිනු ලැබූ හොත් ටික්ටොක් ගිණුම් පාලනය කිරීමට අවසරයකින් තොරව වීඩියෝ උඩුගත කිරීමට සහ ඊමේල් ලිපින වැනි පරිශීලක දත්ත ලබා ගැනීමට ප්‍රහාරකරුවන්ට අවස්ථාවක් උදා වන බව වාර්තා වෙනවා.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : edition.cnn.com

views

481 Views

Comments

arrow-up