ගිවිසුමක් කඩ වීමෙන් පසු කළ හැකි නීතිමය පිළියම්

නීත්‍යානුකූලව බැඳෙන සම්බන්ධතාවක් ඇතිකර ගැනීමේ අරමුණෙන් පාර්ශව දෙකක් අතර ඇති කරගනු ලබන එකගතාවයක් ගිවිසුමක් යනුවෙන් හඳුන්වනු ලබයි. ගිවිසුමකට පාර්ශව දෙකක් සම්බන්ධ වන අතර එක් පාර්ශවයක් අර්පණකරු ලෙසද අනෙක් පාර්ශවය අර්පණලාභියා ලෙස ද හැඳින්වේ. වාචිකව, ලිඛිතව හෝ පාර්ශවවල ව්‍යංග හැසිරීමෙන් ගිවිසුමක් ඇතිකර ගත හැකිය.
වලංගු ගිවිසුමක් ඇතිකර ගැනීමේදී නිශ්චිත ව්‍යවස්ථාපිත අවශ්‍යතාවන්ට අනුකූල වීම සඳහා පිළිපැදිය යුතු සුවිශේෂී ආකෘතිය හෝ ස්වරූපය හෝ ක්‍රියාපටිපාටිය ගිවිසුමක ආකෘතිය යනුවෙන් අදහස් වේ. ගිවිසුමක් කඩ වීම යනු ගිවිසුමේ එක් පාර්ශවකරුවෙක් ගිවිසුමේ ප්‍රකාර යුතුකම් හා බැඳීම් ඉටු කිරීමට අසමත් වන විට හෝ තමන්ට ගිවිසුම්ගත යුතුකම් හා බැඳීම් ඉටුකිරීමට නොහැකි බව අනෙක් පාර්ශ්වකරුට දන්වා සිටින අවස්ථාවකදීය. එවැනි කඩ කිරීමකදී බලපෑමට ලක් වූ නිර්දෝෂී පාර්ශවයට ගත හැකි නීතිමය පිළියම් කිහිපයක් පවතී. එක් පාර්ශවකරුවෙකු විසින් ගිවිසුම කඩ කළ විට ගිවිසුම ප්‍රජහනය වූ ලෙස සලකා ඒ මත තවදුරටත් කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කිරීමට නිර්දෝෂී පාර්ශවයට අයිතියක් ඇත. එහෙත් එවැනි සිද්ධියකදී ගිවිසුමේ ප්‍රතිවිරුද්ධ යමක් ඇතුළත්ව නොමැතිනම් ගිවිසුමෙන් තමන් වෙත ලැබුණු ඕනෑම ප්‍රතිලාභයක් ආපසු භාරදීමට හෝ ප්‍රතිෂ්ඨාපනය කිරීමට නිර්දෝෂී පාර්ශවකරුට වගකීමක් ඇත. ගිවිසුම් නීතියේ දී අතෘප්ත පාර්ශවකරුට හානි වන්දි ගෙවීමේ අරමුණ හෝ අභිලාෂය වන්නේ ගිවිසුම ඉටු කරනු ලැබුවා නම් එකී පාර්ශවය පත්ව හැකිව තිබූ තත්වයේ පිහිට වීමයි. අනෙක් පාර්ශ්ව කරුට ප්‍රතිලාභයක් ගෙනදෙන යම් කාර්යයක් එක් පාර්ශවකරුවෙක් කර ඇති විට මෙම පදනම මත එක් අනෙක් පාර්ශ්ව කරුට එරෙහිව නඩු පවරා තමන් විසින් කරන ලද වැඩ වලට හා ක්‍රියාවට වන්දි ප්රදානයක් ලබාගැනීමට පළමු කී පාර්ශවකරුට හැකිවේ. ගිවිසුමෙන් තමන් වෙත පනවන ලද බැඳීම් ඉටුකරන ලෙස ගිවිසුම කඩ කළ පාර්ශවයට අධිකරණ නියෝග ලබා ගැනීමටද හැකියාවක් පවතී. තවද වාරණ නියෝගයක් සඳහා නඩු පැවරීමට ද හැකියාවක් ලැබෙන අතර එහිදී සිදුවන්නේ ගිවිසුමක් යටතේ පාර්ශවකරුවෙක් තමන්ගේ බැඳීම් කඩ කිරීම තහනම් කරමින් අධිකරණය විසින් දෙනු ලබන නියෝගයක් ලබා ගැනීමයි. මෙය අධිකරණයේ අභිමතය පරිදි පවතින සාධාරණනාත්මක පිළියමක් වේ. තවද අයථා ධනලාභ යටතේ සහන ඉල්ලීමටද පුළුවනි. අයථා ධන ලාභයෙන් ප්‍රකාශවන්නේ අසාධාරණ ලෙස ලැබී ඇති සහ රඳවා ගනු ලැබ ඇති දේපල සේවාවන් හෝ වෙනත් ප්‍රතිලාභ සඳහා සාධාරණ වටිනාකමක ප්‍රතිෂ්ඨාපනයක් නොකර අනෙකෙකුට පාඩු ඇති කර ලාභ ලැබීමට කිසිදු පුද්ගලයකුට අවසර නොදිය යුතුයි යන්නයි. සාමාන්‍යයෙන් පාර්ශවකරුවන් දෙදෙනා අතර ලිඛිත ගිවිසුමක් නොමැති විට මෙම සාධාරණ විකුණුම අපේක්ෂා කරයි. එමනිසා නිර්දෝෂී පාර්ශවයට සාධාරණය ඉෂ්ට කිරීමට අධිකරණය පාර්ශවකරුවන්ගේ පැවතුම් පරීක්ෂාකර බලා ව්‍යංග ගිවිසුමක් සකස් කිරීමට උත්සාහ කරයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
975 Views
Comments