සත්ව ලෝකයේ කෑම නාස්ති කරන ගිරවුන්

ගිරවුන් කියන්නේ නාස්තිකාර සත්ත්ව කොට්ඨාශයක් බව බොහෝ දෙනා පවසනවා. මොකද ඔවුන් විශාල ලෙස ආහාර නාස්ති කරනවා. ඔබත් ගිරවෙක් ගෙදර ඇති කරනවා නම් ඔහුට දෙන කෑමවලින් බොහොම ප්‍රමාණයක් නොකා ඉවත දමන බව දැක ඇති. මේ පිළිබඳ ස්පාඤ්ඤ පර්‍යේශිකාවක් වන Sebastian Gonzales ඇතුළු පිරිසක් පර්යේෂණයක් සිදුකළා.
The external frequency and ecological foot wasting buy parrots නමින් වූ මේ අධ්‍යයනය Scientific Reports නවතම කලාපයේ පලවී තියෙනවා. මේ අධ්‍යයනයේදී පෙනී ගොස් තියෙන්නේ ගිරවුන් සැබැවින්ම ඉතාම නාස්තිකාර අන්දමින් ආහාර නාස්ති කරන බවයි. මිනිසුන් සැලකුවහොත් සියයට තිහක පමණ ප්‍රතිශතයකින් ආහාර නාස්ති කරන බව හෙළිවී තියෙනවා. හෝටල් වැනි ස්ථාන සැලකුවොත් මේ නාස්තිය 10% සිට ඉහළ අගයක පවතිනවා. ගෙවල් වල සිදුවන ආහාර නාස්තියක් 10% කට ආසන්නයි.
කෙසේ වෙතත් ගිරවුන්ගේ ආහාර නාස්තිය 50% ඉක්මවන බව මේ අධ්‍යයනයෙන් පෙන්වාදී තියෙනවා. මේ නාස්තිකාර ක්‍රියාව එක රටක දෙකක හෝ මහද්වීපයක හෝ සිටින ගිරවුන්ට විශේෂ දෙයක් නොවෙයි. මුළු ලෝකය පුරාම විසිරී සිටින සෑම ගිරා විශේෂයක්ම කෑම නාස්ති කරන්න හපනුන් බව මේ අධ්‍යයනයෙන් සොයාගෙන තියෙනවා.
මෙහිදී රටවල් දාහතක සිටින ගිරා විශේෂ 135ක් අධ්‍යනයට යොදා ගෙන තියෙනවා. මේ රටවල් 17 මහද්වීප පහකට අයත් ඒවා.
මේ ගිරවුන් තමන් පරිහරණය කරන සියළුම ආකාරයේ ආහාර පලතුරු ශාක ඇට නාස්ති කරන බව පෙනී ගොස් තියෙනවා.
විශේෂයෙන්ම පලතුරු ගස්වලින් කඩාගෙන කන විට ඔවුන් එයින් ඉතා ස්වල්පයක් පමණක් අනුභව කොට ඉතිරිය බිම දමා යන බව පෙනී ගොස් තියෙනවා. සමහර විට මේ පලතුරු 5%-6% ප්‍රමාණයක් වත් අනුභව නොකර තිබෙනවා. ඇතැමුන් පලතුරු වලට කෙටීමක් පමණක් කොට ඒවා පරිහරණය නොකර බිම දමා යනවා. මෙලෙස පරිහරණය නොකර වැඩිපුරම බිම දමා ගොස් තියෙන්නේ ඉතා අමු පලතුරු බව පෙනී යනවා.
එසේම මෙලෙස නොකා තිබූ පලතුරු පරපෝෂිතයන් සහිත පලතුරු බහුල වෙනවා. ඒ කෙසේ වෙතත් ඉතා හොඳට ඉදුණු පළතුරු වෙනත් කුරුල්ලන් කිසි විටෙක බිම හෙලන්නෙ නැතැයි සිතන පළතුරුද ටිකක් කෑමෙන් පසු ඉවත හෙලීම ගැන විශේෂඥයන් මවිතයට පත්වෙනවා.
ඔවුන් එසේ කරන්නේ අන් සතුන් ගැන සිතීමෙන් විය හැකි යැයි විද්‍යාඥයන් අනුමාන කරනවා. විද්‍යාඥයන් එසේ ප්‍රකාශ කරන්නේ මේ ගිරවුන් ඉවතලන ආහාර කොටස්වලට සිදුවුණු දේ නිරීක්ෂණය කිරීමෙන් පසුවයි. මෙසේ බිම දමන පලතුරු වලින් වැඩි කොටසක් කන්නට නිරතුරුවම වෙනත් සතුන් පැමිණෙන බව පරීක්ෂකයින් පෙන්වා දෙනවා. පියෑඹීමට හෝ ගස් නැගීමට හෝ නොහැකි පක්ෂීන් මෙන්ම සිවුපාවුන්ද ඒ අතර වනවා. මේ සතුන් ගිරවුන් රැඳෙන ගස් අසල බහුලව ගැවසෙන බව ඔවුන් පෙන්වා දෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1303 Views
Comments