සංචාරය කාන්තාවන් සවිබල ගැන්වීමේ මාර්ගයක් බව ඔබ දන්නවාද

සංචාරය කියන්නේ සමාජ බලපෑම සහ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමට උපකාරී වන ක්ශේත්‍රයක්. මේ ඒ පිළිබඳ සටහනක්.
සංචාරයකදී අනෙක් පාර්ශවය වෙනුවෙන් කළ හැකි වැදගත්ම දේ වන්නේ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමයි. පුද්ගලික වර්ධනය හැරුණු කොට සංචාරය ආර්ථික වශයෙන් කාන්තාවන් සවි බල ගන්වන්න ආදායමක් සහ ස්වාධීන හැඟීමක් ඇතිකරන අර්ථවත් රැකියාවක් සැපයීමට ඊට හැකියාව ලැබෙනවා.
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ සංචාරක කාන්තාවන් පිළිබඳ ගෝලීය වාර්තාවට අනුව සංචාරක මඟ පෙන්වන්නන් මූලික වශයෙන් පුරුෂයන් වන නමුත් කාන්තා සංචාරක මාර්ගෝපදේශකයින් සිටින අතර හැකි හැම විටම ඔවුන් බඳවා ගැනීමට උත්සාහ කළ යුතුයි. තිරසාර සංචාරක සමාගම් බොහෝ විට කාන්තාවන් මේ සඳහා යොමු කරවීමට උත්සාහ දරනවා. ඉන් ඔවුන්ට අගනා ආර්ථික වාසි හිමි වනවා.
හෝටල් සහ ආපන ශාලා වැනි කාන්තාවට අයත් ව්‍යාපාර වලට සහාය වීමටත් ප්‍රදේශවාසීන් විසින් අතින් සාදන ලද සිහිවටන මිලදී ගැනීමටත් අවස්ථාව උදාවන්නේ සංචාරක කර්මාන්තයේ දියුණුව නිසාමයි. මේ වගේ ව්‍යාපාර වල වැඩිපුර නියැලෙන්නේ කාන්තාවන්. ඒ නිසා ඔවුන්ට තම නිෂ්පාදන සඳහා මනා වෙළඳපළක් සොයා ගැනීමට අවස්ථාව හිමිවෙනවා. තායිලන්තය වියට්නාමය වැනි රටවල් වල අමුත්තන්ට සාම්ප්‍රදායික ආහාර පිළියෙල කර අලෙවි කරන්නේ කාන්තාවන්. සංචාරක කර්මාන්තය කාන්තාවන් දරිද්‍රතාවෙන් මුදවා ගැනීමට උපකාරී වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධානවල දත්ත වලට අනුව කාන්තාවන්ගේ රැකියා දරිද්‍රතාවය අවම කිරීම ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සහ කාන්තා සවි සවිබලගැන්වීමට සහාය වීම සඳහා දායකත්වය ලබාදෙනවා.
ලෝක සංචාරක කවුන්සිලයට අනුව ලෝකයේ රැකියා දහයෙන් එකක් සඳහා සංචාරක ව්‍යාපාරයේ සහාය ලැබෙනවා. මීට අමතරව සංචාරක ව්‍යාපාරය තුල කාන්තාවන්ගේ කොටස පසුගිය වසර 10 තුළ නැගී එන ආර්ථිකයන්හි වැඩිපුරම වර්ධනයවී ඇති අතර එම රටවල සවිබලගැන්වීමේ මෙවලමක් ලෙස මෙම අංශය දියුණු වෙමින් පවතිනවා.
ඊට අමතරව කාන්තාවන් ආදායමක් උපයන විට ඔවුන්ගේ දරුවන් දැනුවත් කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ගැහැනු ළමයින්ට අධ්‍යාපනය ලබා දීමට වඩා හොඳ මාර්ගයක් ඇතිවෙනවා. ඒ ඔවුන් උපයන මුදල පවුලේ සුබසිද්ධිය උදෙසා ආයෝජනය කිරීමට වැඩි වශයෙන් පෙළඹීම නිසයි.
ලෝක බැංකුවට අනුව සංචාරක කර්මාන්තය කාන්තාවන්ගේ ප්‍රබල නියෝජනයක් ලැබෙන්නේ මෙම අංශයේ සුවිශේෂී ලක්ෂණ නිසයි. බොහෝ විට විධිමත් අධ්‍යාපනය සහ පුහුණුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම පුද්ගලික හා ආගන්තුක සත්කාර කුසලතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් ඒ අවස්ථා වැඩි දියුණු කරගැනීමට හැකියාව ලැබෙනවා.
මෙවැනි කරුණු හේතු නිසා ලෝකයේ සෑම රටකටම සංචාරක කර්මාන්තය කාන්තාවන් සවිබල ගැන්වීමේ මාර්ගයක් බවට පත්වී තියෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
715 Views
Comments