ඩයිනෝසරයන්ගේ ගැහැණු පිරිමි විද්‍යාඥයන් පටලවාගෙනද?

වැරදීම් සිදුවන්නේ සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොවෙයි. මේ විද්‍යාඥයන් අතින් සිදුවූ වැරදි නිගමනයක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමක්.
පිරිමි සහ ගැහැණු ඩයිනෝසරයන් අතර වෙනස හඳුනා ගැනීමේදී බොහෝ වැඩ වැරදි සිදු වී ඇති බව නව පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙනවා. ඩයිනෝසර් පොසිල වලින් ඔවුන්ගේ ලිංගිකත්වය නිවැරදිව හඳුනාගෙන තිබේද යන්න පිළිබඳ විවාදය වසර ගණනාවක් තිස්සේ පැතිරෙමින් පවතිනවා. ඒ අනුව ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් මෙය පිළිබඳ නව පර්යේෂණ මගින් මෙම වෙනස හඳුනා ගැනීම ඉතාම අපහසු බව ඔප්පු වී තිබෙනවා. වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කිඹුලන් විශේෂයක් වන Modern-day gharials විශේෂයේ හිස්කබල් කණ්ඩායම් විශ්ලේෂණය කර පොසිල මත පමණක් පදනම්ව පිරිමි සහ ගැහැණු සතුන් වෙන්කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යනය කර තිබෙනවා. පොසිල වලදී එම පිරිමි, ගැහැනුන්ට වඩා විශාල වන බව සත්‍ය වන නමුත් මෙම විශේෂයට අයත් සිරුරේ ඇතැම් මෘදු පටක හොඳින් පොසිල නොවනු ඇතිබව වාර්තා වෙනවා. නමුත් නාස්පුඩු අසල අස්ථි කුහරය ආධාරයෙන් ඒවා හිස් කබල් ලෙස දැකිය හැක. ලොව පුරා කෞතුකාගාරවල මෙම විශේෂයේ දර්ශක 106 අධ්‍යනය කිරීමෙන් පර්යේෂකයෝ සොයාගත්තේ පුරුෂයන් තුළ ආඛ්‍යානයමය ෆෝසා පැවතීම හැරුණු විට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම වෙන් වෙන්ව වශයෙන් පැවසීම ඉතා අපහසු බවයි.
ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩේවිට් හෝන් පැවසූවේ ඩයිනෝසරයන්ද මේ දුර්ලභ කිඹුලන් මෙන්ම බිත්තර දමන මන්දගාමීව වැඩුණු උරගයන් විශේෂයක් බවයි. ඔවුන්ගේ පර්යේෂණයේ නිදර්ශන ඇසුරෙන් පෙන්වා දෙන්නේ ලිංගිකත්වය පිළිබඳ පූර්ව දැනුමක් තිබියදීත් පිරිමි සහ ගැහැණු gharials වෙන් වෙන් වශයෙන් පැවසීම තවමත් දුෂ්කර විය හැකි බවත් ඒ සඳහා ඩයිනෝසරයන් පිළිබඳ භාවිතා කරන දත්ත කට්ටලයට වඩා විශාල ප්‍රමාණයක් ඔවුන් සතුව නොමැති බවයි. මෙම සතුන්ගේ ලිංගිකත්වය නිවැරැදිව නොදන්නා බවත් එය නිර්ණය කිරීමේ කාර්යය වඩාත් දුෂ්කර වනු ඇතැයි විශ්වාස කරන බවයි.
ඩයිනෝසරයන් ගැන අදහස් පල කිරීම ඉතා අපහසු බව පවසන අතර ඇටසැකිල්ලේ විශාලත්වයෙන් පමණක් එය පැවසීම අසාධාරණ වන බවද පෙනව දෙනවා. මෙම පර්යේෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඩයිනෝසරයන් අතර ඇති වෙනස්කම් සැබැවින් ම කැපී පෙනෙන අවස්ථාවන් හැර පැහැදිලි ලක්ෂණයක් නොමැති අවස්ථාවකදී පවතින ඩයිනොසෝරයෝසරයන්ගේ ඇටසැකිල්ලේ ප්‍රමාණය සැලකීමට ලක් කරමින් ඒ ගැහැනුද පිරිමිද යන ලෙස වර්ගීකරණයට මේ තාක් විද්‍යාඥයන් පෙළඹ සිටි ඇති බවයි.
by Dilki Shamani
Source : news.sky.com
2364 Views
Comments